සත්ව කිරිපිටි තොගයක් මනුෂ්‍ය පරිභෝජනයට ඇසුරුම් කර විකුණයි.. ඇමති සොයුරෙක් සම්බන්ධයි..
January 15, 2019 at 12:40 pm | lanka C news
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
සත්ව ආහාර සදහා මිල්කෝ සමාගම විසින් අලෙවි කල කිරිපිටි ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි ෙතාගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.
මිල්කෝ සමාගම විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව ආහාර සදහා නිකුත් කර තිබුනු එම කිරිපිටි තොගයෙන් ටොන් 200 ක් අදාල සමාගම විසින් මිලදී ගෙන තිබූ අතර එම කිරිපිටි තොගයෙන් ටොන් 15 කට සිදුවූයේ කුමක්දැයි තවමත් සොයා ගෙන නැති අතර වෙළදාමට සම්බන්ධ ඇමතිවරයෙකුගේ සොහොයුරෙකු අදාල සිදුවීමට සම්බන්ධ බවට අප සංවිධානය වෙත තොරතුරු වාර්තා වෙමින් පවතී. පරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීම කරද්දී අදාල සමාගම එම කිරිපිටි මනුෂ්‍ය පරිභෝජනය සදහා අලෙවි කිරීම සදහා සුදානම් කරමින් තිබී ඇත.
1980 අංක 26 දරණ ආහාර පනතේ පස්වන (5) වගන්තියට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණීම සදහා ප්‍රධාන ආහාර බලධාරියාගේ නිසි අවසරය ලබා ගත යුතුය. අප සංවිධානයට ලැබී ඇති තොරතුරුවලට අනුව අදාල කිරිපිටි තොගය වෙළදුන්ට විකිණිම සදහා නිසි ටෙන්ඩර් ක්රියාපටිපාටියද අනුගමනය කර නැත. තවද සත්ව ආහාර සදහා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි මීට පෙර අලෙවි කිරීමේදී එම කිරිපිටිවල පාට වෙනස්වන ලෙස ඩයි කවලම් කර විකුණා ඇති අතර මෙම කිරිපිටි තොගයේ එසේ පැහැය වෙනස් කොට නොමැත.
ඒ අනුව පෙනී යන්නේ කූට ව්‍යාපාරිකයින් විසින් පාරිභෝගිකයින් මුලා කිරීම සදහා මිල්කෝ සමාගමේ නිළධාරීන්ගේ සහයෝගය ලැබී ඇති බවයි.
ජනාධිපතිතුමනි,
හොරාගෙ අම්මාගෙන් පේන අසන්නේ නැතිව මිල්කෝ සමාගම විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි සත්ව ආහාර සදහා අලෙවි කිරීමේ සිදුවීම පිළිබදව වහාම කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියෝග කරනලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
මට මතක විදියට China වල Melamine ද්‍රව්‍යක් වැඩිපුර භාවිතා අසුවී මරණ දඩුවම නියම කෙරුණා.මේ අයටත් එවැනි දඩුවමක් අනිවාර්යෙන්ම දිය යුතුයි.නමුත් ප්රශනයවි තිබෙන්නේ අපේ රටේ මේ වගේ සාපරාධි ක්‍රියා කරණ එවන්ට නිසියාකාර දඩුවම් පමුණුවන එක සිහිනයක් නිසා.එමනිසා මේ වගේ අළුගොත්තර වැඩ කරණ කලකන්නියන් කිසිම භයක් සැකක් නැතිව නිදහසේ ඔය වැඩය තවත් ඉදිරියට කරගෙන යාවි.
සමාගම්/හෝටල් විසින් භවිතා කල හෝ වෙනත් අපද්‍රව්‍ය අහාර ඉවත් කිරිමට නිසි ක්‍රියා පටිපාටියක් තිබිය යුතුම කරුණකි . භවිතා කල අහාර පිසින තෙල්, කිරිපිටි ආදිය මිනිස් පරිභෝජය සදහා නැවත පැමිනිම අද සුලබ කරුනකි , විශාල ලෙඩ රෝග වලට තෝතැන්නකි !