සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා.. මම ආයෙත් නම් දාන්නෙ නෑ..- සජිත්

July 3, 2020 at 3:50 pm | lanka C news
සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා.. මම ආයෙත් නම් දාන්නෙ නෑ..- සජිත්

ගම්මාන සාදා නම කැත කර ගත් ලෝකයේ එකම පුද්ගලයා තමන් විය හැකි බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉදිරියේදී තමන් විසින් ඉදිකිරීමට සැලසුම්කර ඇති මහල් නිවාස සංකීර්ණ සඳහා නම් දැමීමට තමන් කටයුතු නොකරන බවද ඒ සදහා ජනතාව විසින් නම් යෝජනා කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

තමන් විසින් සදා ලෝක පූජිත ගම්මාන නම් කිරීමෙන් පසු විවිධ පුද්ගලයන් එක එක කතා කී බව ද ඔහු සිහිපත් කළේය.

එනිසා මෙවර තමන් නිවාස හා නිවාස සාදා නම් නොදමන බවත් කැමති නම් ඇත්නම් යෝජනා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරන ප‍්‍රචාරක කටයුතු සදහා යාපනය බලා යමින් සිටින අතරවාරයේ තම ප්‍රාඩෝ රථයේ සිට අන්තර්ජාලය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

"නොනවතිමි…" #PuthaKnows

"නොනවතිමි…" #PuthaKnows

Gepostet von Sajith Premadasa am Donnerstag, 2. Juli 2020

0 views

28 Comments to “සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා.. මම ආයෙත් නම් දාන්නෙ නෑ..- සජිත්”

  1. Agbo says:

    මූට තව අවුරැදු 20කින් නිවාස හදන්න වෙන්නෙ නැහැ. හේතුව යූඇන්පිය සහ සජබ නැවත බලයට එන්නෙ නැහැ.

  2. ටෞකන්ඩ says:

    ගෙවල් 2500ක් හදලා පවුල් 61000 කට නිවාස දුන්නලු
    එතකොට එක ගෙදරක පවුල් 24 පදින්චි කලාද? නැත්තන් ඉතුරු පවුල් 58500 මූගේ ගෙදරද ඉන්නෙ?

    මූට බොරුවක් කියාගන්නවත් මොලේ නෑ

  3. Kalakanni niroshan badaaa d s senanayake college says:

    You are asking and eating