සත්තයි.. අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර ආනයනය කරන්නේ නෑ…

September 17, 2021 at 5:40 pm | lanka C news
සත්තයි.. අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර ආනයනය කරන්නේ නෑ…

එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැයකොට බොරු ප්‍රචාර සමාජගත කරමින් ගොවි ජනතාව කාබනික බෝග වගාවෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීවේය.

විදේශයේ නිෂ්පාදිත එකම සමාගමක පොහොර සාම්පල් දෙකක් රසායනාගාරයක පරීක්ෂා කිරීමේදී ප්‍රතිඵල දෙකක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැකය නිසා ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් පොහොර සම්පූර්ණයෙන්ම ඔක්තොම්බර් අවසන් සතිය වනවිට ආනයනය කර ගොවීන්ගේ වගාව සඳහා යොදා ගැනීමට නොමිලේ බෙදාදෙන බවද අමාත්‍යවරයා කීවේය. වී ගොවිතැන් කරන ගොවින්ට හෙක්ටයාරයකට කාබනික නයිට්‍රජන් පොහොර කිලෝ 500ක් හා කාබනික පොටෑසියම් පොහොර කිලෝ 45ක් නොමිලේ බෙදා හැරිමට සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.

“වී ගොවීන් වී කිලෝවකට ලැබෙන මුදල ප්‍රමාණවත් නෑ කියලා උද්ෂෝෂණය කරනවා. ඒ නිසා නාඩු වී කිලෝ එකකට රුපියල් 05ක් වැඩි කරන ලෙස මම අමාත්‍ය මණ්ඩලයට කරපු යෝජනාවක් අනුව මේ වනවිට නාඩු වී කිලෝව රුපියල් 55 බැගින් මිලදී ගන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ අතර සම්බා සහ කීරි සම්බා වී සඳහාත් කිලෝවකට රුපියල් 05 බැගින් වැඩි කරන ලෙස මම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා ද රජයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ගොවියන්ට වී සඳහා ලැබෙන සහතික මිල ප්‍රමාණවත් නෑ කිව්වත්, පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව අපේ ආණ්ඩුව පොහොර සහනාධාරයත් සමඟ වැඩිපුර රුපියල් 31ක් ගෙවනවා. ඉකුත් ආණ්ඩුව වී මිලදී ගත්තේ කිලෝවක් රුපියල් 30 බැගින් පමණයි. මේ තත්ත්වය අවබෝධ කර නොගෙන ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට රජයට සිදුවන බවද ඊට තමන් පෞද්ගලිකව අකමැති වුවද ගොවීන්ගේ සහයෝගය නොලැබුණොත් ඊට තනිව එරෙහි වීමට තමන්ට හැකියාවක් නැති බවද අමාත්‍යවරයා කීවේය.

මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල, පාංශු විශේෂඥ මහාචාර්ය පී. අයි. යාපා මහතා ද සහභාගී විය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

13,727 views

28 Comments to “සත්තයි.. අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර ආනයනය කරන්නේ නෑ…”

  1. ලංකාවේ ගොවියන් සක්කිලි කරලා says:

    චීනෙ තියෙන කක්කුස්සි වලවල් ඇදලා ලංකාවට පෝර හැටියට ගෙන්න ගෙන. ලංකාවේ ගොවියන්ව දැන් සක්කිලි ගානට දාලා. ඉදිරියේදී ඒ අයව චීනෙ කක්කුස්සි හෝදන්න යවයිද දන්නෙ නැහැ ලස්සන නමක් රස්සාවට දාලා.

    • Kumudika says:

      උබ තමයි සක්කිලියා යකො එලවලු සහ දන්‍ය බයක් නතිව පසුගිය ටිකෙ කෙවා ලමයින්ට කන්ට දුන්නා රසායන ද්‍රව්‍ය නතිව .තොපෙ පාදඩ ඩෙශපාලනයකරන්න එපා මිනිස් ජිවිත එක්ක .තොපිට තොපෙ ලමයින්ට කන්සර් හදෙන්නෙ නද්ද ?

      • ලංකාවේ ගොවියන් සක්කිලි කරලා says:

        මෙන්න තවත් කුලියට කහින එකෙක්. යකෝ රසායනික පොහොර ඕනෑ කිව්වෙ නෑ. ඒත් ලංකාවේ තියෙන කක්කුස්සි ටික ඇදලා දාගන්න පුළුවන් පිටරට ලෙඩ තොග පිටින් මෙහෙ ගෙන්න ගන්නේ නැතුව. ළමයි ගැන කැක්කුමක් තියෙනවා නම් පෙන්නල දෙන උන්ට නෙමෙයි ඕක ගෙන්වන උන්ටයි ඕව කියන්න ඕනේ. මී උණ වගේ ලෙඩ හදා ගෙන හරි මැරීගෙන හරි කන්න දෙන්න ඕනෑ කියලා කියන උඹල වගේ උන්නු තමයි සක්කිලි.

  2. Hema says:

    මෙක රටට කරන තවත් අපරාදයක්

  3. ASK says:

    BONIKARA THARUWAK, JAYAWEWA.

  4. ගොං පාට් says:

    ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවද නැද්ද කියල වැඩක් නෑ. ලංකාවේ කොම්පෝස්ට් හදාගන්න බැරි නම් ආණ්ඩුවෙන් වැඩක් නෑ.

    • Janka says:

      කොම්පොස්ට් හදන්නෙ කොහොමද තොපි වගෙ උන් ගොන්පොස්ට් දාල රටෙ මිනිස්සු නොමග යව්වම

  5. ක්ෂුද්‍ර ජීවියා says:

    ක්ෂුද්‍ර ජීවීන් නැති කාබනික පොහොර 😂 ඒක හරියට ලමයි 10ක් ඉන්න වඳ ගෑනියෙක් කසාද බැන්දා කිව්ව වගේ වැඩක් 😂
    මේ වගේ ගොං කතා කිව්වට අපි නම් පිලිගන්නෙ නෑ.

  6. නාවලපිටියේ තොල්කබරයා says:

    මුගේ ගැහිලි ඇහුවොත් බල්ලො බත්කන්නෙත් නෑ. කට විතරයි. කරපු වැඩක් නෑ. බලුකටෙන් චන්ද්‍රිකාට ඇන්දුවා, මහින්ද රැවැටිටුවා, දැන් ගෝඨාභයට ජංගිය අන්දනවා. මූ නිර්වස්ත්‍ර කර කසපහර ගසා එළවා දැමිය යුතු එකෙක්.

    • SAMAN says:

      MAHINDANANDA YANU AMUM AMU WACHALA ,THAPPULANNA ITHA DAKSHA WADA BARI SAHA NOHAKI POHOTTU RAJAYE THAWATH MII HARAKEKI !!

  7. Hasith says:

    රසායන නතිව ආහාර ගන්න අපි මෙ රටෙ ජනතාවට ඉඩ තියන්නෙ නෙ .අපි රසායන,සමාගම් වෙනුවෙන් මරාගෙන මරෙන්න සුදානම්
    සමගි ජන බලවෙගය
    ජනතා විමුක්ති පෙරමුන
    සමග සියලුම රටට හතුරු බලවෙග

  8. සකු says:

    පව් අපි

  9. SAMAN JAYARATNE says:

    Another failure of the Pohottu government !
    Only surviving with his shit mouth and no or do not know how to perform!

  10. Kumar says:

    Don’t trust Sri Lankan/ Sinhalese politicians. They are extreme liers and cheaters.

Main News