සත් මස් සිගිති පුතා ඝාතනය කර මව සිය දිවි නසා ගනී.. සැමියා පිහියෙන් ඇන රෝහලේ..
January 27, 2019 at 12:00 pm | lanka C news
දිඹුල පොලිස් වසමට අයත් රොසිටා ප්රදේශයේ තරුණ මවක් තම හත්මස් වියැති සිගි පුතාගේ ගෙල වයරකින් සිර කර ඝාතනය කර ඇය නිවස අසල පිහිටි පේර ගසක එල්ලි සිය දිවි හානි කරගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තේ කිට්නසාමි නිත්යකල්යානි නැමති 26 හැවිරිදි කාන්තාවකි.
ඝාතනය කර ඇත්තේ සන්දිපන් අස්විනන් නැමති මාස 7 වයසැති පිරිමි බිලින්දෙකි.
පවුලේ ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් අද (27) අලුයම් කාලයේ මෙම කාන්තාව තම බිලින්දව ඝාතනය කර නිවසින් පිටතට පැමිණ සිය දිවි හානි කරගෙන ඇති බවයි දිඹුල පොලිසිය විසින් සිදු කරන මුලික පරික්ෂන වලදි අනාවරණය වි ඇත්තේ.
සිය දිවි හානි කරගත් කාන්තාවගේ සැමියා උල් ආයුධයකින් ඇණ ගෙන තුවාල ලබා ඇති බවත්, තුවාල කරු කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්රතිකාර සදහා නුවරඑලි මුලික රෝහල වෙත මාරු කර යැවු බව දිඹුල පොලිසිය පැවසිය.
ඝාතනය සහ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරික්ෂණ පැවැත් විමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි
– හැටන් රංජිත් රාජපක්ෂ
No value of human life for Tamils
That’s why Piripahan easily used them..,,,,,
Bloody Animals
කාලි අම්මගේ පින්තුරු වලත් මේ වගේ චරිත තිබෙනවා මෙම පින්තුරු තහනම් කල යුතුය