සතොස ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල දමයි.. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකට සීමා කර පනවයි…
May 27, 2022 at 8:40 am | lanka C news
දිවයින පුරා සතොස ශාඛා වල (26) දින සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල දමා ඇති බව පාරිභෝගිකයන් කියා සිටියි.
ඉකුත් සතියේ සතොස රු 175 කට අලෙවි කල පොන්නි සම්බා කිලෝවක් රු 200 කටත් , රු 145 කට අලෙවි කල දේශිය රතු සහල් කිලෝවක් රු 175 කටත් , රු 170 ට අලෙවි කල සිනි කිලෝවක් (26) දින වන විට රු 177 ටත් , රු 489 ට ඉකුත් සතියේ අලෙවි කල ආනයනික රතු පරිප්පු කිලෝවක් රු 560 කටත් අලෙවි කරන බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.
මිල වැඩි කලද ඇතැම් ආහාර ද්‍රව්‍ය සිමිත තොග ප්‍රමාණයක් පමණක් සතොස ශාඛා වෙත එහි පාලන අධිකාරිය විසින් නිකුත් කර තිබු අතර , එම ප්‍රමාණය පාරිභෝගිකයන්ට සමසේ බෙදා දිම සදහා සිමා කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.
– රංජිත් රාජපක්ෂ
SATHOSA is not a charitable institution to sell goods below the cost. Any issues of corruption and poor management within the institution should be addressed separately.
දේශීය නිෂ්පාදකයාට ඩොලර් අර්බුදයක් නෑ ? දේශීය කිරිපිටි හා අහාර ද්‍රව්‍ය මිළ ඉහල දැමීම සාධාරණ නොවේ. කල දුටු කල වල ඉහ ගැනීමක් ද ?