සජිත් හිරවෙන ගැටයක් රනිල් තද කරයි.. කලොත් අලියා වෙනස් කරන්න සූදානම්..

February 13, 2020 at 10:00 am | lanka C news
සජිත් හිරවෙන ගැටයක් රනිල් තද කරයි.. කලොත් අලියා වෙනස් කරන්න සූදානම්..

එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධානත්වයෙන් බිහිවන නව සන්ධානය සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ රාත්‍රිය සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

එහිදී වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ එම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක් වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් මැතිවරණ ලකුණක් යොදා ගැනීමට හැකියාවක් ඇති බවයි.

රාජපක්ෂ විරෝධී පුළුල් පෙරමුණක් ලෙස නව සන්ධානයක් ගොඩ නැගුවහොත් ඊට ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් වන්නේ නම් අනිවාර්යයෙන්ම වෙනස් ලකුණක්ද යොදාගැනීමට ද සිදුවන බව ඔහු පෙන්වා දී ඇත.

එසේ නොමැතිව අලියා ලකුණ අතහැර වෙනත් ලකුණක් යොදා ගැනීම කිසිදු තේරුමක් නැතැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

දැනට සන්ධානයට එක්ව සිටින පිරිස 2015 වසරේදී ද එක්ව සිටි බවත් එහිදී ඔවුන් අලියා ලකුණින් තරඟ වැදුණු බවත් ඒ අයුරින්ම මෙවරද තරග වැදිය හැකි බවත් පක්ෂ නායකයා පෙන්වා දී තිබේ.

37,471 Viewers

4 Comments to “සජිත් හිරවෙන ගැටයක් රනිල් තද කරයි.. කලොත් අලියා වෙනස් කරන්න සූදානම්..”

  1. බන්ඩා says:

    දැනට සන්ධානයට එක්ව සිටින පිරිස 2015 වසරේදී ද එක්ව සිටි බවත් එහිදී ඔවුන් අලියා ලකුණින් තරඟ වැදුණු බවත් ඒ අයුරින්ම මෙවරද තරග වැදිය හැකි බවත් පක්ෂ නායකයා පෙන්වා දී තිබේ. ඇත්ත සහතික ඇත්ත.

  2. Lebbe says:

    Jappo kohomath innawane. Hitan saha anibal eyi. Okath prasnayakda? prashne chanden adana 40 k wath hambaeeyida kiyana ekayi.

  3. Nimal R says:

    JVP කියන්නේ නම් ඉතිං UNPමනේ.

  4. 'රනිල-කැල' says:

    මචෝ දැනගනින්…
    සජිත්ගේ අලුත් පක්‍ෂයේ ලාංචනය ගැන……
    ‘හදවත’ ” රතු පාටින් “… වටේට ” කොල පාටින් ”
    ඉදිරි කාලේදි.. විල්පත්තු රජා කැලෑ කපලම..
    රතුපාට හදවත පෙනුම “”” රවුම්””” කලොත්…..
    උඹලා දන්නවාද …. ..
    ” මුස්ලිම් ” රටක්වන…
    ” බංගලදේශයේ ” ලාංචනේ කියල….!!

Main News