සති 04 කින් ඩෙංගු 50% දක්වා අඩු කරනවා..

July 23, 2017 at 8:02 am | lanka C news
සති 04 කින් ඩෙංගු 50% දක්වා අඩු කරනවා..

“අපිම අරඹමු – ඩෙංගු දුරලමු” යන තේමාව යටතේ දීප ව්‍යාප්තව සිදු කරන ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ තවත් අදියරක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අළුත්ගම මහජන ක්‍රිඩාංගණයේ දී පැවැත්ව්නි.

අළුත්ගම ප්‍රදේශයේ ඩෙංගු රෝගය තුරන් කිරිම සදහා පරිශ්‍ර පිරිසිදු කිරිම, ධූමායන කටයුතු සිදු කිරීම සහ නිරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙහිදී සිදු කරන ලදි.

“බෙිරුවල අසනයේ ඩෙංගු රෝගය පාලනය කිරීමෙි වැඩපිළිවෙල පසුගිය සෙනසුරාදා ආරම්භ කළා. අද දෙවන අදියරයි. ලබන 28 සිකුරාදා සිට දිවයින පුරා පාසල් සහ රාජ්‍ය ආයතනවල තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය ලැබී තිඛෙනවා. පරිශ්‍ර පිරිසිදු කර ගැනීමෙන් පමණයි ඩෙංගු රෝගය පාලනය කළ හැක්කේ. දිවයිනට පැමිණ සිටින ලෝක සෞඛ්‍ය සංව්ධානයේ නියෝජිතයින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සහ ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා ක්‍රියාකාරී සැළැස්මක් සකස් කර තිඛෙනවා. සති 04 කින් ඩෙංගු වසංගතය සියයට 50 දක්වා අඩු කර ගැනීමෙි ක්‍රියාකාරකම් එහි ඇතුළත්. මෙි පිළිබදව ලබන සදුදා (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කර ලෝක සෞඛ්‍ය සංව්ධානයේ කි්‍රයාකාරී සැළැස්ම ක්‍රියාත්මක කරනවා. එමගින් ඩෙංගු මරණ අඩු කර ගැනීමට හැකියාවක් ලැඛෙනවා. මෙි අතර, ලෝක සෞඛ්‍ය සංව්ධානයේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ ඩෙංගු මරණ සංඛ්‍යාව සියයට 03 ක මට්ටමක පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිකාර සේවාව නිසි පරිදි සිදු වන බවයි.

බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා බදවා ගත් මදුරු මර්දන සහායකයින්ට පැය 02 ක පුහුණුවක් ලබාදීමට ද ලෝක සෞඛ්‍ය සංව්ධානයේ නියෝජිතයින් තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී මදුරු මර්දන සහායකයින්ට තවත් රුපියල් 500 ක දීමනාවක් ද ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස මහතාට දැනුම් දෙන ලදි. දැනට මදුරු මර්දන සහායකයින්ට ලබාදෙන වැටුප වන්නේ රුපියල් 22500 කි. අමතර දීමනාව රාජකාරියේ නිරතවන සෑම දිනකම ලබාදෙන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.”

– ප‍්‍රසන්න අධිකාරී

75 views
Main News