සතියකට ආනයනය සදහාවත් ඩොලර් නෑ…- මහ බැංකුව
May 12, 2022 at 4:40 pm | lanka C news
මෙරට විදේශ සංචිත ඇත්තේ තවත් සතියකටවත් ප්‍රමාණවත් නොවන ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් පවසයි.
අද වන විට මෙරට ආර්ථික අර්බුදය උග්‍ර තත්වයකට ලක්ව ඇතැයි ද අත්‍යවශ්‍ය නොවන ආනයන දැඩි ලෙස සීමා කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
ජංගම දුරකථන, රූපවාහිනි, ශීතකරණ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මිලදී ගැනීමෙන් හැකිතාක් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.
ජනතාව ආනයනික භාණ්ඩ මිලදී නොගන්නේ නම් ඒවා ආනයනය කිරීම ද අවශ්‍ය නොවන බව ද එමගින් ඩොලර් සංචිත ඉතිරි වෙන බවද හෙතෙම පැවසීය.
අවලස්සන ඇමෙරිකානුවාගේ වැඩ…
බිග් බෑන්ක් අංකල්: ඩොලර් තමයි මදි. පඩි ගෙවන්න රුපියලුත් නැහැ.
පැන්ඩෝරා ආච්චි: අල්ලයි මගේ වලිගේ! හූ!!
අර්ජුන ද බොන්ඩ් සීයා: හෙහ්! මොන පිස්සුද. මේ මම සිංගප්පූරුවේ ජොලියේ ඉන්නේ. රනිලත් ආපහු එනවලු.
මයිනා සීයා: මේ බං වැඩිය සද්ද දාලා කුලප්පු කරවන්න එපා නිදන් ඉන්න එවුන්ව. මට තාම පයින්නත් බැරි වුණා.
සබ්රි අයියා: අවුලක් නැහැ. දිගට හරහට මහජනයට බදු ගහලා ඕක කවර් කරගමු. අවුරුදු 70 ක් තිස්සේ රට කන්න දුන්නට දඬුවමකුත් තියෙන්න එපැයි.
හර්තාල් කර අරගල කර වැඩ නොකර $ හොයමු. 😢
ඔව් රට මේ තත්වෙට පත්වුනේ අරගලය හින්දා.
කපුටා හොරා කාලා නෙවේ
අපිට මේ අර්බුධයෙන් ගොඩ එන්න නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපේ පැරණි අල්පේච්ඡ හෙළ ජීවන රටාවට ආපහු යන්නම වෙනවා. ගෙවතු භෝග වගාව, හැකි තරම් පාගමනින් හෝ බයිසිකලයෙන් ගමන් යාම වගේ දේවල් පටන් ගන්න වෙනවා. දර ලිප, මැටි පහන්, නැවතත් භාවිතයට හුරු වෙන්න ඕන. ඔය 90න් පස්සේ ඉපදිච්ච ‘රෝං ජෙනරේටර්’ එකේ උන් නම් මේවාට කැමති නැහැ තමයි. දැන් මේ කොමෙන්ට් එකටත් උන් බනියි. මම නම් උන්ට කියන්නේ තොපිට සුද්දගේ විදියට ආතල් ගන්න ඕන නම් කරුණාකරලා ඒ රටකටම පලයල්ලා. අපි කොහොම හරි රටේ ඉතිරු වෙලා ඉන්න අනෙකුත් සැබෑම හෙළයන් එක්ක කොහොම හරි මේ රට ගොඩ දාගන්නම්. හැබැයි තොපි ආයේ මේ හතර මායිමේ එන්න හිතන්න වත් එපා. තොපේ මිනියත් එහේම වළලපල්ලා.
හෙලයා…100% හරි.
එතකොට කුඩුකරපු ගෙවල් වල අයට ජීවිතේට ගන්න හම්බවෙන්නේ නැහැ ගෝටගම sub contractors ලාට දඩුවම් නැද්ද ? නීති සංගමය එයාලට නඩු දාන්න, දඩුවම් දෙන්න එපා කිව්වද ?
බේරේ වැවේ නාපු බයියෙක්ගේ අදෝනාව