සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි..- හමුදාපති

November 5, 2020 at 10:40 am | lanka C news
සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි..- හමුදාපති

බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය.

සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව ද ඔහු සඳහන් කළේ ය.

දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසීය.

අද පෙරවරුයේ දෙරණ නාලිකාව සමග එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

මෙවර පැතිරෙන වෛරසය ඉතා භයානක එකක බවත් මුව ආවරණ පවා වැරදියට පැලද සිටියොත් වෛරසය ශරීරගත විය හැකි බවත් ඔහු එහිදී කීය.

102,842 views

29 Comments to “සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි..- හමුදාපති”

  1. Mr. එච් යු කන්නා says:

    පට්ට..හරිම සතුටුයි.
    අපේ බිස්නස් වැටුණා මේ අඳිරිනිති නිසා.
    ආණ්ඩුවේ පඩි ගන්න ආණ්ඩුවට කඩේ යන උන්ට අපේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ.

    • නීලා says:

      මාසිකව වැටුප් ගන්නා අය රට වහන්න තීරණ ගන්න දී ඔවුන්ගේ වැටුපෙන් 75% ක් එදිනෙදා ජීවනෝපාය අහිමිවන අයට බෙදා දෙන්න….

    • susa says:

      business kalakanni munta one amma tattawat wikunan kanna topita one minissunta mini petti wikunanna saliwalata badajariyo isselama tope gedara unta mini walawal kapaganin

    • දයාන් says:

      දේසපලකයෝ මෙතුමාව අභාව පරලොව ගිය අපේ ටෙනිසන් අයියට අන්දලා වගේ පෙන්නේ.

      සඳුදා ඇඳිරි නීති ඉවත් කොරනවා කියලා මෙතුමා කීවොත්, අනිවාර්යයෙන් ඒක තව සති දෙකකටවත් දික් කොරලා තමයි නවතින්නේ.

  2. ද්විත්ව පුරවැසියා says:

    “රට පෙරට – තොප වලට”

    • ඩපයා says:

      දැන් එතකොට තෝ මැරුණම තෝ මිනිය හරි අළු ටික යන්නේ හඳටද? නැත්තන් මේ ලෝකේ නොමැරෙන උන් ඉන්න රටක් ගැන තෝ අහල තියෙනවද? කොරෝනාව එන්න කලින් වෙන ලෙඩ රෝග වලින් අපේ රටේ මිනිස්සු මරුනේ නැද්ද? මල් ගහල මෝඩ කතා නොකිය හිටහන් ගොන් කපයෝ.

  3. නිළමේ says:

    ඔව් ඉතින් ” කීවා නාහන ජාතිය ඉහළ ගියත් එකයි, ප්‍රහීන ගියත් එකයි ” කියල කතාවකුත් තියෙනවා නෙ.

  4. නිළමේ says:

    ” කීවා නාහන ජාතිය ඉහළ ගියත් එකයි, පහළ ගියත් එකයි ” කියල කතාවකුත් තියෙනවා නෙ

  5. Sujatha says:

    Eka hondai curfew demata bahutharayak balanne evidinnamai. Ann duwata wagakeemak deela minissu ibagathe yanawa. Monawa unath eda wela hamba karana kana minissu amaruwen. Math drawya ganna un ibagathe e vidinawa. UNTA curfew kiyala baya nahe. Leden araksha wena vidiha dannawane sevoma. Thamange, thamange pavule arakshaka thamunta dena eka hondai.
    Sweden wala lede kochchara pethirunath minissu weda karanawa, school pawathwanawa. E e minissu ge vina garuka Bawa nisa, ape rate school pevaththuwe nethath curfew iwath karana eka hondai.

  6. Facebooක්කුවා says:

    අජිත් රෝහණ meme එකේ කිව්වා වගේ, “ඉතාමත් ම හොඳ තීරණය ක්’.

    නැත්තං අසරනයො මැරෙන්නෙ කංඩ නැතුව.

    ඇරත් මොකෝ වහගෙන හිටියා කියලා ඕක පැතිරෙන්නෙ නැතුව තියෙයි යැ හිටං

  7. rata hadamu says:

    දැන් රටේ කොහෙද? කොරෝනා නැත්තේ.
    ඊයේ දිනටත් තවත් 443කට කොරෝනා… මෙරට ආසාදිතයන් 12,187 යි.කොරෝනා මරණ දැනට 24 යි.මෙවර පැතිරෙන වෛරසය ඉතා භයානක එකක් බව හමුදාපති පවසද්දී ,රටේ හැම තැනකින්ම කොරෝනා රෝගීන් හමුවෙද්දී,කොරෝනා වලින් බේරීමට වඩාත්ම විශ්වාසදායි ක්‍රමය මුඛ ආවරණ සහ අත්සේදීම නිසි පරිදි කරමින් මීටරයක දුරස්ථ භාවය ඇතිව අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වා ගනිමින් (සෞඛ්‍ය හා ආරක්ෂක සේවයේ යෙදෙන අනාරක්ෂිත් සේවකයින්ටට ආරක්ෂිත් ඇඳුම් සහ අවශ්‍ය උපකරණ දී ) ජනතාවගේ සංචරණ ක්‍රියාවලිය බින්දුවටම බැස්සිම බව, උසස් පෙළ සමත් ළමයෙකුට උනත් තේරුම් ගත හැකිව තිබියදී,ඇඳිරි නිතිය සඳුදා සිට ඉවත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කිරීම නිවැරදි තීරණයක් ලෙස. අපට නම් පිළිගත නොහැක.එබැවින් මේ හේතුව නිසා කොරෝනා පැතිරීම සහ කොරෝනා මරණ තවදුරටත් වැඩි වුව හොත් එහි වරද නම් ජනතාව පිට පටවන්න එපා.ඇඳිරි නිතිය තිබුනත් නැතත් අපි නම් නිවසෙන් පිටතට එන්නේ නැහැ.නමුත් මුළු මහත් ජනතාවම එය ඒ අයුරින් කරාවි යයි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ,ජනතාවට විවිධ ගැටළු මතු වෙනවා ඇඳිරි නිතිය දැම්මම.එම ගැටළු විසඳීමට රජයට හැකියාවක් තිබිය යුතුයි.එම ගැටළු විසඳන්න හැකියාවක් නොමැතිකම නිසා ඇඳිරි නිතිය නොදැමීම සුදුසු ක්‍රියාවක් නොවේ.

  8. Sandun says:

    මේ කරන වැඩෙන් රට ඉවරයි.. රට මාස 3කටවත් වහන්න ඔනේ.. නැත්නම් මුලදී ඉතාලියේ මැරුනා වගේ සෙනග මැරෙයි.. අන්තිමට ඔක්කොම ඉවරයි

  9. Sanath says:

    වාහන ඇක්සිඩන්ට් වලින් මීට වඩා මැරෙනව එ නිසා වාහන තහනම් කරන්න බැනෙ. ඇඳිරිනීතියත් සදාකාලිකවම දගෙන ඉන්න බැ

  10. Wali says:

    ප්‍රශ්න තියෙන අයට සාදාරන විසදුම් දීලා, තව ටික කාලයක් මෙම පාලනය තිබුනනෙ නැතිනම් Trump, Americaවට කරා වගෙ වැඩක් තමය් වෙන්නේ… තමන්ගෙ දෙමව් පියන් , තමන්ගෙ ස්වාමියා භාර්‍යාව, අසනීප තත්වයෙන් ඉන්න ලමය් මැරෙන්න ගත්තම තමා තේරෙන්නෙ.. එතකොට පමා වැඩී….

Main News