සද්දන්ත දල පූට්ටුවා මරා දමා දල කපා ගනී.. හිත් කම්පා කරන පින්තූර මෙන්න..
November 30, 2017 at 3:50 pm | lanka C news
වෙඩි තබා ඝාතනය කරන ලද ගල්ගමුවේ දළ පුට්ටුවාගේ මළසිරුර කහල්ල-පල්ලෙකැලේ අභයභූමි රක්ෂිතයේ හොරොව් වැව ඉස්මත්තේ ඝන කැලෑබඳ ප්‍රදේශයක තිබියදී 29 වෙනි දින පස්වරුවේ විශේෂ කාර්ය බලකාය මගින් සොයා ගෙන ඇති බව වනජීවී අංශ සදහන් කරයි.
හමුවී ඇති මළ ඇත් සිරුර මිට මාසයකට පමණ පෙර පෙර මියගිය ඇතෙකුගේ බවද වනජීවී අංශ කියා සිටියි. ඇත්දල කැපු ලකුණු පැහැදිලිවම දැකගැනිමට හැකිවු බවවත් හමු වු සිරුර බෝහොවිට ගල්ගමුවේ දලපූට්ටුවා ගේම විය හැකි බවද වන ජිවි අංශ විශ්වාස කරයි .
ඉකුත් 22 වෙනි දින රුපියල් ලක්ෂ 20 කට ඇත්දළ යුගලක් හා ගජමුතු හයක් අලෙවි කිරීමට සුදානම්ව සිටි අවස්ථාවේ දි සුඛෝපබෝගී මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනකු පානදුර වලාන දුෂන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ සැකයක් මත ගල්ගමුවේ දළ පුට්ටුවා සොයා මෙම මෙහෙයුම ආරම්භ කෙරිණි
ඉකුත් 25 වෙනි දින සිට වනජීවී නිලධාරීන් අතුරුදහන්වූ දළ පුට්ටුවා සොයා ආරම්භ කර තිබු මෙහෙයුමට වනජිව් අමාත්‍ය වරයාගේ උපදෙස් මත (පසුගිය බදාදා 11 29 ) විශේස කාර්ය බලකාය,පොලීසය,සිවිල් ආරක්ෂක බලකය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. මෙම මෙහේයුම දලපුට්ටුවා සැරිසැරැ කහල්ල රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව වර්ෂාවද නොතකා සිදුකල අතර බදාදා හවස් වන විට ඇත් සිරුර සොයා ගැනිමට හැකි විය.
වයස අවුරුදු 44 ක් වන දළපුට්ටුවා ලංකාවේ වනාන්තර ආශ්‍රිතව වාසය කල සද්දන්ත ඇතෙකි. පරිසර හිතකාමින් ගල්ගමුවේ දලපුට්ටුවා නම් වු මෙම ඇතාගේ ජිවිතය අණතුරේ බව නිතර නිතර පෙන්වා දුන්නේය. ඒ මෙම ඇතාට කීප අවස්ථාවකදිම වෙඩි තබා තිබිම හෙතුවෙන් හා මාධ්‍ය මගින් මෙම ඇතා නිතර නිතර පෙන්විම නිසා ජාවාරම් කරුවන්ගේ ඇස ගැටිම නිසාවෙනි. එනිසාම වනජිවි නිළධාරින්ගේ අවධානය ලබා තිබු ගල්ගමුවේ ඇතා ඉකුත් ඔක්තෝම්බර් මස මුල් සතියෙන් පසු වනජීවී නිලධාරීන්ගේ නෙත ගැටී නොතිබූ අතර අවසන්වරට හේරත්ගම -මහා කිරිල්ල හා කුඩා කිවුල වැව ඉස්මත්තේ සරිසරමින්සිට ඇති බව වනජීවී අංශ කිය යි.
ඉකුත් 22 වෙනි දින සුඛෝපබෝගි මොටර් රථයකින් ගොස් රුපියල් ලක්ෂ 20 කට ඇත්දළ යුගලක් හා ගජමුතු හයක් අලෙවි කිරීමට උත්සහාකිරිමේදි සුඛෝපබෝගී මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනකු පානදුර වලාන දුෂන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගල්ගමුවේ දලපූට්ටා නැවැත වනජිවි නිලධාරින් ට හා රටට මාතෘකාවක් බවට පත්විය. ඒ අනුව ඇතිවූ සැකයක් මත ගල්ගමුවේ දළ පුට්ටුවා සොයා විවිධ ආකරයේන් මෙහෙයුම ආරම්භ කෙරිණි. ඒ අනුව ඇත්දල හා ගජමුතු විකිනිමට ගොස් හසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගල්කිරියාගම පොලිස් වසමේ තිදෙනාගේන් එක් අයෙකුගේ ඉඩමක් හා වනාන්තර ප්‍රදේස යන්ත්‍ර යොදා ගෙන කැනිම් කලේය.
