සත්‍යග්‍රහයට දින 500යි… විසඳුම් ඉල්ලා උද්ඝෝෂන…

July 21, 2018 at 2:06 am | lanka C news
සත්‍යග්‍රහයට දින 500යි… විසඳුම් ඉල්ලා උද්ඝෝෂන…

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හිදි  ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් පිරුනද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති හෙයින් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි ඉක්මන් විසඳුමක් ඉල්ලා මුලතිව්හිදී උද්ඝෝෂණයක් පැවත්වුණි.

මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි අතුරුදහන් වූවන්ගේ සත්‍යග්‍රහ මණ්ඩපය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනේ යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසිනි.

උද්ඝෝෂණයට එක්වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටියේ,

‘යුද්දය අවසන් වී වසර 9 ක් ගත වී ඇතත් මේ දක්වා යුද සමයේදී අත්රුදහන් වූ සිය දරු මුණුබුරන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතරම ඒ වෙනුවෙන් විසඳුමක් ලබා දීමට පැවති රජයන්ට මේන්ම වත්මන් රජයටද නොහැකි වී ඇති බවටයි.

එමෙන්ම වත්මන් රජය බලයට පත්වීඹට පෙර අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී එය මගහැරමින් අතුරුදහන් වූවන් අමතක කොට ඇති බවටද කියා සිටි අතර වත්මන් රජය විසින් අතුරුදහන් වූවන්ගේ කාර්යාල දමමින් සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තරයට පෙන්වීමට හැරෙන්නට අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබා නොදීමට බවටත් තම අතුරුදහන් වූ දරු මුණුබුරන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලා මෙම විරෝධතාවන් සිදු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35 views

One Comment to “සත්‍යග්‍රහයට දින 500යි… විසඳුම් ඉල්ලා උද්ඝෝෂන…”

  1. David Milli-banda says:

    Visadum ??????????????????

    Thopi gihilla Koti katholika piyathuman laagen illapalla.
    Go and ask for solution from the Tiger OMI Catholic priests. They wanted the War.
    Where is S.J.Emmanuel the rogue priest? Where is Rayappu ? In hiding?
    Why did you not ask solutions from the rogue priest S.J.Emmanuel when he visited jaffna recently?

    Judas betrayed Jesus for 30 silver pisas.
    Emmanuel/Rayappu & the Catholic OMI Priests & Christian Church Clergy betrayed your Kith & kin, your Sons & daughters, Brothers and Sisiters for a piece of Land.
    GO ASK THEM AND NOT THE GOVERNMENT OF SRI LANKA.
    Wanted War… gave war……….
    Wanted Peace…. gave peace…..NOW WHAT DO YOU WANT? Water from a stone?
    tell your tiger sponsors to build your areas and assist your livelihoods N not the Government.

Main News