සටන දිනයි.. ෆැක්ටරිය වහයි.. උපවාසය අවසන් කර තෙවරප්පෙරුම නැගිටී..

December 22, 2016 at 8:02 am | lanka C news
සටන දිනයි.. ෆැක්ටරිය වහයි.. උපවාසය අවසන් කර තෙවරප්පෙරුම නැගිටී..

නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම ඇතුළු පිරිසක් හොරණ-බුලත්සිංහල මාර්ගයේ පැවැත්වූ උපවාසය ඊයේ පස්වරුවේ අවසන් කර තිබේ.

බුලත්සිංහල, උක්වැලි කන්ද රබර් ආයතනයෙන් බැහැර කරන විෂ රසායනික හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දී ඇති බව පවසමින් මෙම උපවාසය පැවති අතර ඊයේ පස්වරුවේ එම ස්ථානයට පැමිණි මද්‍යම පරිසර අධිකාරිය හා පොලීසිය විසින් ආයතනය තාවකාලිකව වසා දමනු ලැබීය.

72 views
Main News