සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි..- හමුදාපති

November 5, 2020 at 10:40 am | lanka C news
සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි..- හමුදාපති

බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය.

සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව ද ඔහු සඳහන් කළේ ය.

දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසීය.

අද පෙරවරුයේ දෙරණ නාලිකාව සමග එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

මෙවර පැතිරෙන වෛරසය ඉතා භයානක එකක බවත් මුව ආවරණ පවා වැරදියට පැලද සිටියොත් වෛරසය ශරීරගත විය හැකි බවත් ඔහු එහිදී කීය.

100,817 views

29 Comments to “සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි..- හමුදාපති”

  1. Fernand says:

    Please encourage to wear a face shield together with the face mask and sanitizer. I know this will be an added expense. Yet life is more expensive I suppose. Social distancing is really important. All these measurs bring positive results in the Philippines

    • Sugathapala says:

      When checked last there were 3362 Corona related deaths and 388 876 Corona cases in the Philippines. You can double check on google for accuracy. In comparison Sri Lanka has only 26 deaths and 12,500 cases. Clearly we are far ahead than the Philippines in the effort to control the uncontrollable.

  2. Power says:

    ලංකාවට මුලින්ම කොරෝනා ආ වෙලාවේ ඔය මොකුත් බලන්නෙ නැතුව මුළු රටටම පොලිස් ඇඳිරිනීතිය දැම්මා නේද හමුදාපතිතුමනි. ඇයි මෙවර විතරක් මේ ආර්ථිකයක් ගැන කතා කරන්නෙ, ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යන්ඩත් රටේ ශ්‍රම බලකාය වන මිනිස්සු නිරෝගීව ඉන්න ඕනී නේද. දැන් ඉතින් පිහියෙන් කපන්ඩ තිබුණ එක පොරොවෙන්වත් කපන්ඩ බැරි ගාණට පත් වෙලා ඉවරයිනේ.

    • Amare says:

      අනේ බන් ඒකාලෙ රට වැහුව හින්ද නන්නත්තාර වෙලා තියෙන්නෙ ලංකාවෙ ආර්තිකය… මේ පාර වහල තිබ්බොත් අපිට රට දුවාගන්නනම් MCC එකත් අත්සන් කරල තව ණය ගන්නත් වෙනව චීනෙන්… පොඩ්ඩක් තේරුම් ගනින්.. ශ්‍රම බලකාය නිරෝගීව හිටියත්, ඔය දොස්තරලට සහ අනිත් රජයේ සේවකයොන්ට පඩි දෙන්නෙ අහවල් එකෙන්ද ?

    • ඩිංගිරි says:

      කොරෝනාව පැතිරුණ නැති රටක් කියහන් බලන්න?? ඕක පාලනය කොරන්න පුළුවන් දෙයක් නං මේ වෙනකොට ලෝකේ රටවල් සහ ප්‍රාන්ත 216 කම කොරෝනා පැතිරිලා තියෙන්නේ මේ එකම රටකවත් ප්‍රාන්තයකවත් ඕක පාලනය කොරන්න පුළුවන් ජගතෙක් හිටියේ නැති නිසා නේද? නිකන් මෝඩ කතා නොකියා හිටහන් මී හරකෝ. පිහියෙන් හරි පොරොවෙන් හරි කපා ගනින් තොගේ කකුල් දෙක මැද්දේ පැද්දෙන මල්ලෙ තියෙන තොගේ මොලේ.

    • Jehan says:

      මාසේ පඩියක් ගන්න කෙනෙක් වගෙයි , පිළිතුරක් නැති වෛරසයක් , සහ වගකීමක් නැති (තමන්ගේ මාස්ක් එකවත් දාගන්නේ නැති හැමදේම ආණ්ඩුවෙන් කරනකන් බලන් ඉන්න ) මිනිස්සු වෙනුවෙන් ඔබතුමා යෝජනා කරන්නේ කොච්චරකල් රට වහන් ඉන්නද, මාසයක් ? දෙකක් ? වෛරසයට බෙහෙතක් හොයාගන්නකන් ?, මෙහෙම වහලතිබ්බොත් ලංකාවේ 60%කට වැඩි එදිනෙදා වේල හම්බකරණ මිනිස්සුන්ට උන්ගේ දරුවන්ට කන්නදෙන්නේ ආණ්ඩුවෙන්ද ? ඒවාට යන වියදම් ගෙවන්න රටේ අදායමක් තියෙන්න ඕනේ නේද . ඔබතුමාට වුනත් මාසේ පඩිය තව ටික කලකින් නැතිවෙලා යයි රටේ අදායම් සංසරණය නැතිවුනාම . ආර්ථිකයට පෙර මිනිස්සු ජීවත් කරන්න ඕනේ කිව්වට දැන් වෙන්න යන්නේ මිනිස්සුන් ජීවත් කරන්න ආර්ථිකය පවත්වාගෙන යන්නයි.

