සත්තු වත්තේ සතුන්ට කෑම දෙන්න සල්ලි නෑ..

June 1, 2022 at 8:02 am | lanka C news

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැතිකම මේ වනවිට උග්‍රව ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීහු පවසති.

වනජීවි දෙපාර්තමේන්තුවේදී මීට අදාළව සාකච්ඡාවක් පැවතිණ. එහිදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසු අන්දමට විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණිම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන්නේය.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි රැක බලා ගැනීම ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරී ඇත. ඔවුන් රැක බලා ගැනීම සඳහා වසරකට රු.මි.45ක මුදලක් වැය වේ.

රජය විසින් අයවැය ලේඛණය මඟින් වෙන් කරන ලද මුදල ඉහත කී කරුණු නිසා අවසන් ඇති බවත් නිලධාරීහු පැවසුහ.

සත්වෝද්‍යානවලට ආහාර සැපයුම සිදු කළ සැපයුම්කරුවන්ට මේවනවිට රු.මි.59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදුව ඇත. එසේම මෙම වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමඟ අඩු තරමින් රු.මි.120ක පමණ මුදලක් අවශ්‍යව තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය.

සතුන් සමඟ උනන්දුවක් දක්වන ජනතාවගේ සහයෝගය මත සතුන් රැක බලා ගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පවතින ආර්ථික අර්බුදය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද දැඩි සේ බලපෑම් එල්ල කර ඇති අතර මෙම සතුන් රැක බලා ගැනීම සඳහා රජය විසින් සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

14,781 views

10 Comments to “සත්තු වත්තේ සතුන්ට කෑම දෙන්න සල්ලි නෑ..”

  1. Nishanthi says:

    Paw ahinsaka saththu.kelaye hitiyanam kolayak gediyak kaala hari jeewath wei.methi emayhiwarunge padiyen sulu kotasak ho me saththunge aahara sadaha viyadam kalaa nam hari

  2. Nihal says:

    Animals belong to the jungle. Release them.
    Stop animal cruelty.

  3. Humanity says:

    මුලින්ම ඕකේ ඉන්න දෙපා සතුන්ගේ දූෂණ, වංචා නවත්වන්න. ඕකේ ඉන්න එකෙක් වැඩ කරනවද. ඉස්සර අපේ දෙමව්පියන් එක්ක සත්තු වත්තේ යනකොට කූඩු ලග සේවකයෝ කී දෙනෙක් ඉන්නවද. අපි නොදන්නා දේ ඔවුන්ගේන් අහනවා. ඔවුන් අපිට කියා දෙනවා. ඒකට දැන් Main entrance වෙනස් වෙලා. කූඩුකිහිපයක් වෙනස් වෙලා. වෙන වෙනසක් නැහැ. සමහර තැන් මිහිපිට අපායවල් වගේ. ඕකේ ඉන්න සමහර ගෑණු (ඉහල තනතුරු) මෙලෝ රහක් නැහැලු. වැඩකට නැති වහන්තරා අයින් කරලා වැඩක් කරන්න පුලුවන් අය දැම්මා නම් හරි.

  4. සමහර කුරුල්ලෝ ඉගිලෙන්න බැරි කූඩුවල හිර කරලා. සත්තුවත්තේ කාලකන්නියෙක් ට හෙන ගහන්න ඕනේ.

  5. Caged Lion says:

    In that case, the best option is to release all birds to the sky, animals to the jungles and fish to the waters to enable them to find their own food and live happilly.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුවට ජය නියතයි
    ඔය සත්තු මරලා කෑමට ගමු.
    ආහාර හිඟය දුරු කරමු
    රට සංවර්ධනය කරමු. ගවයන් මැරීමට නීති හදලා පාර්ලිමේන්තුවේ ඉන්න ජෙප්පො මරමු. ටෙලිපෝන් කබ්බො මරමු

  7. Ranjanee says:

    සත්තුන්ට කෑම දීලම අපේ මිල්ලියන් ගානක් සල්ලි වියදම් වෙලා… මේවා ගෙනාපු රටවල්වලටම ආපහු දීල සල්ලි ගන්න බැරි ද? ඔහොම නිකන් කන්න බොන්න දීල සත්තුන්ව බලාගන්නේ මොකටද? ඕකේ ඉන්න සමහර සතුන්ව මස් කරලා සල්ලි ගන්නත් පුළුවන් වෙය්.

  8. wimalasena H.D. says:

    okata thiyena ekama piliyamanam, oya kanda dennethuwa kooduwala hirakoragena inna sema sathvayan saha
    kurullanva vahaama mudaahera, zoo eke wedakoranavaa kiyala nama daagena sathunge aahaarada horakam
    korala kana jadayan seramalaavama kooduwalata damaa, newatha eliyata enda berividihata loku ibban 10k vith
    ara daala hirakaorala, zoo balanda ena ayata kiyanda one menna amuthuma vargaye kakuldeke saththu vagaya
    k kiyala. ethakota zoo eke aadaayama dasa gunayakin ihalayai.

  9. Kumara says:

    Privatise the Zoo, then you will see how it becomes profitable

  10. Kumara says:

    Privatise the Zoo, then you will see how it becomes profitable . Inefficiency, wastage & corruption of the government sector led the country into this crisis

Main News