සයිටම්ට විරෝධය.. GMOA, තෙල්, විදුලිය, වරාය, ජලය, බැංකු දැවැන්ත වැඩ වර්ජනයක් කැදවයි..
April 26, 2017 at 12:40 pm | lanka C news
සයිටම් වෛද්‍ය උපාධියට විරෝධය පල කරමින් හා එම ආයතනය රජයට පවරා ගන්නා ලෙස රජයට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැවැන්ත වැඩ වර්ජනයක් කැදවා තිබේ.
මැයි මාසයේ මුල් සතියේ ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනය සදහා වරාය, ඛණිජ තෙල්, ප්‍රවාහන, විදුලි, ජලය, බැංකු වෘත්තීය සමතින්ගේද සහාය හිමිව ඇති බව එම සංගමය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.