සති දෙකක් නිරෝධායන වෙලා මෙරට සංචාරය කරන්න යුක්රේන සංචාරකයන්ට පිස්සු නෑ.. මේ නිරෝධායන නීති ප‍්‍රායෝගික නෑ..- උදයංග වීරතුංග

January 4, 2021 at 10:02 pm | lanka C news
සති දෙකක් නිරෝධායන වෙලා මෙරට සංචාරය කරන්න යුක්රේන සංචාරකයන්ට පිස්සු නෑ.. මේ නිරෝධායන නීති ප‍්‍රායෝගික නෑ..- උදයංග වීරතුංග

මිග් යානා ගනුදෙනුවේ මුදල් තවමත් තමන් ලද ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කතා කරන්නේ අයියා යනුවෙන් බවත් තම පවුලෙන් වැඩියෙන්ම කිට්ටු මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවත් ඔහු පවසයි.

යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම තනිකරම තමන්ගේ වැඩක් සහ සංකල්පයක් බවත් අගමැතිවරයාට එම යෝජනාව ඉදිරිපත් කලේ තමන් විසින් බවත් ඔහු සඳහන් කරයි.

සති දෙකක් කාමරයකට දමා වසා PCR පරීක්ෂණ 5ක් පමණ සිදු කරද්දී මෙරටට පැමිණෙන්නට සංචාරකයන්ට පිස්සු නැතැයිද ඔහු පෙන්වා දෙයි.

මෙරට නිරෝධායන නීති සමග ලංකාවට සංචාරකයන් ගෙන්වන්න බැරි බවත් ඒවා කිසිම ප්‍රායෝගිකත්වයක් නැති නීති බවත් ඔහු කියා සිටියි.

දැනටමත් ලංකාවේ දිනකට කොරෝනා ආසාදිතයන් පන්සියයක් පමණ වාර්තා වන බවත් යුක්රේන ජාතිකයන්ගෙන් ආසාදිත යැයි වාර්තා වී ඇති තුන් දෙනෙකු බවත් ඔහු තව දුරටත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරයි.

86,425 views

34 Comments to “සති දෙකක් නිරෝධායන වෙලා මෙරට සංචාරය කරන්න යුක්රේන සංචාරකයන්ට පිස්සු නෑ.. මේ නිරෝධායන නීති ප‍්‍රායෝගික නෑ..- උදයංග වීරතුංග”

  1. saman says:

    අනිත් තානාපතිවරුත් මෙතුමා වගෙ වැඩ කලානම් අද ලොකේ හැම තැනින්ම සන්චාරකයෝ එනවා. මෙතුවා වගෙ ජාතික වස්තුන් එලියට එන්නනම් අපෙ ජනාධිපතිතුමාම ඉන්න ඕනේ.

  2. sana says:

    ubala wage mallila nisa aiyata kelawenawa…

  3. mali says:

    ukraine is a poor country no one encourage ukraine tourists,If they are chinese tourists, then it is ok as they spend more money when they go to a country as they are rich.europe encourage more chinese tourists than anyone as they spend more on local market so that they can benefit more to economy.

  4. Nalin says:

    එය සත්‍යයකි, ඔවුන් පිස්සු නැත, නමුත් ඔබේ මස්සිනා මෝඩ මහින්ද මෝඩයෙක් පමණක් නොව පිස්සු පුද්ගලයෙකි

  5. Diogenes says:

    mehe thiyana nirodhaayana neethi hari nathi bawa me pin gonaa danne komada? moo hora thakkadikam pilibanda wishesagnayek wunaata koronaa gana moo mona labbada danne? munta salli pilli gahanna rate janathaawa billatadenawa. yako mehema giyoth ee langa mathiwaranayedi chande daanna wath minissu ithuru wena ekak naha!!

  6. Nocorena says:

    Corona aasaditha ewun meratata genwana ape ewuntai pissu!

  7. DRS says:

    මම ඔබ සමග එකඟයි. කෙසේ වෙතත්, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සති 2 ක් නිරෝධායනයේ සිටින්නේ ඇයි?

    ඔබ හවායි හා සමාන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළහොත් අපට සංචාරකයින්ට දින 3 ක නිරෝධායනයක් සහ PCR පරීක්ෂණයක් කළ හැකිය.

  8. බොල්පිලිමා says:

    අපිටයිි පිස්සු එහෙනං

    ඔහොම යමුුකො

Main News