සජිවී චාමිකර කියූ සිංහරාජ හෝටලේ කතාවට යෝෂිත තවමත් නඩු පවරා නෑ…

September 16, 2020 at 10:02 pm | lanka C news
සජිවී චාමිකර කියූ සිංහරාජ හෝටලේ කතාවට යෝෂිත තවමත් නඩු පවරා නෑ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් පරිසරවේදී සජීව චාමිකර මහතාගෙන් වන්දි ඉල්ලා මේ වන තෙක් අධිකරණය හමුවේ නඩු පවරා නැත.

නමුත් ඒ සඳහා වන කටයුතු සූදානම් වෙමින් ඇති බව අදාල සිදුවීම සම්බන්දයෙන් නීති කටයුතු බාර දී ඇති නීතිඥ සමාගම සදහන් කරයි.

කෙසේ වෙතත් අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ කණගාටුව ප‍්‍රකාශ කරන ලෙස අවසන් වතාවටද නීතීඥවරුන් මහා මාර්ගයෙන් නැවතත් සජීව චාමිකර මහතාගේ පාර්ශවය වෙත දන්වා ඇතත් ඒ සඳහා ද එකගතාවක් නොපෙන්වීම නිසා ස්ථිර වශයෙන්ම නඩු පැවරීමට තීරණය කර ඇත.

සිංහරාජ රක්‍ෂිතයේ රෝහිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත් ඒ හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ එම හෝටලයට ලගාවීම පහසුවට බවත් චාමිරක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කලේය.

ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යෝෂිත රාජපක්ෂ මහතා අදාළ අසත්‍ය චෝදනාව හේතුවෙන් තමන්ට වූ අපහාසයට රුපියල් මිලියන 500 ක් වන්දි මුදලක් සතියක් ඇතුළත ලබා දෙන ලෙස නීතිඥ සමාගමක් මාර්ගයෙන් දැනුම්දී තිබුණේ පසුගිය මස 24 වැනිදාය.

39,418 views

4 Comments to “සජිවී චාමිකර කියූ සිංහරාජ හෝටලේ කතාවට යෝෂිත තවමත් නඩු පවරා නෑ…”

  1. ABN says:

    දාන්න ඔකුන්ට නඩු…කට ඇරියොත් පච සහා මඩ..

  2. Sam - Canada says:

    possibly a true story, then?

  3. podinilame says:

    meayata pera,
    meya boru satalite erala winasa kala million 100 wedi mahajana mudal apasu aya karaganna nadu damu . hakke budures, munge bokke dadamas.

  4. Kadiya says:

    වාචාලකම තිබුනට හිතෙන හිතෙන දේවල් කියවන්න බැරිබව නොදන්නා කාලකන්ණි හට අමතක නොවන පාඩමක් ඉගැන්වීම යෝෂිත රාජපක්ෂ මහතාගේ වගකීමක් සහ අයිතියක්. හැබැයි තමුන් සජීව චාමිකර මහතා වෙත එන්තරවාසියක් යවලා මාධ්‍ය මගින් ඊට ප්‍රසිද්ධියක් දුන්න නිසාම දැන් බෝලෙ තියෙන්නේ යෝෂිත රාජපක්‍ෂ මහත්තයාගේ පැත්තේ. ඒත් එක්කම යෝෂිත රාජපක්ෂ මහතාගේ කිර්ති නාමය රුපියල් මිලියන් 500 හෝ ඊට වඩා වටිනවා කියල යෝෂිත රාජපක්ෂ මහතා කිව්වට එතරම් වටින කිර්ති නාමයක් යෝෂිත රාජපක්ෂ මහතා හට නැහැ කියල සජීව චාමිකර මහතා හටත් ඔප්පු කරන්න පුළුවන් නේද?

Leave a Comment

Main News