  3. සනත් ඉතාලිය says:

    ඇදිරිනීතිය ඉවත්කල යුතුයි . තමන් ආරක්ශාවෙන්නෙ කොහොමද කියා මිනිසුන්ටම වගකීම පැවරිය යුතුයි . පවුලෙ එකෙක් හරි පොසිටිව් උනගමන් ඒ පරම්පරාවම ස්වකැමැත්තෙන්ම නිරෝදායනය වෙයි එහෙම වෙනකොට මිනිස්සු වගකීමෙන් හැසිරෙයි. රට විවෘත කල යුතුයි . පිටරට ඉන්න අපටත් රටට එන්න දියයුතුයි. ලෙඩාමලත් බඩසුද්දයි නියායට යායුතුයි. ඉන්පසු මිනිස්සුත් තේරුම්ගනී පක්ශ පාට එකෙකුගෙන්වත් මේ රටට යහපතක් නැත .තම හිසට තම අතමය සෙවනැල්ල කියල . එතකොට අපත් දිනුම් රටත් දිනුම්

  4. prasantha says:

    THANK YOU VERY MUCH FOR ALL THE GOOD WORK. WE WILL TAKE CARE ABOUT OURSELVES. MAY ALL ADULT SRILANKANS REST IN PEACE INCLUDING 225 +1

  5. Aurora says:

    ඉතාමත් වැදගත් තීරණයක්. ජනතාවට පුලුවන් හෙලවෙදකමට අනුව ප්‍රතිශක්තිය වැඩිකරන ඖෂධ සකස්කර භාවිතයට ගන්න. GMOA මාෆියාවෙන් ගැලවී, රට ලොක්ඩවුන් නොකර ආරක්ෂාවෙන්න.

  6. බුවනෙක says:

    එතකොට දැනට ඇදිරි නීතිය පනවා ඇති අනෙක් පොලිස් බල ප්‍රදේශවල ට මොකද වෙන්නේ. කිසිවෙක් ඒ ගැන පැහැදිලි කරන්නේ නෑ.

  7. හෙලයා says:

    මේ කොරෝනා වයිරසය සමග ජීවත් වීමට පුරුදු වෙනවා ඇරුනු කොට වෙනත් විකල්පයක්.නැති බව පසුබිය මාර්තු අප්‍රේල් සිටම් කීවේ ඒකයි.. මේක පුම්බල තියෙන්න මාද්‍යය සහ බටහිර වයිද්‍ය වරුන් විසින්.. ලන්කාවේ ශාක.සාර ඔසු ඕනෑතරම් තිබෙ.. හරියට කලොත් දින 5 ත් 10ත් අතර කාලයකින් පූර්න සුවය ලබනවා.. රෝගය මුල්.අවදියේදීම ප්‍රතිකාර ගැනීම.ඉතාම.වැදගත්.. හොර දොස්තර සහ කට්ටඩියන්ගෙන් නොඅසා අපේ නාවුක හමුදාවේ රෝගීන් ට කල ප්‍රතිකාරය කුහක කම නැතිව රටට එලි කලානම්.. හැමෝටම.සාමාන්‍ය දිවිය ගත කල හැකියි..මිනිස්සු සහ ආර්තිකය සහ රටම ගොඩ නේද..

    • opps says:

      ඇත්ත, ඒවගේම කොහොමද brandix පොකුර control කරේ? පස්පන්ගුවේ බලේ, කියන්නේ නෑ නමුත් හැමෝම දන්නවා

  8. Kanday says:

    නරක අදහස. ඇඳිරි නීතිය නැත යන්නෙන් අදහස් කරන්නේ වෛරසය මෙහි පිස්සු මෙන් පැතිරෙනු ඇති බවයි. ශ්‍රී ලංකා රෝහල්වලට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොහැකි වනු ඇත. හෙදියන් දැනටමත් වෙහෙසට පත්ව සිටිති. මෙය මෙහි විශාල ව්‍යසනයක් වනු ඇත,
    තවත් මාස 1.5 ක් ඉවසිලිවන්ත වන්න.
    ධනවතුන් සඳහා බදු වැඩි කිරීම සහ වසරකට 200,000 ට වඩා අඩුවෙන් උපයන සෑම පුරවැසියෙකුටම අවම වශයෙන් 100,000 ක් වත් ඉදිරි මාස 6 තුළදී ලබා දීමට එම මුදල් භාවිතා කරන්න.
    සිදු විය.
    ලබන ජුනි මාසය වන විට වෛරස් ලෝකයෙන් පහව යනු ඇත, විශේෂයෙන් ට්‍රම්ප් අතුරුදහන් වීමත් සමඟ (බලාපොරොත්තු සහිතව).

  9. මගේ රට says:

    ඉන්න රටක් තියෙනවා නේ…ඒ ඇති

Main News