සත්තු වත්තේ සතුන්ට කන්නවත් සල්ලි නෑ..

July 19, 2021 at 5:30 pm | lanka C news
සත්තු වත්තේ සතුන්ට කන්නවත් සල්ලි නෑ..

දෙහිවල සත්තු වත්තේ රඳවා සිටින සත්වයන්ට කෑම වියදමක් සොයාගත නොහැකි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සත්වෝද්‍යාන වසා තැබීම නිසා ආදායම් අහිමි වීම මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු පැවසීය.

දෙහිවල පමණක් නොව රට පුරා සියලුම සත්වෝද්‍යානය දැඩි ආර්ථික අර්බුදයකට මේ වන විට ලක්ව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ සත්වෝද්‍යාන විවෘත කරන බව ද ඔහු සඳහන් කළේ ය.

18,790 views

13 Comments to “සත්තු වත්තේ සතුන්ට කන්නවත් සල්ලි නෑ..”

  1. අන්දිරිස් ගොයි​යා says:

    සත්තුන්ට දාන කෑම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ටික අනුභව කරන කොට සත්තුන්ට මොන කෑමක්ද මල්​ලී

  2. LalithM says:

    දියවන්නාවෙ කැන්ටිම වහල ඒ සල්ලි මේ සත්තුන්ට කෑමට වෙන් කරන්න.

  3. සහොදරය says:

    සත්තු ඔක්කොම රජයෙ සේවය ට බදවා ගන්න එතකොට කොහොම ත් පඩි නඩි ( කේම බීම ) ලෙබෙනව නේ ,