සතියක් ඇතුළත මාතලෙන් කැරැල්ලක් ඇරඹේ..

July 5, 2018 at 11:20 am | lanka C news
සතියක් ඇතුළත මාතලෙන් කැරැල්ලක් ඇරඹේ..

වනිතා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වන විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳව රජය සතියක් ඇතුළත නිතිය ක්‍රියාත්මක නොකළහොත් රට බේරා ගැනීම සඳහා නැවතත් මාතලෙන් කැරැල්ලක් ආරම්භ කරන බවත්  එයට තමන් නිසි නායකත්වය ලබාදෙන බව හිටපු ඉඩම්  අමාත්‍ය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විජයකලා රාජ්‍ය අමාත්‍යවරිය එවැනි ප්‍රකාශයන් කරමින්  රට ජාතිය නැවතත් යුද්ධයකට තල්ලු කර දැමීමේ උපක්‍රමශීලී ක්‍රියාවලියක නිරත වන බවට සැක සිතනබවයි . ඇය  එවැනි  ප්‍රකාශයන් අවස්ථා කිහිපයකදීම  සිදුකල  බවත් එහෙත් මේ වනතුරුත් එක්සත් ජාතික පක්ෂය හෝ රජය කිසිඳු ප්‍රකාශයක් සිදුනොකර ඇතැයි පවසා සිටි.

ඇතැම්විට වර්තමාන වත්මන් රජය බලයට පත් වීමට පෙර කොටි හිතවාදි  ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා රාජ්‍ය අමාත්‍යවරිය රාජ්‍ය උත්සවයකදී මෙවැනි ප්‍රකාශ සිදු කළේ ද යන්න සැකසහිත බව ද පවසයි.

විජයකලා අමාත්‍යවරිය ගේ ප්‍රකාශය රජයේ මතයද ද නැතිනම්  එක්සත් ජාතික පක්ෂයේ මතය දැයි වහාම රජය  රටට හෙලිකළ යුතු යැයි ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා අවධාරණය කරමින් සිටි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා.

“මේ රට තිස් වසරක සාපලත් යුද්දයක අත්දැකීම් තියෙන රටක්, “එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්  ඒ කාලයේ සිංහල දෙමළ මුස්ලිම් මේ කිසිම සොයා බැලුවේ නැහැ දරුවන් විතරක් නෙවෙයි මහජනතාව මහ පාරේ අමු අමුවේ මස්වැදලි බවට පත් කරලා ඝාතනය කළා. කුසේ ඉන්න දරුවන් මෙලොව එළිය දකින්නත් කළින්  ඝාතනය කලා ගම්පිටින් කපා කොටා ඝාතනය කලා  එවැනි කාලයක  දුවා දරුවන් සමඟ සතුටින් ජීවත්වුණා කියලා මහේෂ්වරී රාජ්‍ය අමාත්‍යවරිය කටක් ඇරලා රාජ්‍ය උත්සවයකදී කියන්නේ කොහොමද?. ඇය මේ ලෝකයට පට්ටපල් බොරු ඇදබාමින් රට නැවත වරක් බෙදුම්වාදයකට යවන්න තමයි සූදානම් වෙලා ඉන්නේ . අද රාජ්‍ය ඇමතිතුමිය කිඹුල් කඳුළු හෙළනවා දරුවන් ගැන කාන්තාවන් ගැන  එකපාරටම  මෙයාට දුකක් ඇති වුනේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් තියෙන්නේ.

ව්‍යවස්ථා විරෝධී රාජ්‍ය විරෝධී ජාතික විරෝධී  ත්‍රස්තවාදය නැවත රට තුළ ඇති කරන්නට උත්සාහ කරන එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍යවරිය පිළිබඳව  රජය වහාම නීතිය ක්‍රියාත්මක නොකළහොත් අපි නැවත වරක් රට එක්සේසත් කිරීමේ අරමු රට ආරක්ෂා කිරීම අරමුණ හා රට රැක ගැනීමේ වගකීම ඇතුව එදා සුද්ධාට විරුද්ධව  මාතලේ ආරම්භ කැරැල්ලට  නොදැවැනි කැරැල්ලක් ඇතිකොට එයට පණ පෙව්වා  රට බේරාගැනීමේ කැරැල්ලට මම නායකත්වය දෙනවා.” යැයි මංත්‍රිවරයා පවසයි.

– මහින්ද දඹුල්ල

70 views

8 Comments to “සතියක් ඇතුළත මාතලෙන් කැරැල්ලක් ඇරඹේ..”

  1. Critic says:

    V.M. is backed by the weapons dealers, NGOs’.

  2. SUNIMAL says:

    මුට දැන් ගමට යන්න බැරි නිසා මේක වෙළද දැන්වීමක් පමණයි රැවටෙන්න එපා

    • Prasad says:

      ගමේ තමයි පොර ඉන්නෙ…බැහැලම වැඩ..

  3. UNP Api says:

    pissu naethnam shok janakayo, ethakota New York time eke ewwata uba mokada kiyanne,

    • ranjan says:

      u.n.p.කාරයෝ
      ගිය බවේදී තිරිසනුන් වෙලා හිටි අය සුළු පිනකින් මේ බවයෙදි ශරීර හැඩය වෙනස් වෙලා මිනිස් රූප ලබාගෙන.ඒ වුනාට මනස තාම ඒ තත්වෙමයි.බුද්ධියක් නෑ හැගීම් පමණයි. මෙවැනි පිරිස් හැම රටකම ඉන්නවා.වියට්නාමයේ ඩින්ඩියම් පාක්ෂිකයින්,ජර්මනියේ හිට්ලර් වාදීන්,ඉතාලියේ මුසොලෝනිගේ සගයින් ලංකාවේ u.n.p. කාරයින්.

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Aanduwata erehiwa kerellak karanna janathawata polambawana JANAKA BANDARA TENNAKOON wahama athadanguwata ganna oney.

  5. Prasad says:

    පොර ගමේ තමයි ඉන්නේ….බැහැල වැඩ..අනික newyork times එකේ තිබුණ එ්වා අසත්‍ය බව චීනෙන් පවසනවා..

  6. RR says:

    7.6 n J B T ta Gawwa Wathda ….?