සදුදා ඇදිරි නීතිය ඉවත් කරන්න යන්නේ කොරෝනා පාලනය වී නොවේ.. භයානක කම එසේමයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

November 7, 2020 at 9:20 am | lanka C news
සදුදා ඇදිරි නීතිය ඉවත් කරන්න යන්නේ කොරෝනා පාලනය වී නොවේ.. භයානක කම එසේමයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය වීමක් හෝ රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එනිසා ජනතාව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීමක් අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ජනතාව දිගින් දිගට ම පීඩාවට පත් කිරීමට නොහැකි හැකි නිසා මිස රෝග අවදානම ඉවත් වීම නිසා නොවන බව පවසන ඔහු එලෙස සංචාරණ සීමා අවම කර සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට අනිවාර්යෙන් හුරු විය යුතු බව ක්‍රියා සිටියේයත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පලාතට බවත් කී ඔහු කොළඹ මහ නගර සභාවේ සීමාවේ රෝගීන් වැඩි වශයෙන් හමුවන බවද සඳහන් කළේය.

48,336 views

10 Comments to “සදුදා ඇදිරි නීතිය ඉවත් කරන්න යන්නේ කොරෝනා පාලනය වී නොවේ.. භයානක කම එසේමයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී”

  1. කොරෝනා සමඟ වාසේ says:

    මා ඔබ සමඟයි…. ඔබ මා සමඟයි… ආර්ථිකේ යයි ඉහලට …ලෙඩ්ඩුන් යයි මරු තුරුලට … ලොක් ඩවුන් නෑ නැවත .. කර්ෆිව් නෑ නැවත… අරින්නේ කවදාද තැබෑරුම් ? මේ දුක මඳක් නිවාගන්න. යන්නේ කවදාද කෝච්චි… හූ සද්දය අහන්න… මාස්ක් නැති ලෝකයක් යලි අපේ පැතුමයි. පාර්ලිමේන්තු පොකුරක් … රටේ සැමගේ පැතුමයි… මා ඔබ සමඟයි…. ඔබ මා සමඟයි…

    • බන්ඩා says:

      අපි කොවිඩ් සමග ජීවත් විය යුතුය්. මොකද රට වහලා මිනිසුන්ට කන්න බොන්න බහිරව ගෙනත් දෙනවද?

    • බන්ඩා says:

      විකල්පයක් නැහැ. අපි කොවිඩ් සමග ජීවත් විය යුතුය්. මොකද රට වහලා මිනිසුන්ට කන්න බොන්න බහිරව ගෙනත් දෙනවද?

      • නානා says:

        මාසෙකට 50,000ක්වත් හම්බෙනවද අඩුම ගානේ?

  2. Saman says:

    වැඩ කරන අපේ විරුවා… ඕයේ… 😂

  3. Mr එච් යු කන්නා says:

    කොරෝනා නෙමේ මුහුද ගොඩගලල රටම යටවෙනවා කිව්වත් කවුරු අකමැති කැමති උනත් කෙටියෙන්ම ජනාධිපති අකමැති උනත් ඉතා ඉක්මනින් රට අරින්න වෙලා තියෙන්නේ. ලෝක බැංකුව රෙඩ් ලයිට් එක පෙන්නලා තියෙන්නේ තවත් ආතල් ගන්න එක නවතලා අර්ට්කය ඉසරහට ගෙනියන්න නැත්නම් ලංකාවට ගොඩක් කරදර වෙයි කියලා. අනවශ්‍ය වෙලාවක මැතිවරණයක් නිසා මාස ගණනක් රට වහගෙන හිටපු එකේ ඇරියස් එක දැන් තමා ගෙවන්න වෙන්නේ. ලොකු උන්ට නම් මේක ඇරියත් එකයි වැහුව ත් එකයි. ඉස්සරහට යන තැනකට පිනක් කරගෙන හිත හදාගෙන පාරට බැහැපන්. මිනිපෙට්ටිත් නැහැ මළ බෙරත් නැහැ.

  4. නිමල් says:

    කොරෝනා පලනය කරන්න සෙට් එකක් මම කපා ගන්නවා පොල්පිති වලින්…ඒ ගොල්ලො වැඩේ කරයි

  5. mali says:

    me dr monawa kiyanawada mata therenne ne

  6. Ayatollah says:

    The spread of Corona could not be stopped by imposing curfews The WP is experiencing 10 days of Curfew and the highest number of Corona patients are found in WP. The Daily workers and the low income groups are in a standstill with no money and no way to find Food to survive.

  7. Love nature says:

    කරුණාකර හෙළ වෙදකම බාවිතා ක‍රන්න එකම ගැලවීම එය පමණයි

Main News