සතියක් ඇතුලත අබ්දුල් රාෂික් අත්අඩංගුවට නොගත්තොත් අපි එනවා..- ඥාණසාර හිමි

May 25, 2019 at 2:10 pm | lanka C news
සතියක් ඇතුලත අබ්දුල් රාෂික් අත්අඩංගුවට නොගත්තොත් අපි එනවා..- ඥාණසාර හිමි

‘සිලෝන් තවුහිත් ජමාත්’ සංවිධානයේ නායකයා වන අබ්දුර් රාසික් මෙරට ඉස්සරහ ත්‍රස්තවාදයෙන් මහ මොලකරු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

එබැවින් ඔහු වහාම අත්අඩංගුවට ගත යුතු බව බොදුබල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ සඳහන් කළහ.

ඉදිරි සතියක කාලය ඇතුළත අැතුලත අබ්දුල් රාසික් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙතින් ඉල්ලා සිටින බවත් එසේ නොගතහොත් තමන් විසින් සොයන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

විවිධ නම් වලින් තවුහිද් ජමාත් සංවිධාන නමින් පෙනී සිටින්නේ එකම කණ්ඩායමක් බවත් කී උන්වහන්සේ මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනයා ඉස්ලාම් අන්තවාදය දෙසට තල්ලු වීමට ඉඩ නොදිය යුතු බවද කියා සිටියහ.

48 views

23 Comments to “සතියක් ඇතුලත අබ්දුල් රාෂික් අත්අඩංගුවට නොගත්තොත් අපි එනවා..- ඥාණසාර හිමි”

  1. Prem says:

    Ape hamuduruwane, elipita kagahala kiyanawata wada pansal tike inna hamuduruo saha dayaka sabawal danuwath karamin puu singala sinvidanayak hadanna.

  2. Ravana Parapura says:

    ජනබලය පෙන්වමු වහාබි පන්නමු රටට ආදරය කරන සැම දෙනාම ඔබ වහන්සේ සමගයි

  3. Sangadasa says:

    හාමුදුරුවනේ පොඩ්ඩක් විවේක ගන්ට. හිරේ ඉන්ට හරි කැමතියි වාගෙයි පෙනෙන්නෙ. අවුරුදු 02 ක අත්හිටවූ සිර දඬුවමකුත් තියෙනවා මතක තියා ගන්ට. ආයෙ චෝදනාවක් ආවොත් අවුරුඩු 02 බරපතල වැඩ ඇතිව අනිවාර්යයි. අවුරුද්දක් 02 ක් විවේක ගන්ට. ඔබතුමා පන්සලට වී ඉන්න්හ. ගෝලයො ඕනනන් හිරේ යයි.

  4. Gnaanapaala says:

    ආයෙත් ජම්පර් ගහගන්ට හරිම ආසයි වගේ. ඔන්න ඔය පන්සලට වෙලා තුන්වේල කාල තේපැන් ටික ටික ගහල ඩබුවක් ගහල ඉන්ට අපෙ හාමුදුරුවො. දැන් මහන්සියිනෙ. අනික මුන්ට කෙරුව කියල කෙලෙහිගුන තියෙන එවුන් නෙවේ නෙ සින්හලයො.

  5. sathya says:

    විවිධ නම් වලින් තවුහිද් ජමාත් සංවිධාන නමින් පෙනී සිටින්නේ එකම කණ්ඩායමක්

  6. samarapaala says:

    Muslim Gammana Kihipayak Ginithiya ho wahabawadaya, ISIS ratata handunwaadeemata wadasalassapu
    obawahanseta bohoma pin..

Main News