ඉරිදා පමණක් රටටම ඇදිරි නීතිය… නවතම වේලාවන් මෙන්න..

May 14, 2020 at 5:30 pm | lanka C news
ඉරිදා පමණක් රටටම ඇදිරි නීතිය… නවතම වේලාවන් මෙන්න..

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු දිස්ත්‍රීක්කවල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.

මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 18, සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලැබේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

– ජනාධිපති මාධ්‍ය අංශය

70 views

9 Comments to “ඉරිදා පමණක් රටටම ඇදිරි නීතිය… නවතම වේලාවන් මෙන්න..”

  1. Love nature says:

    මත්පැන් විකිණීම නතර කර සැම විදියකම ඔසු කැද බිමට ජනතාවට සකසා දෙන්න එය රජයට විසාල පිනක්.

    • 2/3 says:

      එහෙම කලොත් බේබද්දන් ගෙ ඡන්ද ටික හම්බුවෙන්නෙ නෑ බං.

    • සමන්ත says:

      තමන්ට කැමති නිසානේ මත්පැන් බොන්නේ. ⁣බාර් වහලා තියෙද්දි ගල් බෝතලයක් රැපියල් 3000-4000ට මිලදී ගත් අයත් හිටියා එහෙම එකේ බාර් ඇරියා කියලා ගැටලුවක් නෑ. අරක්කු බොන එකා අරක්කු බොයි. ඔසු පැන බොන එකා ඒවා බොයි. ඒක ප්‍රශ්නයක් ඇති කර ගන්න දෙයක් නෙමේ..

  2. aniwa says:

    Its very good that the virus has decided to come out only on Sundays.

  3. Ranjan says:

    ඔසු පැන් බීවට වරෙි වෙන්නේ නෑනේ

  4. B4 UNP now Gota says:

    We should appricate

  5. ධනූ says:

    හැම රටක්ම මේ වගේ කලානම්, ජීවිත බොහෝ ගනනක් ලෝකය පුරා බේරගන්න තිබුණා. අඩුම තරෙමේ මිනිස්සුන්ට අවධානමට සූදානම් වෙන්නවත් අවස්ථාව ලැබෙනවා. රූපවාහිණියකින්, අන්තර්ජාලයෙන් මේගැන විමසලා තමන් ගේ ආදරණීයයන්ට, වැඩිහිටියන්ට මේ වියසනයෙන් වැලකෙන්න උදව් කරන්න ඇඳිරි නීතිය හොඳ පිටිවහලක්. ඒත් ඇමරිකාව වගේ රටවල් මේදේ තේරුම් ගත්තේ නෑ.

  6. දියරකුස් says:

    බාර් අරින්නේ බොන අයට පමනි.නොබොන අයට බලෙන් පොවන්නේ නැත.නොබොන බහුතරයක් තමාගේ දරුවන්ට බිරිදට හරියට කෑමක් බීමක් නොදෙන කුනු ලෝබයින් පිරිසකි.බාර් ඇර ඇති කාලය තුල නොබොන අයට ඇත්තේ තවමත් අභිරහසක්ව පවතින ,”බොන් නැති උන් බයිට් කන්නේ ඇයි” ප්‍රශ්නය සොයා බැලීමයි.

  7. mahinda says:

    Open the Bars for drunkers as well as owners of the Bars but innocent people including their family members are being harassed

Main News