සටන ඇවිලෙයි.. රූපවාහිනී සංස්ථාව ජනාධිපති යටතට පවරා ගනී..

September 9, 2019 at 9:01 pm | lanka C news
සටන ඇවිලෙයි.. රූපවාහිනී සංස්ථාව ජනාධිපති යටතට පවරා ගනී..

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

ඒ සඳහා වූ ගැසට් නිවේදනයද නිකුත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේය.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් කිරීමත් සමග එහි කලක් තිස්සේම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ නියෝජිතයන් බව පවසමින් අද දහවල් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ මැර පිරිසක් හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම කඩිනම් තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙයි.

රුවන් විජේවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යයි කියන වරුණ රාජපක්ෂ නමැත්තෙකු විසින් මැර කණ්ඩායමක් වූ සංස්ථාව ඇතුළට ගෙන ඒමට අවසර ඉල්ලා සිටි බව එහි සභාපතිවිය වන ඉනෝකා සත්‍යාංගනි විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා කැළඹීමක් ඇති වීම වැළැක්විය අර්ථයෙන් මෙම පවරා ගැනීම සිදුකර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

67,593 Viewers

12 Comments to “සටන ඇවිලෙයි.. රූපවාහිනී සංස්ථාව ජනාධිපති යටතට පවරා ගනී..”

  1. නිළමේ says:

    මෙයා නං මාරම මාරයි ඒ! හරි නෝටියි!

  2. john the baptice says:

    රනිල් කිවේ ජනාදිපතිට බලයක් නැහැ කියලා දැන් තරු පේනවා ඇති

    • Rata Wenuwen says:

      විවස්තාව ඇත්තේ ඉන්ගිරිසියෙන්, ආප්ප පඹයාට එය කියවා වටහාගන්න බැහැ, කපටි නරියට මිදි ඇඹුලයි නේ

  3. MD says:

    Obatumage konda kelinnam karanna tiyena ekama de badumkara nadu iwara wanatek Ranil Ravi denna December antima wenakan niwasa adassiye tabanna.Thanks

  4. Ariyathilaka says:

    පහනක් නිවීමට යනකල දැල්ල පබා,
    වැඩි වී එළිය ගෙනදෙයි එය දහම සොබා,
    තම සැප අහිමි කල ලංවන විට කළබා,
    කටයුතු කුපිත වනවා නැත සිත සමබා

    • Rata Wenuwen says:

      2015 ආප්පයේ රස විඳි තකතිරු පචොරිස් ඔබලාගෙ ප්‍රයෝගකරි කුමන්ත්‍රණයේ දිඨ්ට දම්ම වේදනීය කර්ම පඩිසන් දෙන්න පටන් අරන්, ඔබට නිවන් සැප හැකි ඉක්මනින්ම ලැබෙවා, නැහැ යම සැප !

  5. George says:

    Whatever alliances you make you won’t have a chance against Gota. You will only split the UNF vote.

  6. සත්‍යාංගනි ආච්චි වයස 55ක් වුනත් ඔයාට කලුනික කන නිසා ඔයාට වයස පේන්නේ නැහැ අනේ.. ඔයාට මොකද අනේ වෙන්නේ. මොනවා උනත් ඔයා ලත්තනයි අනේ. වැඩ බැරි වුනත් ඔයා ලත්තනයිනේ උම්ම්ම්මා.. ඔයාගේ අප්පච්චිට ජෙප්පෝ මැරෙන්නම ගේම දුන්නා අම්මා සදාකල් රෝද පුටුවේ ඉන්න ගේම දුන්නා ඒත අනේ ඔයාගේ අම්මා අප්පච්චට ගේම දුන්නත් ඔයා තවම හුඇන්පි පව් අනේ ඔයා. අපේ සිරිතුමා ඔයාව නලවලා නලවලා විජේකලාව වගේ තියාගනි..එත් අනේ අරයා ඔයාට මොනවා කලයිද දන්නේ නැහැ. මට දුකයි අනේ ඔයා ගැන

  7. සජියෝ ඔන්න ඔබරේ කැරකෙනවා කිරිල්ලී අවසන් හුස්මේ පුළුවන්නම් ඔක්සිජන් දීපං

  8. ගරසරප says:

    මාද්‍ය නිදහස යනු…මට ඕන එකා පුටුවෙ වාඩි කරල මට ඕන දේවල් කිරීමේ නිදහස වේ.

Main News