සතොස විකුණන්න සූදානමක්.. ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි..

October 12, 2021 at 12:02 am | lanka C news
සතොස විකුණන්න සූදානමක්.. ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි..

ලංකා සතොස පාඩු ලබන, වංචා දූෂණ සිදුවන හා ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ විකුණන ආයතනයක් යැයි පවසමින් විකුණා දැමීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

එසේ විකුණා දැමීමට පෙර සතොස ආයතනය සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

එක්තරා ලීසිං ජාලයක් සහ පෞද්ගලික ව්‍යාපාර හිමි සමාගමකට මෙම සතොස ආයතනය විකුණා දැමීමට දේශපාලන බලවතුන් සූදානම් වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

33,790 views

12 Comments to “සතොස විකුණන්න සූදානමක්.. ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි..”

  1. saman says:

    දා රවීලා , බදූයිදීන්ලා අශ ප්‍රඥා බන්ධුලලා ,අලයලා , සතොස කියන්නේ අමූ හොර ගුහාවක් , පොඩි එකාගේ ඉදලා ලොකු එකා වෙනකං කරන්නේ පතුරු යන්න ගහන එක , බහුතර රාජ්‍ය ආයතන එහෙමයි , හැමදේටම කොමිස් ,ජරාව නැතුව බෑ. මේකට හොදම විසදුම තමයි පැහැදිලි කළමනාකාරීත්වය , විනිවිද ගිණුම් සහ විගනනය. මේ පාණ්ඩුවේ මහ උන්නාන්සේ පටන් ගත්තේ තමන්ගේ අරමුදලේ විගනනයෙන් තොර කරලා ඉතින් ලස්සනට ආදර්ශය සපයලා දීලා තියනවනේ , මහ කකුළුවා ඇදේට ගිහින් අනිත් එවුන්ට කෙලින් යන්න කියන්න බෑනේ.

Leave a Comment

Main News