සතොස මහා සුදුලූනු වංචාව වහන්න දේශපාලන බලපෑම්.. ධුරයෙන් යන්නැයි පරීක්‍ෂණ බලධාරියාට කියලා…

September 14, 2021 at 10:00 am | lanka C news
සතොස මහා සුදුලූනු වංචාව වහන්න දේශපාලන බලපෑම්.. ධුරයෙන් යන්නැයි පරීක්‍ෂණ බලධාරියාට කියලා…

සතොස ගබඩාවෙන් සුදු ලූනු කිලෝ 56,000 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට එම තනතුරෙන් ඉවත් වන ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇත.

තමා මෙම තනතුරට පත්කළේ දූෂණය සහ නාස්තිය වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකඟතාව මත බවත්, තමා ඉවත් කරන තෙක් ඉවත්ව නොයන බවත් ඒ මහතා  පැවැසීය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සුදු ලූනු වංචාව හඳුනා ගැනීමේදී සතොස විසින් ඒවා ගෙන්වා ඇත්තේ සුදු ලූනු ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවට අනාවරණය වූ බවත් පෞද්ගලික ආයතනයකට ඒවා අලෙවි කර ඇත්තේ ලදුපතක් (ඉන්වොයිස්) හෝ ලබා ගැනීමකින් තොරව බවත් හෙළිවී ඇතැයි ගුණවර්ධන මහතා කීය.

මේ ආකාරයෙන් උඳු ආනයනය කර තෙවැනි පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

– divaina

39,112 views

15 Comments to “සතොස මහා සුදුලූනු වංචාව වහන්න දේශපාලන බලපෑම්.. ධුරයෙන් යන්නැයි පරීක්‍ෂණ බලධාරියාට කියලා…”

  1. නාරද says:

    අඩු කොලිටි සබන් වලට නම දාගන්න දුන්නේ කවුද කියත් ‌හෙව්වොත් සතොසෙන් බාල බඩු අලවිකරණවා කියන හැගීමත් නවත්වන්න පුළුවන්

    • නයා says:

      සතොස සන්නාමයෙන් අලෙවි කරන්නේ අඩු කොලිටි සබන්ද?

      • නාරද says:

        නයෝ පොල්ල වරද්දගන්න කැමැති නැහැ. ඒක් සතොසට ආදරෙයි

  2. අපි ගොන්නු නොවේ....! says:

    ආන්ඩුව යන ගී කියනවා….

  3. Sagarika Alvis says:

    ane ai appa me me welawe asarana wela inna minissunta sathosen aduwata ganna thiyena ekath kalu kada mudalalilata denne. me niladriyawa allala gas badinna oni nathuwa sadarane ishta wenne nah’

  4. රුක්ෂාන් සිල්වා says:

    කාගෙවත් බලපැමෙන් තොරව පරිඛ්ෂණ කටයුතු කරන්න ඉඩ දිය යුතුයි.

  5. Chathura Gunarathna says:

    samawak thiya hithanan wath hoda na eh gana nam. pissu yaka adikarana katauythu walata agili gahanna awa.

  6. රංජිත් විජේසිංහ says:

    සතොස කියන්නේ අහිංසක දුප්පත් මිනිස්සු භාණ්ඩ මිලදී ගන්න තැන. ඉතිං එතන ඔය වගේ දෙයක් වුණාම ඔවුන්ට ගොඩක් බලපානවා. නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ ඒකයි සමානය මනුස්සයට කරන සාධාරණයක්.

  7. Sunil Perera says:

    mun mara kalakanni wada neh karanne? munata samawak denna hoda nah kawadawath uparima ddaduwam kala yuthui.

  8. පබිලිස් says:

    මෙවා එත්තනම් නාමල් බෙබි චන්ද්ද ය ඉල්ලන්නෙ නෙතුව හිටිය නම් හොඳ යි

  9. ගෞම් ඊයාරාජ් says:

    අනේ බං වියත්තු පෙන්නලා , ඔරකල් ඩේටාබේස් , ආර්ටිෆිශල් ඉන්ටෙලිජන්ස් පෙන්නලා බලයට ඇවිල්ලා හොදටම කලේ මොනාද ? තමන්ට තින්බ නඩු ටික අයින් කරගත්තා , පරණ හොරු ටිකම ආපහු රෙද්ද අස්සේ දාගත්තා , ඇමෙරිකන් කාරයෙක්ව මුදල් ඇමතිකරලා , මහෙන්ද්‍රන්ටත් එහා හොරෙක් වෙච්චි කබ්‍රාල්ව මහ බැංකුවට පත් කලා , උබලා හිතුවේ රට හදන්න කියලද ? මොංගල්ද ඩාලීන් ? 😂😂😂

  10. Gamini Senanayake says:

    දැනි ඔප්පු වෙනව හොරැ කවුද කියල?
    අනිත් ඒවත් ඔහොම තමයි.

Main News