සතොස සහල් ටෙන්ඩරයට ප‍්‍රධාන මෝල් හිමියන් කිසිවෙකු නෑ.. පොලොන්නරු ප‍්‍රධාන සහල් මෝල්වලින් දිනකට ලොරි දෙකක් පමණයි..

September 7, 2021 at 3:50 pm | lanka C news
සතොස සහල් ටෙන්ඩරයට ප‍්‍රධාන මෝල් හිමියන් කිසිවෙකු නෑ.. පොලොන්නරු ප‍්‍රධාන සහල් මෝල්වලින් දිනකට ලොරි දෙකක් පමණයි..

සතොස වෙළෙඳසල් 400 මගින් ඉදිරි සතියක කාලයේ අලෙවි කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 4000 ක් මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරයකට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිසිවකුත් මිල ගණන් ඉදිරිපත් කර නොතිබූ බව අනාවරණය වෙයි. ටෙන්ඩර විවෘත කිරීම වෙළෙඳ අමාත්‍යාංයේදී ඊයේ (6 වැනිදා) පස්වරුවේ සිදු විය.

ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ සුළු පරිමාණ සහල් මෝල් හිමියන් පස් දෙනකු පමණකි. එම සහල් මෝල් හිමියන්ට ඉදිරිපත් කළ හැක්කේ සහල් මෙට්‍රික් ටොන් 1500 කටත් අඩු ප්‍රමාණයක් බව මෙහිදී අනාවරණ විය.

සුදු කැකුළු, නාඩු, සම්බා හා කීරි සම්බා වර්ගවලින් සහල් මෙට්‍රික් ටොන් 1000 බැගින් මිලදී ගැනීමට මෙම ටෙන්ඩරය කැඳවා තිබුණි. ඊයේ (6 වැනිදා) දිනයේදී සතොස වෙළෙඳසල්වල සම්බා හා කීරි සම්බා අලෙවි නොකළ බවද වාර්තා වෙයි. ඒ අවශ්‍ය තරම් සහල් තොග නොලැබීම හේතුවෙනි. රතු හා සුදු කැකුළු මෙන්ම නාඩු සහල් පාලන මිලට කිලෝග්‍රෑම් පහ බැගින් එක් පාරිභෝගිකයකුට අලෙවි කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබුණි. දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසල් ජාලයේද සම්බා හා කීරි සම්බා අලෙවි නොකළ බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් සහල් සඳහා පාලන මිල පැනවීමෙන් පසු සහල් සැපයුම අඩාළ කිරීමට සහල් මෝල් හිමියන් සූදානම්වන බව වාර්තා කළේය.

පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් දෙදෙනාට සහල් ලොරි 30-40 ක් වෙළෙඳපොළට නිකුත් කරද එහෙත් පෙරේදා (5 වැනිදා) දිනයේදී එම මෝල්වලින් ලොරි රථ දෙක බැගින් පමණක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද අනාවරණය වේ.

– aruna

48,619 views

21 Comments to “සතොස සහල් ටෙන්ඩරයට ප‍්‍රධාන මෝල් හිමියන් කිසිවෙකු නෑ.. පොලොන්නරු ප‍්‍රධාන සහල් මෝල්වලින් දිනකට ලොරි දෙකක් පමණයි..”

  1. dev says:

    gihin ganna balen

  2. මැදමුලනෙ මුත්තා says:

    භාණඩ මිළ පාලනය කරල, ගැසටි ගහල, හමුදාව දාල මෙි ප්‍රශ්නෙ විසඳන්න බෑ. වෙළඳපොල විවෘත කරපල්ලා, නිෂ්පාදකයින්ට අවස්ථාව දීපල්ලා. වෙළඳපොල තරඟයක් ඇතිකරපල්ලා. නිකමිම මිළ බහියි. නැත්නමි මුංටත් යන්න වෙන්නෙ 77 සිරිමා ගියාවගේ පුපෙන්.

