සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කල අයෙකුට පොලිසිය වෙඩි තබයි..

August 3, 2021 at 3:26 am | lanka C news
සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කල අයෙකුට පොලිසිය වෙඩි තබයි..

කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කළැයි කියන සැකකරුවකුට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා ඇති අතර කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටින ඔහු අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා  (01) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ ප්‍රගති මාවතේ පදිංචි තැනැත්තෙකි.

කළුතර සතොස ශාඛාවට 31 පැමිණ ඇති සැකකරු රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කර ගෙන යාමට උත්සාහ කිරීමේදී අල්ලා ගත් බවට එහි කළමනාකාරිනිය වන දන්කොලුවගේ රූපවතී යන අය දුරකථනයෙන් දකුණු කළුතර පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එහි යන විට සැකකරු සතොස පරිශ්‍රයෙන් පැන ඒ අසල ස්ථානයක සිට ඇත. පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පොලිස් සැරයන් (55284) අල්විස් මහතාට බොතල් කටුවකින් ඇන ඇති බවත් එම අවස්ථාවෛ් එහි සිටි උප ​පොලිස් පරීක්ෂකවරයා මොහුගේ පාදයට වෙඩි තබා ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

ඉන්පසු වෙඩි පහර කාගෙන පලා ගිය සැකකරු නාගොඩ ප්‍රගති මාවතේ පිහිටි නිවසේ සිටියදී ​පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

තුවාල ලැබූ පොලිස් නිලධාරියාද කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා කළුතර නාගොඩ මහ රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කරන ලදී.

ලක්ඛිත විද්‍යාසේකර – කළුතර
aruna

51,109 views

22 Comments to “සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කල අයෙකුට පොලිසිය වෙඩි තබයි..”

  1. Ranjan says:

    Ammo banku horu nidalle.minimaruwo nidalle.podi hora athule,wadagath hora eliye.srilankawe neethiya oi

    • හේනේ මාමා says:

      මේ ආර්ටිකල් එක හොඳට කියවලා ඊට පස්සෙ ආපහු ‍තෝ කියාපු කොමෙන්ට් එක කියවල බලපන්. ලැජ්ජයි නේ.

      • Dishum says:

        බටර් හොරා පොඩි හොරෙක් තමා , අනික් එවුන් බටර් ගාල නෙ කරන්නෙ වැඩේ

  2. dil says:

    The police action here is acceptable. The accuse has tried to attack and this is the return.

  3. ආබාධිත ජන පවුර says:

    කොහෙන් හරි හේතුවක් හොයාගෙන උපන් රටට ගරහන ජාතියක් දැක්කමයි අප්පා. ඇස ඇර බලන්න ලෝකේ දියුණු යයි කියන රටවලත් මෙවැනි සිදුවීම් ඕන තරම් දකින්න පුළුවන්. යකෝ ආබාදිත අපිට මේ රට ගැන තියන කැක්කුම ඇස් කන් අත පය හරියට තියන තොපිට නැති එක ගැන ලැජ්ජයි යකුනේ. ක්රිමිනල්, දර්ශන අබයකෝන්, පොහොටුවා, පොදුජන ජය, අපි ගොන්නු නොවේ, ජගත්. ඔබ හැමෝම මෙරටේ ආබාධිත ජනතාව ගැනත් මෙතන ලියන්න. එක ඔවුන්ගේ හෙට දවසට මහත් රුකුලක් වේවි.

    • හේනේ මාමා says:

      ඒ මහත්තයෝ සුද්දා බිහිකරල ගිය අවජාතක සෙට් එක. එවුන්දලා ප්‍රවෘත්තිය වත් කියවන්නේ නැතුව රටට බනින්න බලාගෙන ඉන්නේ. උන් යුරෝපා රටක ලැට් එකක් හෝදන්න ගියත් සුද්දා ඉහලිම්ම වර්ණනාව. ඒව වෙනස් කරන්න අමාරුයි.

Main News