ඇත්දල විකිණිමට ගොස් අසු වි ඇත්තේ ගමබාරදුන් රජයේ නිළදාරින් දෙපලකි. ඒ ගල්කිරියාගම ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරි වරයකු හා වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකි. මිට අමතරව තවත් එක් සැකකරුවෙකු ද වැටලිමෙදි පොල්පිතිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සැකකරුවන් සමග ඇත්දල ප්‍රවාහනය කරමින් තිබියදි අත්අඩංගුවට ගැනුණු මෝටර් රථයේ අංකය ව්‍යාජ ඒකක බවටද තොරතුරු අනාවරණය වී ඇත.
ගල් ගමුවේ ඇතා දැන් මරා අවසන්ය සුපුරුදු පරිදි ඇත්කුන පිලිබදව පරික්ෂණ සිදුකරිමට වනජිවි ඇමැති වරයා නියොග ලබා දුන්නේය . වනජිවි දොස්තරලා එය සිදු කරණු ඇත. සැකකරැවෝ හො වෙනත් පුද්ගලයකු හෝ මෙම ජාවාරම මේහෙයු පුද්ගලයන් හෝ වෙනත් අය අල්ලනු ඇත. ඒහෙත් මෙරට වනාන්තර වල සිටින සීමිත ඇත් හා අලි රැක ගැනිමට විශේෂ වැඩපිලිවෙලක් සැකසෙන් ඇද්ද? මෙ අන්දමේම අලි ඇත්තු තවත් කෙතරම් ප්‍රමාණයක් අනාරක්ෂිත වි ඇද්ද ? අලි ඇතුන් කෞතුකාගාර වලින් දිනය වැඩි ඈතක නොවනු ඇත.
සියළු පින්තූර මෙතනින්
– මහින්ද උදයසිරි රත්නායක
kalakanni munwa marapalla salliwalata ganna eunwath marapalla
මිනිසා පරිණාමය උන එක අනික් සතුන්ගේ කරුමයද?
අහස කම්පා වෙලා තියෙන්නෙ මෙවැනි අපරාධ නිසා. හෙට අනිද්දට පොලවත් කම්පා නොවුනොත් තමයි පුදුමෙ.
සැකකරුවන් සියලු දෙනාම එම ස්ථානයට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කල යුතුයි.
මෙවැනි අපරාධකරුවන් කිසිදු සමාවකින් තොරව ජීවිතාන්තය දක්වාම සිර කර තැබිය යුතුයි. වල් හරකුන් වැනි පාලකයො සිටිනා රටක සතුන් සීපාවුන සහ වනන්තර විනාශය නොදකී.
මේ ජාතික සම්පත නැසූ කාලකන්නි සියළුමදෙනාත් ඒ සදහා උන්ට අනුබල දුන් සහ එය දැනසිටි සියළුම දෙනාටත් ඉතාමත්ම ඉක්මනින් අතීශය වේදනාකාරී මරණය ලඟා වෙනු ඇත. ස්වභාවධර්මයේ බියකරු බව ඔවුන් මරණාසන්න මොහොතේදී සහ ඊට පෙරදීත් අත්විදිනු ඇත. මේ නරුම වැඩේ කල උන්ව දන්නා කියන අය මුන් සහ මුන්ගේ පවුල් ඉදිරි කාලයේ ගෙවන්නට නියමිත ඒ අවාසනාවන්ත සිදුවීම් දැකබලාගෙන පවින් මිදෙත්වා…!!!
අලි පෑටව් හෑදුවා කියලානෙ රටේ හාමුදුරුවරු හිරේ දෑම්මෙ. දෑන් ඉතිරු වෙලා හිටපු ඈත්තු ටිකත් ඉවරයි.
මේ ජාතිය අපරාධය කරපු උන්ගේ මුළු හත්මුතු පරම්පරාවම නැති වෙලාම යන්න ඕනී.. ඕකුන් මරලා මේ සත්වයා වගේම කැලේ කුණුවෙන්ඩ අරින්ඩ ඕනී..දෙයියනේ් කොච්චර අපරාධයක්ද..? මිනිස්සු මැරුනට වැඩිය දුකයි මේ වගේ ජාතියේ සම්පත් මෙහෙම උදුරා ගන්නකොට..😢😢😢😢
Puduma kalakirimak athi wenne mewa dakiddi,ahaddi.apith hari awasanawanthai mewa dakinna ahanna labenna tharam.ai minissu me tharam thirisanuntat wada antha wela tiyenne.upadinna epa me sansare aye nam.