සජිත් හෝ ඔහුගේ තාත්තා රස්සාවක් කර නෑ.. පාරම්පරික ධනවතුන් හෝ ව්‍යාපාරිකයන් නොවේ.. මෙතරම් ධනය කොහෙන්ද..

October 5, 2019 at 6:48 pm | lanka C news
සජිත් හෝ ඔහුගේ තාත්තා රස්සාවක් කර නෑ.. පාරම්පරික ධනවතුන් හෝ ව්‍යාපාරිකයන් නොවේ.. මෙතරම් ධනය කොහෙන්ද..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එම පක්‍ෂ මූලස්ථානයේ කැදවා තිබු මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රස කතා එකතුවට තවත් රස කතාවක් එතුමා එකතු කළා. ඒ තමයි එතුමා වැටුප් දීමනා කිසිවක් ලබා නොගෙන ජීවත් වෙනවා කියන එකයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජීවිතයට රස්සාවක් කරපු කෙනෙක් නොවේ. වෘත්තියක් කරපු කෙනෙක් නොවේ. ව්‍යාපාරයක් කරපු කෙනෙක් නොවේ. එහෙම නම් වැටුප් නොලබා ජීවත් වෙන්නේ කොහොමද? පරම්පරාවෙන් හිමි වුණු ධනයක් තිබෙනවා ද කියලා සොයලා බැලුවා. බැලින්නම් සජිත් මැතිතුමා විතරක් නොවේ එයාගේ තාත්තාත් ජීවිතයට රස්සාවක් කරලා නෑ. ජීවිතයට වෘත්තියක් ව්‍යාපාරයක් කරලා නෑ. එහෙම නම් පරම්පරා ධනයක් ලැබෙන්න විධියකුත් නෑ.

වෙනත් ආදායමකුත් නැතුව වැටුප් ලබා ගන්නේ නෑ කියන්නේ ජාවාරම්කාර මුදලාලිගෙන් නඩත්තු වෙනවා කියන එකයි. ටෙන්ඩර් මගඩි කරන්න රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණන්න ජාවාරම්කාර මුදලාලි සමග එකතු වෙනවාට වඩා පුංචි වුණත් ඒ වැටුප ලබා ගෙන ඒකට ගැලපෙන විධියට සරලව ජීවත් වීම නම්බුකාරයි කියලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

35,282 Viewers

29 Comments to “සජිත් හෝ ඔහුගේ තාත්තා රස්සාවක් කර නෑ.. පාරම්පරික ධනවතුන් හෝ ව්‍යාපාරිකයන් නොවේ.. මෙතරම් ධනය කොහෙන්ද..”

  1. Kasun says:

    Etakota rajapaksha karapu job eka mokada?

    • දිනූෂා පෙරේරා says:

      මහින්ද කියන්නේ උසාවි ගිය නීතිවේදීයෙක්. ඒ වගේම මම වැටුප් ගන්නේ නෑ කියා කවදාවත් කියා නෑ.

      • Don sarath rupasiri dsr kannangara says:

        Well Said

      • sam says:

        දිනුෂා පෙරේරා, මහින්ද රාජපක්ෂ මහතා විභාග සමත් වී සුදුසුකම් මත නීතිඥයෙකු වූ කෙනෙක් නොවේ. එකල (70-77) පාර්ලිමේන්තුවේ සිටි උගත් , වැදගත් දේශපාලනඥයෙකු වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ සිටින නූගත් මන්ත්‍රීවරුන්ට යම් තරමකට හෝ දැනුමක් ලබාදීම සඳහා ඔවුනට මුලික සුදුසුකම් නොමැතිව නීති විද්‍යාලයේ ඉගෙනීම ලැබීමට අවස්තාව ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් හැටියට, මන්ත්‍රී කෙනෙක් ලෙස, මහින්ද රාජපක්ෂ මහතා නීතිය ඉගෙන ගත්තා. එහෙම නැතුව වෘත්තීය නීතිඥයෙකු නොවේ. එතුමා මන්ත්‍රී ධූරය ලැබීමට පෙර කල රැකියාව වූයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහායක කමයි.

