සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

June 21, 2021 at 10:22 pm | lanka C news
සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

සංචාරණ සීමා දමා රට වසා දමා තිබූ කාලයේ මග හැරුණු වැඩ ටික කර ගැනීම සඳහා වෙනදා මෙන් කටයුතු කළහොත් සති 2කින් පසු නැවතත් මාස කිහිපයකට වසා දමන්නට සිදුවන තත්වයක් ඇති වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එනිසා ජනතාව දැන් තීරණය කළ යුත්තේ සුළු වශයෙන් වැඩකරගෙන වසර මෙම වසර අවසන් වන තෙක් සිටින්නේ ද නැතිනම් සති දෙකකින් නැවත රට වසා දමන්නේද යන්න බව ඒ මහතා පැවසීය.

පසුගිය සංචාරණ සීමා ක්‍රියාත්මක වූ සමයේ දී අත්‍යවශ්‍ය සේවා ලිපි යවමින් අත්‍යවශ්‍ය නොවන බොහෝ පිරිස් ආයතන ප්‍රධානීන් විසින් කැඳවීම් කර තිබූ බවද පැවසූ ඔහු මෙවර එම තත්ත්වය ඇති නොකර ගත යුතු බවද කියා සිටියේය.

රූපවාහිනි නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

106,101 views

16 Comments to “සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…”

  1. දුස්රා says:

    බොරු කොවිඩ් මරණ සංඛ්‍යා යොදාගත්තා Lock-down කරන්න අවශ්‍ය භීතිය මැවීමට හා Lock-down කිරීම සාධාරණීකරනයට.
    ඉන්දියාවේවත් නැති Lock-down ලංකාවේ දාගත්තේ කොරෝනා‌වෙන් ජනතාව බේරාාගන්නද– එහෙම නැත්නම් උද්ඝෝෂණ,විරෝධතා වලට කොළඹට රැස්වන්නට ඉඩ ඇති ජනතාවගෙන්,ගොවියන්ගෙන්,ධීවරයන්ගෙන් ආණ්ඩුව බේරාගන්නද යන බලවත් සාධාරණ සැකය දැන් මතු වෙමින් ඇත.

    • viveka says:

      Sakayak oni naha, That is that is the truth. Which ruling government in the history of humanity loved or cared for its people. Law is to protect the rulers from the wrath of the people. Apita adareta rata vahanava namei hora vaha ganna karana deval. Who talks about Port city, oil spill, Easter bombing, and whole host of other stuff. Apparently people have attacked our selves, By closing the country they stall the economy and then rob our poor peoples gold and in near future our money in the bank. Any of these economic experts don’t understand that when we lock an econiomy down we will not generate any income for the country? Adive to lock down the country and people not to move around? Then they will go on selling our land, harbors, and what not to foreign countries saying we have no other choice. Millenium Corporation, or Shanghai Bank no matter what same people are taking our resources away from our people. And these guys are facilitating it. Crashing down the economy

    • UNP-GALIBBA says:

      මොන ලබ්බේ ලොක්ඩවුන් ඕන නැහැ මේ වගේ මීහරක් මැරෙන්න ඔය අලේ ඇරලා දීපල්ලා මේ වගේ ගොන්නුන්ට​????

  2. 😪😢😪😢 says:

    ජනතාවට කෝවිඩ් අමතක වුනාම
    අරක්කු ගන්ට පෝලිම් දිග් වුනාම
    මාස දෙකක් රටම වහන්ට වුනාම
    ඔන්ලයින් දෙයිද සිහි නැති වුනාම

  3. දැක්කොත් බුවා නොදක්කොත් එබුවා says:

    දැන් කොවිඩ් පාවිච්චි කරන්නේ ආණ්ඩුව ඇඟ බේරාගන්න. ඒක පිටින් දාලා ලෝක ඩවුන් කරහම මිනිස්සු මැරුණත් ගෙවල් වලට වෙලා ඉන්න ඕන. මෙවැනි තීරණ ගත් ආණ්ඩු වැඩිකල් පැවතුනේ නැහැ.

    • ආණ්ඩුවට මේක වහගෙන ඉන්න කිසිම උවමනාවක් නැති බව ඔබ නොදන්නවාද. ආණ්ඩුවට අවශ්‍ය හැකි ඉක්මනට රට ඇරීමටය. මෙයට සෑම විටම අකුල්හෙලන්නේ සෞක්‍ය අමාත්‍යාංශයයි. එසේනොමතිව ආණ්ඩුවට රට පැයකට හෝ වසාදැමීමට කිසිම අවශ්‍ය තාවයක් නැත. ඔබගේ ප්‍රකාශයෙන් ඔබ කෙතරම් මෝඩ බුවෙක්දයයි සිතේ. කෙසේවෙතත් ගොන්කතා නොකර එබිලාම සිටින්න.

  4. අරුන සුසන්ත says:

    බොරු කයිවාරු…

  5. මෝ says:

    ආන්ඩුවට ඕනෑවට නෙවෙයි ආරක්ශක ක්‍රම අනුගමනය කලයුත්තේ.තමනුත් තමන්ගේ ආදරනීයයින් ගේත් දිවි රැකගැනීමටයි.ඒ නිසා මේ වෛරසය ගැන අඩුවෙන් තක්සේරු කරන්න එපා.ඒකට කෝචොක් දාන අය තමයි ඉස්සෙල්ලාම ටොපිය කන්නේ.

  6. Haramanis says:

    You once said that there is no discipline in society. No horn pollution no sudden brakeing etc. Quite correct. All the problems are due to massive indiscipline from the top most downwards in the country in every sphere.

  7. A Sri Lankan says:

    Can we also know the Total Eligible Population for the Vaccination and what % is vaccinated ?

  8. කුහක කම පිරුණු කොටළුවක් මූ... says:

    වෙළාව පැමිනෙන තුරු බලා සිටින්න…..
    බටහිර එන්නත් ශරීරගතකරගන්නාලද සැම මරණය බලාපොරොත්තුවෙන් සැහැල්ලුවෙන් වෙළාව පැමිනෙන තුරු බලා සිටින්න.!
    Reply

  9. පොඩි එකා. says:

    අම්මල තාත්තල එක්ක හැමදාම මෙහෙම මුළු දවසම ගෙදර ඉන්න තියෙනවනම් කොච්චර හොඳද

  10. Aurora says:

    මගේ හිතවතෙක් එන්නත් දෙකම අරන් දැන් කොරෝනා හැදිලා. මමනම් ඔය බොරුවට අහු නොවී අමිල සoජීව වෛද්‍ය තුමාගේ ප්‍රතිශක්ති කසාය හදාගෙන නොවැම්බර් සහ පහුගිය මැයි මාසෙ පානය කලා. මට විශ්වාසයි කොමිස් කාරයන්ට ඩොලර් 10 දෙනවට වඩා මම කොරෝනාවෙන් සුරක්ෂිත බව.

    • කුඹුක්කණ් says:

      වේගයෙන් වෙනස් වන කොරෝනා වයිරසයට වැක්සීන් එකක් ගහගන්න එක, ඒක තමා එකම විසදුම කියන උන්ගේ මොලේ කොහෙ තියෙනවද කියලා කල්පනා කරන්න ඕනෙ.

      එක අතකට මොලේ කියන දේ නෙවෙයි, උං බටහිර ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා හැටියට , උන්ගේ ටාගට් කවර් කර ගන්න දඟලනවා කියල දැන ගත්තම ඇති.

Main News