සතියකට ලීටර් 30ක් ඔ්නෑ.. නැතොත් මංකොල්ල කන්න සොරකම් කරන්න වෙනවා..- ත්‍රිරෝද රියදුරන් විරෝධතා
August 3, 2022 at 10:02 pm | lanka C news
ඉන්ධන නිකුත් කිරීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇත QR ක්‍රමය අසාර්ථක බව ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන සේවයේ නිරත වන රියැදුරන් පිරිසක් කියා සිටිති.
නාරාහෙන්පිට ඉන්ධන පිරවුම් හලක ඇතිවූ කලහාකාරී තත්ත්වයකින් පසු ඔවුන් කියා සිටියේ QR ක්‍රමය යටතේ ත්‍රී රෝද රථයකට සතියකට ඉන්ධන ලීටර තිහක් අවශ්‍ය බවයි.
එසේ නොදෙන්නේ නම් වස ටිකක් දී තමන් මරා දමන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
එසේ ද නැතිනම් ත්‍රීවීල් ත්‍රීරෝද රථ රස්සාවේ යෙදෙන අයට වෙන රස්සාවක් හොයා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද පැවසූ ඔවුහු එසේ ද නොවන්නේ නම් තමනට සිදුවන්නේ සොරකම් කිරීමට මංකොල්ලකෑමට බවද කියා සිටියහ.
ඔයපැත්තෙ ත්‍රීවීල්කාරයො කොහොමත් මහ දවල් මංකොල්ල කන එවුන් තමයි
ත්‍රීවීල් කාරයෝ සහ සමහර පොළිස්කාරයෝ තමයි ඉන්ධන ජාවාරමේ යෙදුනේ.පහුගිය දවස්වල ත්‍රීවීල් හයර් දිවුවේ නැහැ ඉන්ධන ජාවාරම ගොඩක් ලාභ නිසා.ඔය කියන විදිහට ත්‍රීවීල් දවසකට කොළඹ ඉදන් යාපනේට හයර් දුවන තරමට කළබල කාරී බවයි පේන්නේ.ඒ වුනත් මේ රටේ සාධාරන වෘත්තීක ජනතාව ත්‍රීවීල් කරුවන්ගේ ක්‍රියා කළාපය හෙලා දකිනවා.ඔවුන් සිදුකරන්නේ සම්පූර්නයෙන්ම සාධාරන ජනතාව පෙළාදමමින් ජාවාරමක්.කිසිම බුරුලක් දෙන්න හොදනැහැ.පුලුවන්නම් රජය ගානේ ජීපීඑස් හයි කරල දුවන කිලෝමීටර් ගාන මොනිටර් කළ යුතුයි.
බභ්ඩාර.
තීරෝද රටටම පධාන ව්‍යසනයක් .තීරෝද ආනයනය වහාම තහනම් කලයුතුය. දුර දක්නා දැනුමක් ඇති නායකත්වය අවශ්‍ය යි
සම හරක් ගොන් අදහස් ප්‍රකාශ කර ඇත, ත්‍රි රෝද රථයට ඕනෑම පිරවුම්හල් කින් සතියකට QR ක්‍රමයට ඉන්ධන ලීටර් 20ක් සැහෙ. දුෂ්කර පළාත් වල හදිසි ලෙඩෙක් ගෙනියනවා වගෙ වැදගත් සේවයක් කරන වහානයක්.