සදුදා කැබිනට් සංශෝධනයට සියළු ඇමතිවරුන් කැදවයි.. සාගලගේ ඇමතිකම ජනපතිපවරා ගනී.. පිපිරීමක් ස්ථිරයි..
May 20, 2017 at 2:10 pm | lanka C news
සදුදා දින පෙරවරුවේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පැවැත්වෙන බැවින් ඊට පැමිණෙන ලෙස සියළුම කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැදවීම් කර තිබේ.
මංගල සමරවීර මුදල් අමති ලෙසත් හර්ෂද සිල්වා නියෝජ්‍ය මුදල් ඇමති ලෙසත් මෙහිදී පත් කිරීමට නියමිත යයිද වාර්තා වෙයි.
විදේශ කටයුතු ඇමති ලෙස රවි කරුණානායක යෝජනා වී ඇති අතර සාගල රත්නායක මහතා යටතේ ඇති නීතිය හා සාමය විෂය ජනාධිපතිවරයා යටතේ පවර ගැනීමට තීරණය කිරීමත් සමග අගමැතිවරයා දැඩි ලෙස කලබල වී ඇතැයිද දැනගැනීමට ඇත.
රාජ්‍ය පරිපාලන ඇමති ලෙස ගයන්ත කරුණාතිලක පත් කරනු ඇතැයිද සදහන් වන අතර මෙම ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ආණ්ඩුව තුල ප්‍රබල පිපිරීමක් සිදුවනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග කියයි.