සතොස විකුණන්න සූදානමක්.. ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි..

October 12, 2021 at 12:02 am | lanka C news
සතොස විකුණන්න සූදානමක්.. ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි..

ලංකා සතොස පාඩු ලබන, වංචා දූෂණ සිදුවන හා ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ විකුණන ආයතනයක් යැයි පවසමින් විකුණා දැමීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

එසේ විකුණා දැමීමට පෙර සතොස ආයතනය සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

එක්තරා ලීසිං ජාලයක් සහ පෞද්ගලික ව්‍යාපාර හිමි සමාගමකට මෙම සතොස ආයතනය විකුණා දැමීමට දේශපාලන බලවතුන් සූදානම් වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

33,910 views

12 Comments to “සතොස විකුණන්න සූදානමක්.. ලීසිං ඇතුළු ව්‍යාපාර සමාගමක් මිලට ගන්න යයි..”

  1. 3% ට බය බයියා. says:

    ලක් මවගේ ඇස්,මස්,ලේ විකුණාගෙන පොහොට්ටුවේ කට්ටිය රජසැප විදිමින් සිටිනවා .පොහොට්ටුව ගොඩ ජනතාව කනත්තට රට වලපල්ලට .

    • බිංකුණ්ඩා says:

      බැරිද දන්නෑ මුලු රටම මිනිස්සුත් එක්කලම එකපාර හොඳ රටකට විකුණලා දාන්න.

  2. මන්ද බුද්ධික පතිරණ says:

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි විකුනුවා වගේ තියෙයි නේද මන්ද බුද්ධිකයො?

  3. xman says:

    හොර ගුහාව කාට හරි විකුණලා පාඩු නවත්තන එක නරක වෙන්නේ කොහොමද යකෝ ?,SriLankan එකත් ඔය වගේම සුදු අලියෙක්නේ.

  4. Amila says:

    ලංකාව වැනි දූශිත රටක රජයන් ව්‍යාපාර කරන්න යාමෙන් ජනතාවට සහන සලසනවාට වඩා වෙන්නේ ඇමතිලාට, ජාවාරම් කාරයොන්ට හා නිලධාරීන්ට ගසා කෑමට අවස්ථාව ලැබීමයි. ඒකේ බරත් අන්තිමට අපිටමයි. ඒක නිසා ඔය ආයතන අනිවාර්‍යයෙන් වැඩි කොටස් ප්‍රමානයක් පුද්ගලික අංශයට විකුණා පරිපාලනය එම සමාගම් වලට ලබාදිය යුතුයි. (එහෙම කලොත් ගොඩ දෙනෙක් ගේ ගතම් එකට කෙල වෙන හින්දා ඕක කවදාවත් වෙන්නේ නෑ) ඕවා ඔයහැටි පරිස්සම් කරන්න කෞතුක වස්තු නෙවෙයි. ආයතන වලින් බලාපොරොත්තු වෙන වැඩේ වෙන්නේ නැත්නම් එක්කෝ වහලා දාන්න ඕනි, නැත්නම් පාලනය පෞද්ගලික අංශයට දෙන්න ඕනි.

  5. Tin Tin Silva says:

    Good Buddhe, we will take one liquor shop together.

  6. Sri Lankan says:

    Given reasons are correct. Sell this corrupted organization

  7. වන්ධිබට්ට says:

    ගොටාභය තුෂාන් ගුනවර්දන දාලා කරන්න ඕන කරපු වැඩේ දැන් කෙරෙනවා.

  8. asiri fernando says:

    Lanka sathosa is a very corrupt organizational. Politicians, businessmen and officers exploit it. This should be privatised without delay.

  9. පැන්ඩෝරා පේපර්ස් says:

    එදා රවීලා , බදූයිදීන්ලා අශ ප්‍රඥා බන්ධුලලා ,අලයලා , සතොස කියන්නේ අමූ හොර ගුහාවක් , පොඩි එකාගේ ඉදලා ලොකු එකා වෙනකං කරන්නේ පතුරු යන්න ගහන එක , බහුතර රාජ්‍ය ආයතන එහෙමයි , හැමදේටම කොමිස් ,ජරාව නැතුව බෑ. මේකට හොදම විසදුම තමයි පැහැදිලි කළමනාකාරීත්වය , විනිවිද ගිණුම් සහ විගනනය. මේ පාණ්ඩුවේ මහ උන්නාන්සේ පටන් ගත්තේ තමන්ගේ අරමුදලේ විගනනයෙන් තොර කරලා ඉතින් ලස්සනට ආදර්ශය සපයලා දීලා තියනවනේ , මහ කකුළුවා ඇදේට ගිහින් අනිත් එවුන්ට කෙලින් යන්න කියන්න බෑනේ.

  10. mgj says:

    This is very good decision. need to do very quickly/ soon and then we can see competition with other privet shops. now no goods, cleaning very ugly, goods arrangement not neat, service terrible.

Main News