        • Me4 says:

          ඉතින් එහෙම නීති විද්‍යලයට ගිය හැමෝම විභාග පාස් වුනාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නම වෘත්තීය නීතිඥයෙක් නොවෙයි ද? එහෙමනම් ඔය නඩුවලට පෙනී හිටියෙ කොහොමද?
          පරම්පරා ධනයකට හිමිවූවකු රැකියා නොකලත් මොකද?
          බණ්ඩාරනායක මහතා එජාප හැර යනවිට ඒ සමග එක්වූ මංත්‍රී රාජපක්ෂ කවුද කියල දන්නවද?
          අැත්ත හා මඩ යනු එකක් නොවන බව තේරුම්ගැනීමටද බුද්ධිය අත්‍යවශ්‍යය.

        • Me4 says:

          ඉතින් එහෙම නීති විද්‍යලයට ගිය හැමෝම විභාග පාස් වුනාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නම වෘත්තීය නීතිඥයෙක් නොවෙයි ද? එහෙමනම් ඔය නඩුවලට පෙනී හිටියෙ කොහොමද?
          පරම්පරා ධනයකට හිමිවූවකු රැකියා නොකලත් මොකද?
          බණ්ඩාරනායක මහතා එජාප හැර යනවිට ඒ සමග එක්වූ මංත්‍රී රාජපක්ෂ කවුද කියල දන්නවද?
          අැත්ත හා මඩ යනු එකක් නොවන බව තේරුම්ගැනීමටද බුද්ධිය අත්‍යවශ්‍යය.
          එමෙන්ම අාර් ප්‍රේමදාස මහතාද 1960 සිටම පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු ලෙස රැකියාව කර අැත.

      • Trotsky says:

        During his early days before becoming a lawyer MR worked in the J’Pura University library.

    • එක්නැලිගොඩ says:

      යකො මැද මුලනෙ රාජපක්ෂල පරම්පරාවේන්ම වලව් කාරයො. ඒ මිනිස්සුට ඒ කාලෙත් සෑහෙන දෙපලක් තිබූනා.

    • Padma says:

      Rajapakshala job ekak kalada?

  2. Mr. Alert says:

    Mama nodanna hinda ahanne meyagen…ethakota Mahinda rassawak karada?
    Eyata metchachara salli kohenda?
    Oyath podi rassawak kare Finance co. ekaka. Oyata otchara salli kohenda?

    • බන්ඩා says:

      හැම රාජපක්ෂ කෙනෙක්ම රක්ෂාවක් කලා.

    • Araliya says:

      Rajapaksha warunge piya paramparika ida kadam thibu ayayi. Ekai ada tath giruwapaththuwe, veeraketiye janathawata athara piligeneema thiyenne. Mahinda mahaththaya nam lawyer kenek mama danna tharamata. Honda a Udaharanaya thamai “Sooriya Kanda” samuuha mini wala. Embilipitiya pasal thunakma daruwanta wada dee ghathanaya kala welawe lawyer vidihatath peni hitiya.

      Lavariya vikunala metharam pihosath wenna behe neda?

    • rana says:

      Hey Alert, Don’t you know that MR is a lawyer? Every Rajapaksha’s did a job. And they inherited paddy fields, plantations from their ancestors. What the heck Premadasa’s had before he became President. Only the Lavariya Business.

  3. Podikolla says:

    Meka kata danne nathi kisima deyak may loke naha

  4. ලෙබ්බේ says:

    ගම්මන්පිල ලොක්ක මොනව දන්නවද රණසිංහ ප්‍රේමදාස මහතාගේ පියා රික්ෂෝ කරත්ත කුලියට දීල ලැවරිය විකුණලා හම්බකරපු සල්ලි තවමත් ඇති, දන්නේ නැත්නම් පිටකොටුවේ කෙහෙල්වත්තේ සුචරිතේ පැත්තේ ඉන්න වයසක මනුස්සයෙකු ගෙන් අහල බලන්න,

  5. Nim says:

    NEYAMY
    SAJITH GE RAKIYAWA
    NIDAN HAREEMA NOWEDA?
    EETA AMATHARAWA
    RAJAYE MUDAL
    SORA KAMA NOWEDA ?