    • Consumer says:

      Have to agree. Let there be more competition in the market and the consumer will benefit. What the Government should do is to help small rice mills to upgrade and increase production.

    • dev says:

      ekata rata wiwurtha karanna ona

      etakam me serama. unta mekata awastawak denna bari nam ganan rajayata. mokada yamapalanen bata kala inne. mula indala hadanna ona hama dema.

    • Anuradha says:

      මේ ප්‍රධාන හාල් මෝල් හිමියන් එදා මහා උජාරුවට කිවානේද හරි ප්‍රශ්නයක් නැහැ අපි ඒ විදියට කරමු කියා මම මේ කියන්නේ ඩඩ්ලි ඇතුළු අනිත් ලේ මාපිල්ලන්ටයි. ඉතින් යකෝ උබළා දැන් පාර්ලිමේන්තුවේ හදිසි නීතියත් සම්මත කරගත්තානේද ඊයේ මේ අත්‍යවශ්‍ය බඩුවලට?? ඉතින් ගනින්කෝ මුන් කට්ටියගෙම බඩු බලෙන් දෙන්න බැරිනම් අරගෙන රාජසන්තක කරපල්ලා එයට පසු රටේ සෑම වෙළඳ සැල්වලින් සහණයට ජනතාවට මේවා ගන්න ක්‍රමයක් සකස් කරලා ඉක්මණින් නිකුත් කරපල්ලා. ඔය විදියට එකාගේ දෙනාගේ සහාල්,සීනි.පිටි.ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික දේවල් ගන්නාවිට ලස්සණට බඩු බජාර් එකට බසිවී සට,සට ගාලා.නැතිව පොන්න මුසලයින්වගේ සිටියොත් වෙන්නේ තෝපි කෙසේවෙතත් අපිට බඩගින්න ඉන්න තමයි

    • Kobaa says:

      ජනාධිපති තුමනි මුන්ට ඉඩ දෙන්න එපා කීයටවත් කොහොමද ඒකාධිකාරය අතට අරං තියෙන තරම. ඔබට හැරුණුකොට වෙනකිසිවෙකුටත් මුන්ව පාලනය කරන්න බැහැ. හාල් පිටරටින් හෝ ගෙන්වා තත්වයට මුහුණ දෙමු. ඔය ඇතුලෙ ඉන්න මෝල් කාරයට ආයෙ පක්ෂෙන් ටිකට් එක දෙන්න එපා.

  3. Jude perera says:

    Hal amathi kiyanne halwalin swayamposithai kiyalane
    Dan ehea newda ehenam

  4. කපටියා says:

    ලන්කාවෙ බොහෝ අය වැඩ කරන්නේ මොලේ කලදක් නැති උන් වගේ. ලන්කාවෙ ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයන් ලොකු ගානක් මේ වගේ තමයි. ඇඟ තිබුනාට හරක් රැලක් මෙන් ආත බූත නටනවා.

  5. මචං says:

    අර ඒ……….දවස් වල සහල් පාලනයට දාපු හමුදා මහත්තතයා කෝ බං ?

  6. 3% ට බය බයියා. says:

    හදිසි නීතිය 🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

  7. Sunil Perera says:

    menna tawath horu okun okkoma allala kelawanna oni. yko sathosata hal denna bari nam mun kohetada denne?

  8. Sagarika Alvis says:

    ane amme megollanta wenne mokadda kiyla dan me golloma danne nha. pau

  9. Chathura Gunarathna says:

    me wage kala kanni nam thiyanna watinne nh satthu. munta ai gowiyo hal nodi idiya nm hari. okkoma rajayen aragaththa nam me monawath nh anika.unta hal adikariya dila thiyenne.

  10. රුක්ෂාන් සිල්වා says:

    මුන්ට දැන් තමා දෙයියො සිහි වෙන්නේ. ඇ දෙයියනේ ගොවියෝ මහන්සියෙන් වගා කරලවත් මෙච්චර බලු වැඩ කරන්නේ නෑ. සත්තු

Main News