සතොස සුදුළෑණු වංචාව යට ගහන්න නිලධාරින්ට අල්ලස් දෙමින්..

September 27, 2021 at 2:10 pm | lanka C news
සතොස සුදුළෑණු වංචාව යට ගහන්න නිලධාරින්ට අල්ලස් දෙමින්..

සතොස ආයතනයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සතොස නිලධාරීන්ට අල්ලස් ලබාදීමට සිටි බව කියන තවත් සැකකරුවන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ ගණනක මුදල් සමග පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (28 දා) දක්වා බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සුදුලූනු මිලදී ගැනීමට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයාගේ ගෝලයන් බවත් ඔවුන් සුදුලූනු ගනුදෙනුව අවසන් වීමෙන් පසු රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් අල්ලසක් ලෙස ලබාදීමට සිට ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා මීට පෙරද මෙවැනි ජාවාරම් සිදුකර තිබේ දැයි හෙළිකර ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරයි.

මෙම සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සතොස නිලධාරියකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇප මත සිටින අතර තවත් පිරිසක් මේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.

චමින්ද සිල්වා
– Divaina

31,977 views

9 Comments to “සතොස සුදුළෑණු වංචාව යට ගහන්න නිලධාරින්ට අල්ලස් දෙමින්..”

  1. saman says:

    එහෙම වන්චාවක් වෙලා නෑ බොරුවට අහින්ශක මිනිස්සුන්ට මඩ ගහනවා

  2. HUKARIS says:

    Anivaryenma, Alagiyawanna Mukaweti Pandithuma havul.
    “Bundulooo Gomangni,” kiya keley kegasanaTarzan bada mekata sambanda dei mama nodanimi.

  3. SL says:

    රජයේ සල්ලි හොරකම් කරන කාලකන්නි බල්ලන්ට අයිති සියලුම දේපල රාජසන්තක කලයුතුයි.
    මේ වගේ කූට ගනුදෙනු සහය දුන්නු කාලකන්නි රාජ්‍ය සේවයේ ඉන්න උනුත් ,ඇමති ලත් එකට තියල වෙඩි තියන්න ඕනේ .

  4. desta says:

    alagiya and 2500rs ehemath aresst. Karanna

  5. ගන්ජ බන්ඩා says:

    අංවක මිනිසුන්ට රජයේ රැකියා වැටුපෙන් ජීවත් වෙන්න බැහැ. ඒකය් ඇත්ත. සුදුලූනු අඹරන ඹක්කොම හොරැ

    • බන්ඩා says:

      මෙහෙමය්. දක්ෂ හැකියාවක් තියන අය රජයේ රැකියා වලට යන්නෙ නැහැ.

      • Karu says:

        rajaye rekiya walata yana aya balen bandawa gaththa aya nevi. Owun labena padiya denagenayi sewayata bandune. Padiya madinam, part time job ekakwath hoya ganna. Nethnam labena padiya hatiyata jeewath wenna igena ganna.

  6. පබිලිස් says:

    මේ වගේම තමා SLITA ආනයනයෙ නිලධාරීන් පගා මරුවො .පිට රටින් ගෙන්වනෙ බාල රෙදි ලන්කාවේ නිපදවන බවට සහතික කොට පාසල් නිල අදුම් රෙදි හා ත්‍රිවිධ හමුදා පොලිස් නිල අදුම් රෙදි වලින් හොඳ අල්ලස් ගන්න වා

Main News