  6. Sumith says:

    Janadhipathi salary ekath dan denawa kiyala sri mukayen kiyala thiyenne. Jeppongen ahuwath denaganna puluwan weyi.

  7. Kumar says:

    Sajith premadasa newei magic premadasa. Ekai call nethuwa jeewath wenna puluwan kiyanne

  8. Kumar says:

    Sajith premadasa newei magic premadasa. Ekai salli nethuwa jeewath wenna puluwan kiyanne

  9. wanniyalage aththo says:

    nidan – bili , yaga ….

  10. rana says:

    Srilanka is a treasure island. So the treasure hunters always there. Treasure hunters no need to do the jobs.The only thing they don’t know or understand is by stealing ancient treasures, they will become “Bahiravyo” in next birth. And Karma will hunting them until they become beggars within this “Bavaya”.

  11. 77 UNP says:

    The land situated Taj Samdra Hotel leased by Alocius Mudalali at 80s 300 millions Rs. The ministr of Fisheries leased 99 yrs to Aloocius Rs 0.4 millions. Allocius is a top man of Ranasinghe Premadasa. You can link the story now.

  12. Janaka from Matara says:

    These morons taunted Sajith how his wife never become “Aryawa” while they thought UNP will end up in two separate shitpiles. Now UNP roared back into one singular force, suddenly these guys are mourning Sajith having some wealth.
    Use the agencies investigating these things. The legal system here is as good as anywhere in the world some of you said after Apeal Court

  13. invisible says:

    Salli -“Daisy Achchige Manik Mallen”

    • Me3 says:

      තවම ගොං කතා. ඔප්පුකරගන්න බැරිවුණ බොරු කප්පරයි. අනේ මීගොනා.

  14. Ratnamalala says:

    සජිත්ගේ සීයා මූඩ්ලියර් කෙනෙක් කියල එයාගේ තාත්තා කියල තිබුණ .මම හිතන්නේ පාරම්පරික වලව්කාරයෝ වෙන්න ඇති.නින්දගම් හෙම තියෙන්න ඇතිනේ. ඉතින් සල්ලි වකාරෙට ඇති පඩිය නොගත්තාට. හැබයි තාත්තා කොළඹ නගර සභාවට මුලින්ම තේරුණ වෙලාවේදීනම් ඒ පළාතේ චන්ද දායකයෝ එකතුවෙලා තමා මියිනර් වර්ගයේ කාර් එකක් අරන්දීල තියෙන්නේ.

  15. gamarala says:

    මොන වැරදි තිබුනත් හෙළයෙක් පෝසත් වීම ගැන අපි ආඩම්බර විය යුතුයි

  16. මේ ආඩ පාලි කතා එපා ලොක්කෝ...කෙහෙල්වත්තේ ලැවරිය මුදලාලිත් ගේම දුන්නා නියමෙට....JR මාමාට.... says:

    මේ ආඩ පාලි කතා එපා ලොක්කෝ…කෙහෙල්වත්තේ ලැවරිය මුදලාලිත් ගේම දුන්නා නියමෙට….JR මාමාට….ඒ කතා නවත්තල ශ්‍රී අඩෝ මුකේ සුද්ද කරන එන්ට කියපන්කො.

  17. Wiirappuli Nilame says:

    තාත්තගෙ තාත්තා රස්සාවක් කළා. ඒක පිය උරුමයෙන් තාත්තාට ලැබුනා. තාත්තගෙ රස්සාව පුතාටත් හොඳට පුරුදු කලා. තාත්තගෙ තාත්තා ගොඩක් සල්ලි හම්බකලා. ඒව වැඩකරපු ගලයට තැම්පත් කලා. ගල තාම තියෙනවා.

Main News