සදාචාරයක් ඇතිනම් අගමැති හා කැබිනෙට්ටුව ඉල්ලා අස්විය යුතුයි…- මෛත‍්‍රී කියයි…

January 30, 2018 at 6:28 am | lanka C news
සදාචාරයක් ඇතිනම් අගමැති හා කැබිනෙට්ටුව ඉල්ලා අස්විය යුතුයි…- මෛත‍්‍රී කියයි…

මේ ආණ්ඩුව ජනවාරි 08 වැනිදා බලයට පත්වුනේ රෙටි පුරවැසියන්ට යහපාලනයක් ගේනවා කියලයි. නමුත් අද ආණ්ඩුව කරන්නේ එකිනෙකාට දොස් කියා ගනිමින් රටට විහිළුව සපයමින් කුලල් කා ගැනීම විතරයි යනුවෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකමි නීතීඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා පැවසුවෙිය.

ඒ නුවරඑළිය ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

තව දුරටත් අදහස් දැක්වු මෛතී‍්‍ර ගුණරත්න මහතා,

අපි මේ යහපාලන ආණ්ඩුව හදන්න ලංකාව පුරා සෑම නගරයක් ගානේම ඇවිදපු අය. එදා අපි මිනිස්සු ලඟට ගිහින් කිවිවා පැවති රාජපක්‍ෂ ආණ්ඩුව දූෂිතයි ඒ නිසා ඒ ආණ්ඩුව පරාජය කරන්න ඉදිරියට එන්න කියලා. ඒ අනුව ජනතාව වඩා හොඳ රටක් හා රාජ්‍ය පාලනයක් බලාපොරොත්තුවෙන් යහපාලන අපේක්‍ෂකයා දිනවන්න කටයුතු කරා. ඒ වගේම මහ මැතිවරණයේදී අළුත් ආණ්ඩුවක් හදන්න මිනිස්සු තමන්ගේ ඡුන්දය පාවිචිචි කරා නමුත් ඒ අපිව විශ්වාස කරපු මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න  ආණ්ඩුවට අද වෙනකොට බැරි බව ඔප්පුවෙලා ඉවරයි. යනුවෙන් සඳහන් කලේය.

තව දුරටත් අදහස් දැක්වු මහ ලේකමි වරයා,

ආණ්ඩුව පත් වෙලා මාස ගනනක් යද්දිම මහ බැංකුව මංකොල්ල කෑවා ඒ නිසා සමිපුර්ණයෙන් ආණ්ඩුව අපකීර්තියට පත් වුනා. අද වෙනකොට මේ සමිබන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවකුත් පිටවෙලා තියෙනවා. වැරදි කාරයෝ සාක්‍ෂි එක්ක හෙළිවෙලා. තාමත් අගමැතිවරයා චුදිතයන් ආරක්‍ෂා කරන තැනකයි ඉන්නේ. අපිට කියන්න තියෙන්නේ ලැජ්ජයි අගමැති තුමනි කියලා විතරයි.

වර්තමාන ආණ්ඩුෙවි ගමන් මග පිලිබඳව අදහස් දැක්වු මෛතී‍්‍ර ගුණරත්න මහතා,

අද බලන්න ජනාධිපතිතුමා ආණ්ඩුවට චෝදනා කරනවා, ආණ්ඩුෙවි මැති ඇමතිවරු විතරක් නොවෙයි පසුපෙළ මන්තී‍්‍රවරු පවා ජනාධිපතිවරයාට චෝදනා කරනවා, අපහාස කරනවා, මෙහෙම ආණ්ඩුවකට පවතින්න පුළුවන්ද ජනාධිපතිවරයා පසුගිය දවසේ මාධ්‍ය ප‍්‍රධානීන් කැඳවලා තමන්ගේ කැබිනටි මණ්ඩලයේ හොරු සහ බලය අවභාවිතා කරන ඇමතිවරු ඉන්න බව කිවිවා. මේක බරපතල චෝදනාවක් හරි නමි කැබිනටි මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි. මේ තත්වය උඩ යුරෝපා රටවල එහෙම දේශපාලන සදාචාරයක් තිබුනත් අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනටි මණ්ඩලයට එහෙම සදාචාරයක් නැහැ.

මෙහෙම බල අරගලයක් තියෙන තත්වයක් තුළ ඔබ තීරණය කරන්නේ මේපලාත් පාලන මැතිවරණයේදී බලය දෙන්න ඔිනෑ කාටද කියලා අපි ආණ්ඩුව හදන්න දරදිය ඇද්ද උදවිය. නමුත් පුරවැසි බලාපොරොත්තු ඉටු කරන්න බැරි වුනා. ඒ නිසයි අපි කියන්නේ කෙසෙල් ඇවරිය ඉදිරියේ කතිරයක් ගහලා අපිට තීරක බලය දෙන්න කියලා. අපිට පුළුවන් ඒ ශිෂ්ඨ සමිපන්න ක‍්‍රමය පුංචි තැනකින් පටන් ගන්න යනුවෙන් සදහන් කලේය.

– කේ.ටී. දර්ශන

74 views

15 Comments to “සදාචාරයක් ඇතිනම් අගමැති හා කැබිනෙට්ටුව ඉල්ලා අස්විය යුතුයි…- මෛත‍්‍රී කියයි…”

  1. kith says:

    may kiyanne pacha My3 newei ne.

