සතොස සහල් ටෙන්ඩරයට ප‍්‍රධාන මෝල් හිමියන් කිසිවෙකු නෑ.. පොලොන්නරු ප‍්‍රධාන සහල් මෝල්වලින් දිනකට ලොරි දෙකක් පමණයි..

September 7, 2021 at 3:50 pm | lanka C news
සතොස සහල් ටෙන්ඩරයට ප‍්‍රධාන මෝල් හිමියන් කිසිවෙකු නෑ.. පොලොන්නරු ප‍්‍රධාන සහල් මෝල්වලින් දිනකට ලොරි දෙකක් පමණයි..

සතොස වෙළෙඳසල් 400 මගින් ඉදිරි සතියක කාලයේ අලෙවි කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 4000 ක් මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරයකට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිසිවකුත් මිල ගණන් ඉදිරිපත් කර නොතිබූ බව අනාවරණය වෙයි. ටෙන්ඩර විවෘත කිරීම වෙළෙඳ අමාත්‍යාංයේදී ඊයේ (6 වැනිදා) පස්වරුවේ සිදු විය.

ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ සුළු පරිමාණ සහල් මෝල් හිමියන් පස් දෙනකු පමණකි. එම සහල් මෝල් හිමියන්ට ඉදිරිපත් කළ හැක්කේ සහල් මෙට්‍රික් ටොන් 1500 කටත් අඩු ප්‍රමාණයක් බව මෙහිදී අනාවරණ විය.

සුදු කැකුළු, නාඩු, සම්බා හා කීරි සම්බා වර්ගවලින් සහල් මෙට්‍රික් ටොන් 1000 බැගින් මිලදී ගැනීමට මෙම ටෙන්ඩරය කැඳවා තිබුණි. ඊයේ (6 වැනිදා) දිනයේදී සතොස වෙළෙඳසල්වල සම්බා හා කීරි සම්බා අලෙවි නොකළ බවද වාර්තා වෙයි. ඒ අවශ්‍ය තරම් සහල් තොග නොලැබීම හේතුවෙනි. රතු හා සුදු කැකුළු මෙන්ම නාඩු සහල් පාලන මිලට කිලෝග්‍රෑම් පහ බැගින් එක් පාරිභෝගිකයකුට අලෙවි කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබුණි. දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසල් ජාලයේද සම්බා හා කීරි සම්බා අලෙවි නොකළ බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් සහල් සඳහා පාලන මිල පැනවීමෙන් පසු සහල් සැපයුම අඩාළ කිරීමට සහල් මෝල් හිමියන් සූදානම්වන බව වාර්තා කළේය.

පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් දෙදෙනාට සහල් ලොරි 30-40 ක් වෙළෙඳපොළට නිකුත් කරද එහෙත් පෙරේදා (5 වැනිදා) දිනයේදී එම මෝල්වලින් ලොරි රථ දෙක බැගින් පමණක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද අනාවරණය වේ.

– aruna

48,551 views

21 Comments to “සතොස සහල් ටෙන්ඩරයට ප‍්‍රධාන මෝල් හිමියන් කිසිවෙකු නෑ.. පොලොන්නරු ප‍්‍රධාන සහල් මෝල්වලින් දිනකට ලොරි දෙකක් පමණයි..”

  1. රංජිත් විජේසිංහ says:

    මේවා රට ගොඩ ගන්නවට අකමැති පිරිස විසින් සිදු කරනු ලබන ප්‍රකාශ හේතුවෙන් වෙන දේවල් මේවට වගකියන්න ඕනී රට අස්තාවර කරන්න පරස්පර විරෝධී හා කිසිදු සත්‍යතාවක් නැති ප්‍රකාශ නිකුත් කරන අය. රටක් දිවුනු වෙයිද මෙහෙම.

  2. බන්ඩා says:

    රට පාලනය කරන්නේ හාල් මෝල් ඔලිගාච්ලා වගෙය්.

    • සිරා හිටං says:

      විවුර්ත වෙළදපොල හාල් මාපියාවට තේරෙන්නෙ නැහැ.

      • ගන්ජ බන්ඩා says:

        රජය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල පාලනය සදහා මැදිහත් විය යුතුමය්.

  3. Nuwan says:

    ඝෝටාභය ප්‍රමුඛ රඡය සද්දෙ දාන්නේ පොඩි මිනිහට ව්තරයි. සහල් මෝල් කාරයෝ ඉදිරියේ බල්ල නගුට පුකේ ගහ ගත්ත වගෙ වෙව්ලනව. මුන් මොක්කුද? මුන් සේරටම ඩඩ්ලි දැක්කම රෙවෙනවා. 69 ලක්ෂේ ඒකෙක් ඉන්නව නම් හරි උත්තරයක් දීපන් ඇයි උඹලගෙ ලොක්ක මේ තරම් නෝන්ඡල් වෙන්නෙ කියල. බලාගෙන යද්දි ආන්ඩුවේ සේරම ඒවුන් සමනලයොනේ.

  4. Sri Lankan says:

    Parigogika adikaraiye lokka.. Dudley ta sir kiyala kathakale.. lejjai.. Mr. Dudley kiwwanam kamakne..

  5. Dudley says:

    Ado gota thota puluwanam waren polonnaruwata.

Main News