සතොස ශාඛාවක් විවෘත කරන්න ජනපති යයි..
March 30, 2017 at 8:02 am | lanka C news
ලංකා සතොස පාරිභෝගික සත්කාර සතිය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් ලක් සතොස 328 වැනි ශාඛාව කොහුවල දී විවෘත කරනු ලැබීය.
පාරිභෝගික සත්කාර සතියේ දී ලක් සතොස සුපිරි වෙළෙඳ සැල් ජාලය තවදුරටත් පුළුල් කරමින් නව ශාඛා 53ක් රට පුරා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතිබව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නවීන ලෝකයට ගැලපෙන පරිදි මේ නව ශාඛා සියල්ල පරිගණක ගත කර, ආරක්ෂිත කැමරා සවිකර සියලු පහසුකම් සහිතව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. එමගින් පාරිභෝගිකයන්ට වඩාත් කඩිනම් හා ඵලදායී සේවාවක් ලබාදීමට ලංකා සතොස ආයතනය අපේක්ෂා කරයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ මේ වර්ෂය අවසානයට පෙර ලක් සතොස ශාඛා 500ක් රට පුරා ආරම්භ කරන බවයි. ලක් සතොස මගින් රජයේ සිල්ලර වෙළෙඳාම පවත්වාගෙන යන අතර එමගින් වෙළෙඳ පොළ තරඟකාරීත්වයක් ඇතිකර වඩාත් ගුණාත්මක භාණ්ඩ අඩු මිලට ජනතාව අතට පත්කිරීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ලක් සතොස ශාඛා 500ක් ආරම්භ කිරීමෙන් පසු ලක් සතොස බලයලත් අළෙවි නියෝජිතයන් 8000ක් ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කරමින් රජයේ සිල්ලර වෙළෙදාම වඩාත් පුළුල් කරමින් වෙළෙඳ පොළ අවශ්‍යතා සඳහා භාණ්ඩ ජනතාවට සැපයීම ලක් සතොසේ අරමුණ බව එහි සභාපති නීතිඥ ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා සිය පිළිගැනීමේ කතාවේ දී කියා සිටියේය.
ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර වර්ග 25ක් හඳුනාගෙන එම ද්‍රව්‍ය අඩු මිලට ලබා දීමට සතොස කටයුතු කර ඇති බවත් පසුගිය කාලයේ හාල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යද්දී හාල් සඳහා පාලන මිලක් නියම කර ජනතාවට පාලන මිලටත් අඩුවෙන් සහල් ලබා දෙමින් ලක් සතොස අනූපමේය සේවයක් සිදුකරන ලදී.
අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ පාඩු ලබන ආයතනයක් බවට පත්ව තිබූ ලක් සතොස ලාභ ලබන ආයතනයක් ලෙස වැඩිදියුණු කිරීම විශාල අභියෝගයක් වූ බවයි. ඒ සඳහා ජාත්‍යන්තර උපදේශාත්මක ආයතනයකින් වාර්තාවක් කැඳවා එහි උපදෙස් අනුව කටයුතු කළ බවත් පළමු පියවර ලෙස ලක් සතොස වෙළඳ සැල් ජාලය පරිගණක ගත කිරීමත් ආරක්ෂිත කැමරා සවිකිරීමත් ආරම්භ කළ බව ඇමතිවරයා පවසයි.
එමෙන් ම 2013 හා 2014 වර්ෂයන් හි ගිණුම් වාර්තා පවා සකසා නොතිබීම ගැටළුවක් වූ බවත් ඒ සියල්ල ගැන සොයා බලා අවශ්‍ය පියවර ගනිද්දී සතොස ගබඩාවල මිලියන ගණනක් වටිනා භාණ්ඩ කල් ඉකුත්වී ගොඩගසා තිබූ බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍යවරයා පවසන්නේ ලක් සතොස වෙළෙඳ ජාලයේ ශාඛා 100ක් දැනටමත් පරිගණක ගත කර තිබෙන බැවින් එම ශාඛාවන්හි භාණ්ඩ අවසන්වන ආකාරය හා අවශ්‍යතා කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී ඇති බවයි.
ලක් සතොස මෙරට සිල්ලර වෙළෙඳාමේ ප්‍රධානතම ආයතනය බවට පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අරමුණ බව ද අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කීවේය.
මේ අවස්ථාවට මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් රැස්ව සිටියහ.
– සජීව විජේවීර
..and also His excellency 🐂 is scheduled to declare open a toilet next week, showing boosted economy 💹
Maithreeth Mahinda wagema thamai. Ona kunu godak open karanna yanawa publicity hamba wenawanam.
මහින්ද open කරපු කුණු ගොඩවල් කියපංකො බලන්න.
Who is this bloody Idiot Asaranaya, You idiot can not compare our great leader ‘ Mahindha Mahathaa” to 8std passed Pamba raala
විල්පතුව වගේ සතොසත් ඉවරයි …සිංහලයා තාම නිදිය …හම්බයා රටම වනසයි
අර මගෝඩිස්ල රැළටත් එක්ක කීයක් වියදම්ද?
Shows he has nothing better to do.
ගහේ කටු උල් කරන්න ඕන ද?
සතොස කඩයක් විවෘත කරන්නත් ඡනාධිපති යන්න ඕන නම් අහවල් දෙයක් කරන්නද වෙළද ඇමතියෙක් ඉන්නේ…?