සතොසට විරුද්දව ස්වදේශී වෙතින් තහනම් නියෝගයක්..

July 4, 2021 at 8:20 am | lanka C news
සතොසට විරුද්දව ස්වදේශී වෙතින් තහනම් නියෝගයක්..

දශක අටක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ. 2021 ජුනි 22වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි.

ස්වදේශී කොහොඹ හි සාඩම්බර හිමිකරු සහ නිෂ්පාදකයා වන ස්වදේශී, දශක අටක කාලයක් පුරා ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වේ. ස්වදේශී විසින් අත්පත් කර ගත් මෙම ජනප්‍රියත්වය අවභාවිතා කරමින් ස්වදේශී කොහොඹ සන්නාමයට අතිශය සමාන ලෙසින් සතොස කොහොඹ ඇසුරුම් කිරීම හා සන්නාම කිරීමත්, ලංකා සතොස හා රීබෝන් ලංකා විසින් නිෂ්පාදනය, අලෙවි කිරීම සහ විකිණීමත් මගින් “ස්වදේශී කොහොඹ” හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ස්වදේශී පවසා සිටියි.

ස්වදේශී වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥ ජනාධිපති උපදේශක රොමේෂ් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද කරුණු උපදෙස් පිළිබද සළකා බලමින් ස්වදේශී හි පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදනය වන “ස්වදේශී කොහොඹ” සන්නාමයට සමාන වන අයුරින් කිසිදු ආකාරයක නිෂ්පාදනයක්, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සිදු කිරීම වැළැක්වීමට රීබෝන් ලංකා සහ ලංකා සතොසට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි.

ස්වදේශී කොහොඹ වසර 80ක් පුරා භාවිතා වන ලියාපදිංචි වෙළඳ ලකුණක් මෙන් ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි නිෂ්පාදනයකි. 100%ක් ශ්‍රී ලාංකික ආයතනයක් වන ස්වදේශී Covid-19 ආරක්ෂිත කළමනාකරණ සහතිකය ලබා ගත් පළමු ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ආයතනය ද වේ. 1941 වසරේ ස්ථාපිත ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ ශාකශාර නිෂ්පාදන සම්බන්ධව, ක්ෂේත්‍රයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන අතර ISO 9001: 2015 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලද සමාගමකි. ස්වදේශී වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ආදරය හා විශ්වාසය දිනූ ස්වදේශී කොහොඹ, රාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි යන ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධය. අසූ වසරක ඉතිහාසයක් ඇති ස්වදේශී විශිෂ්ටත්වයේ විශ්වසනීය පිටුබලය සමගින් ගෝලීය වෙළඳ පොළට පිවිසෙමින් සිටියි.

සම මෘදුව පිරිසිදු කරන ස්වභාවික ශාකසාර අමු ද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන ගුණාත්මක බවින් යුත් හොදම තත්වයේ සම රැක ගන්නා නිෂ්පාදන සදහා ස්වදේශී විශේෂතාවක් දක්වයි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. මෙම සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි.

ස්වදෙශී කර්මාන්තායතනය වෙනුවෙන් නීතීඥයින් වන ජනාධිපති උපදේශක රොමේෂ් ද සිල්වා මහතා, ශානක කුරේ මහතා සහ වසන්තකුමාර් නයිල්ස් මහතා පෙනී සිටි අතර D. L & F De Saram නීතීඥ සහ නොතාරිස් උපදේශ ලබා දෙන ලදි.

– JOSEPH Thavaraja

54,175 views

7 Comments to “සතොසට විරුද්දව ස්වදේශී වෙතින් තහනම් නියෝගයක්..”

  1. ධර්මපාල තුමා says:

    ඉඩ ලද විගස මෙය ලියමි මගෙ සුදු අම්මෙ
    කපටිකම් නැති අහිංසකකම් ඔබලග බොහෝමයි අම්මෙ
    කපටිකමට වඩා අහිංසකකම වටින බව තේරුනේ ඔබගෙනි අම්මෙ
    උපන් දිනයට ආයුබෝවෙන්ඩ ගුණමකු කම් නැති මගෙ අම්මෙ

    නුඹගේ අහිංසකකම් වලට ගුරුදෙව් නුවණ පෙව්වා අම්මෙ
    ඒ් නුවණින් හිමාලය දැක්කා මම අහිංසක අම්මෙ
    නුඹ නැතුව එම කන්ද මට හරි උසයි අම්මෙ
    අහිංසකකම් තියාගෙන එය නගිමි මගෙ ගුරු අම්මෙ

    මගෙ සමය රට ජාතිය සිංහල භස නුඹ දුන් යාගයි අම්මෙ
    එම යාග කිරිම පුතෙකුගෙ යුතුකම අම්මෙ
    එය කිරිමට හය්ය දුන්නෙ මුල් ගුරු නුඹයි අම්මෙ
    මෛත්‍රිය නැතුව එය කල නොහැකි බව දනිමි අම්මෙ

    මිත්‍ර දෝහි විම අපට පුරුදු නොකල අම්මෙ
    අප්පච්චිගෙ අඩු තැන් පිරවු මගෙ සුදු අම්මෙ
    බාධක මැද අටලෝ දහමින් නොසැලුනු අම්මේ
    ඔබ කල පින් ඇතිවේ නිවන් දකින්නට මතු යම් දිනක අම්මෙ

  2. නාමරත්න says:

    පක්ෂ පාට බලන්නේ නැතිව, ‌සිංහල දෙමළ මුස්ලිම් ද බලන්නේ නැතිව 100% දේශීය වන මෙම නිෂ්පාදන අපි මිලදී ගමු, නම බලමු. රැකගත්තොත් ගොඩ නැත්නම් නාගන්නත් ඩොලර් ‌පිටට

  3. Rathnayake says:

    අනුන්ගේ වෙළද නාම හොරකම් කරන උන්ට දැඩි දඩුවම් දෙන්න ඕන.

  4. අනිත්‍ය නිසා දුක says:

    ස්වදේශී කඩා වැටුනොත් ඒ මාකට් එක අල්ලන්නෙත් යුනිලීවර්. එතකොට රටේ ධනය පිට රටට ඇදෙනවා. සතොසට අවශ්‍ය නම් යුනිලීවර් කොපි කරන්න.

  5. Ganganath says:

    Ape de api rakaganimu….
    Swadeshi….Diriyen Idiriyata

  6. අනේ කාලේ වනේ වාසේ says:

    දැන් හොරකම සහ කොපි කිරීම සහ වංචාව
    පුරුදු කරවන්නේ ආණ්ඩුව විසින්මයි .මේවා මෝළ නෙමේ මොළ ගෙනාපු නැව්. අනේ කාලේ වනේ වාසේ ……

  7. Pradeep ( Ranpura Agencies ) says:

    කොපිකල හැක. සමකල නොහැක.
    නමුත් මෙවැනි බාල වැඩ දැක දැකත් නිහඩව සිටිය නොහැක.ආඩම්බරයි ස්වදේශීය කොහොඹ..👍

Main News