සත්‍යග්‍රහයට කිසිවෙකු නෑ.. විපක්ෂ මන්ත්‍රී තනිවෙයි.. බැණ බැණ ගෙදර යයි..
January 16, 2022 at 8:40 am | lanka C news
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත දෙවන වසර සිසුන් ජනවාරි 15 සිට කැදවා අධ්‍යන කටයුතු ජනවාරි 18 සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කරන ලදි.
2020 වසරේ ඹක්තෝම්බර් මස සිට 2021 නොවැම්බර් මස දක්වා දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 නිරෝධායන මධ්‍යස්ථාන සහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ලදි.යුධ හමුදාව විසින් විද්‍යාපීඨ වල නේවාසිකාර වල පවිත්‍ර කිරිම් සහා අලුත්වැඩියා කටයුතු සිදුකර නැවත විද්‍යාපීඨ පාලනාධිකාරිය වෙත පීඨ භාරදි තිබේ.
මෙම මාස 14 කාලය තුල විද්‍යාපීඨ දෙවන වසර සිසුන්ට මාර්ගගතව(Online) අධ්‍යාපනය ලබා දි තිබෙන අතර සියලු සිසුන්ට මාසිකව රු. 4800 ක දීමනාවක් රජයෙන් ගෙවා තිබේ.
විද්‍යාපීඨ නේවාසිකාගාර කිහිපයක රැදි සිටි ඇතැම් පුද්ගලයින් විසින් ඇතැම් විද්‍යාපීඨ දෙවන වසර සිසුන් ගේ බඩුභාහිරාදිය සොරකම් කර තිබේ.සිසුන් ගේ සොරකම් කල බඩුභාහිරාදිය පිළිබද වාර්තා ලේඛන විද්‍යාපීඨ මට්ටමින් අධ්‍යාපන අමාත්‍යංශයට කැදවා තිබෙන බව වාර්තා වෙයි.
විද්‍යාපීඨ දෙවන වසර කණ්ඩායමේ සිසුන් පිරිසක් දකුණු පළාත නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සමග එක්ව වන්දි ගෙවිම ප්‍රමාද කිරිම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල මාධ්‍ය හමු කිහිපයක් පවත්වා වන්දි ගෙවිම කඩිනම් කරන ලෙස හෝ එසේ වන්දි ගෙව්ම ප්‍රමාද වන්නේ නම් දෙවන වසර සිසුන් නැවත ප්‍රයෝගික පුහුණුවට සහා අවසන් විභාගය වෙනුවෙන් විද්‍යාපීඨ වෙත නොකැදවා සිසුන් ගේ නිවසට ආසන්නයේ ඇති කුමන පාසලකට අනයුක්ත කරන ලෙස මාධ්‍ය හරහා ඉල්ලිම් කර තිබේ.
ඹවුන් බලාපොරොත්තු වු ඉල්ලිම් ප්‍රතිචාර වශයෙන් නොලැබුනු නිසා මෙම හිටපු මන්ත්‍රිවරයා විද්‍යාපීඨ දෙවන වසර සිසුන් හා දෙමව්පියන් එක් කර ගනිමින් ඉකුත්(14) දිනයේ පස්වරුවේ මාතර දි සත්‍යග්‍රහයක් පැවැත්වීමට සුදානම් වි ඇත.
කෙසේවෙතත් හිටපු මන්ත්‍රිවරයා තම දේශපාලන ආධාරකරුවන් සිවිදෙනෙකු සමග එම ස්ථානයට පැමින පැය 2ක කාලයක් බලා සිටියද කිසිදු සිසුවෙකු හෝ දෙමව්පියෙක් පැමිණ සිට නැත.මෙම සිදුවිම නිසා කණස්සල්ලට පත් හිටපු මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
විද්‍යාපීඨ සිසුන් බදවා ගැනිමේදි ඇප බැදුම්කර ගිවිසුමකට සිසුන් අත්සන් තබන අතර එයට අනුව විද්‍යාපීඨ තුල හෝ ඉන් පිටත ශිෂ්‍ය සංගම් පිහිටුවිමට උද්ඝෝශණ උපවාස සත්‍යාග‍්‍රහ වැනි දැ පැවැත්විම නිත්යානුකුව තහානම් කර තිබේ.හිටපු මන්ත්‍රිවරයා මෙම සිදුවිම සම්බන්ධව ක්‍රියාකල අන්දම පිළිබද ගුරු සංගම් කිහිපයක නිළධාරින් දුරකථනයෙන් අමතා දැඩි විවේචන සිදුකර තිබෙන බව වාර්තා වෙයි
– repoter
ව්ද්යපිඨ වල කාණ්ඩ ඉගැන්වීම්(Block Teaching) සහා අවසන් විභාගය සම්පුර්ණ නොකරන සීමාවාසි සදහා පාසල් වලට අනයුක්ත කරන්න පුළුවන් කමක් නැ.සුනිලාත් වැස්ස කටවත් ඉස්කෝලේ නොගියපු කෙනෙක් වගේ හැසිරිලා ජාතික ජන බලවේගය වටා ගොනු වෙලා තියෙන ජනප්රසාදය අඩු කරනවා.
ඇප ගිවිසුම් වලට අපි බය නැ,හදුන් සහෝදරයා මහා පාරේ අරගලයක් කරලා අපිව මේ මර උගුලෙන් බේරා ගන්නා බව සපත කරා,ව්ද්යපිඨ අවලම් කතිකාචාරියෝ වැඩි වැටුප්,ද්විත්ව වාහන පර්මිට්,පිටරට සවාරි සහා පිටරට සිටිසන්ශිෆ් වෙනුවෙන් දෙවන වසර අපිව බිල්ලට ගන්න හදන්නේ.😡
හදුන්නෙත්තිලා වැනි දේශපාලන අදබාලයන් මහා මැතිවරණයේදි ප්‍රතික්ෂේප කර ගෙදර යැවු මාතර දිස්ත්‍රික් ජනතාවට අප ගේ ප්‍රණාමය.