    • ජනක says:

      “අපි තරහයි හදමු අපේ ආණ්ඩුවක් ”
      චිත්‍රපටිය

      මේ රගදැක්වෙන්නේ එම චිත්‍රපටියයි
      චන්දයට දිනකට දෙකකට පෙර එහි උපරිම රංගනය හෙවත් ජනපති
      ජාතිය අමතා අගමැති වෙනස් කරන බවත් අලුත් ආණ්ඩුවක් හදන බවත්
      අලුත් අගමැති “මහින්ද “විය හැකි බව නම නොකියා කියනු ඇත

      එසේම එකම ගෙදර පක්ෂ දෙකක් උවමනා නැති බව කියනු ඇත

      ජනාදිබයිලා වලට හසුනොවෙමු

      • සාරංග says:

        සදාචාරයක් තියෙන මිනිහෙක්නම් පිටුපස්සට පිහියෙන් ඇනලා කෑම කාලා පනිනවද ?වැදගත් පවුලක වැදගත් මිනිහෙක් කවදාවත් කරන වැඩක්ද එක ?
        අනුන්ගේ සදාචාරකම් ගැන කතා කරන කවුරුත් තමුන් මොන තරම් පහත් වැඩ කරලා තියෙනවද කියල හිතල බලන්නේ නෑ.

        ඉස්සරකාලේ දේශපාලනයට ආවේ සිටුවරු වගේ මිනිස්සු ඔවුන්ට තිබුනේ මහා විශාල ආත්මාභිමානයක්
        අනුන්ගේ සත පහක්වත් නොදැනුවත්ව ගත්තොත් ඔවුන් පොලව පලාගෙන යාවි ලැජ්ජාවේ .දැන් ඉන්න දේශපාලකයෝ බහුතරයක් පෙළපත් තියෙන මිනිස්සු නෙවෙයි නිකම්ම නිකන් මිනිස්සු ,කොලනි කාරයෝ ,රස්තියාදු කාරයෝ .උන්ගේ ජිවිතයට ඕනා මුදල් සහ කවදාවත් තිබුනේ නැති ගවුරවය .උන්ගේ පවුල් එදා ඉඳලම සමාජයේ පහත් තැන්වල හිටපු උන් නිසා උන් හොයන්නේ ගවුරවය ,එක ලබාගන්න ඔවුන් මුදල් පසුපස්සේ යනවා පවුල් පිටින් ජාවාරම් කරනවා .අද අපි අත්දකින්නේ අන්න ඒ ජඩයන්ගේ දේශපාලන බාවිතාව .

        • සුදා says:

          කවුරුහරි අර මෝඩ පුතා සහ තක්කඩි දියණිය අදුනන කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ උඩින් තියෙන කොමෙන්ට් එක උන්ට පෙන්වන්න මොකද උන් දැනගන්න ඕනා උන්ගේ පවුල ගැන රටේ මිනිස්සු හිතන්නේ මොනවද කියල .

      • සද්ද ආචාර says:

        සදාචාරයක් ඇතිනම් අගමැති හා කැබිනෙට්ටුව ඉල්ලා අස්විය යුතුයි…- මෛත‍්‍රී කියයි…

        සදාචාරයක් ඇතිනම් මෛත‍්‍රී ඉල්ලා අස්වී පොහොට්ටුවට රට බාරදී යා යුතුයි…- චන්ඳ්‍රිකා කියයි…

  2. kamalasirikuruwita says:

    මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • Upali says:

      හලෝ, පුවත හරියට කියවලා කතා කරන්න. මේ කියලා තියෙන්නෙ ජනපති මයිත්‍රී නොවේ.

      • HUKARIS says:

        UPALI – palayan wesa rilawa , enawa comment danna

      • සුදා says:

        උපාලි උඹ පඹ පවුලේ සැට්ටම්බියෙක් වගේ අර උඩින් සාරංග ලියල තියෙන කොමෙන්ටුව උන්ගේ පවුලේ උන්ට පෙන්නපන්කෝ ලොකු පිනක්

        • Upali says:

          යකෝ, මගේ බාශාව වෙනස් කරල කතා කරන්නාම් .බලපියවු හොදට තොපේ ඇස් දෙක ඇරලා මේ කියන්නේ මයිත්‍රී ගුනරත්න, නැතුව සිරිසේන නොවේ. මම තරම් සිරිසේන රනිල් ප්‍රබන්දයට විරුද්දව කොමෙන්ට් කරපු එකෙක් ඇතිද. මෝඩයෝ වගේ අපහාස කරන්න එපා.

  3. සාධාරණ මිනිසා says:

    කියන සමහර දේවල් ඇත්ත වුනාට .මෙව කියන්නේ නොම්‍මර එකේ විහිලු කාරයෙක්

  4. බන්ඩා says:

    ඔට්ටුය් මේ සන්ටැඹියන්ට එ මංත්‍රි කෙනෙක් පත් කොර ගන්න බැරැවට. අද වෙනකොට තක්කඩි ‘යහපාලන’ රෙජිමයට එකම එක විකල්පයය් තියෙන්නෙ. අමතක කොරන්න එපා! ඒ පොහොට්ටුව විතරය්.

  5. amara says:

    Mona pinpeyekda me….

  6. Saman says:

    Muta thawa kurudu polu pharsk onevelada koheda.

  7. Buddhist says:

    Sadacharayak athnam, anduwe nayakaya Janadhipathi, ehemanam Janadhipathi issrawela aswenna oni.

Main News