සජින් වාස්ට විරුද්දව එජාප මන්ත‍්‍රීන් අවි අමෝරති.. නාම යෝජනා දෙනවාට දැඩි විරෝධය..

October 25, 2019 at 12:40 pm | lanka C news
සජින් වාස්ට විරුද්දව එජාප මන්ත‍්‍රීන් අවි අමෝරති.. නාම යෝජනා දෙනවාට දැඩි විරෝධය..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී ඇතැයි වාර්තා වේ.

පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට විරුද්ධව කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතාට දූෂණ චෝදනා රාශියක් එල්ල වී තිබෙන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන නායකයන්ට මේ සම්බන්ධව කරුණු පෙන්වාදී ඇතැයි වාර්තා වේ.

ලබන මහ මැතිවරණයේදී එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදුනොවන ආකාරයට නාමයෝජනා සකස් කරන ලෙසත්, සජින්ද වාස් ගුණවර්ධන මහතාට නාමයෝජනා ලබානොදෙන ලෙසත් එම මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන නායකයෙකුට මෙම කරුණ පැහැදිලි කළ අවස්ථාවකදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදු නොවන ආකාරයට තීන්දු තීරණ ගන්නා බව එම නායකයා අවධාරණය කර ඇත.

– ada

54 views

5 Comments to “සජින් වාස්ට විරුද්දව එජාප මන්ත‍්‍රීන් අවි අමෝරති.. නාම යෝජනා දෙනවාට දැඩි විරෝධය..”

  1. සදාලෝකපූජිත says:

    කොහොමත් එකයි ඔක්කොම ගෙදර යනවා නෙ.

    • 🧛‍♀️👹🧛‍♀️👹🧛‍♀️ says:

      මූ මහ එපා කරපු සතෙක්…🧛‍♀️🧛‍♀️🧛‍♀️👹…
      2014 බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට කනට පහර දුන් විදේශ අමාත්‍යාංශයේ සජින් වාස් ගුණවර්ධනයි..!

  2. Kaduwela Silwa says:

    මෙයා කොහොම දිනනද. දැනට ඉන්න 4දෙනා ගෙන් අනිවාර්‍යයෙන් 1ක් ගෙදර සමහර විට දෙන්නෙකුට තමයි යු.ඇන්.පියෙ චාන්ස් තියෙන්නෙ.ඉතින් පියසේන ගමගේ,මනුශ නානා ලත් මංත්‍රිකම් බලාපොරොත්තු වෙනව. යන්තම් වජිරයි,ගයන්තයි බේරෙයි. විජේපාල්ත්, බන්ඩාරිගොඩටත් අබ සරන්යි. සජින් ලිස්ට් එකේ 7ට ආවොත් ඇති.

  3. සිංහලයා says:

    ඕකා කම්බ හොරෙක්.කෙහොමත් හොරු ලඟට තමයි හොරු ඇදෙන්නේ.

  4. aniwa says:

    Sajin sir don’t worry, Gota sir will look after you. You should get our foreign ministry.
    Jay wewa !

Main News