සදුදා වන තෙක්ම එජාපය මල ගෙයක්.. එය මගුල් ගෙයක් කලේ අපයි.. සජිත්ට චෝදනා කරමින් රවී කියයි..

April 8, 2018 at 10:00 am | lanka C news
සදුදා වන තෙක්ම එජාපය මල ගෙයක්.. එය මගුල් ගෙයක් කලේ අපයි.. සජිත්ට චෝදනා කරමින් රවී කියයි..

සදුදා වන තුරුම මල ගෙයක් සේ තිබුණු එක්සත් ජාතික පක්‍ෂය මගුල් ගෙයක් බවට පත් කලේ තමන් ඇතුළු පිරිස බව හිටපු ඇමති රවි කරුණානායක මහතා සදහන් කරයි.

තමන් ඇතුළු එජාප පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායම නොවන්නට අද එක්සත් ජාතික පක්‍ෂය මළ ගෙයක් යයිද ඔහු කියා සිටියේ කොළඹ නගර සභාවේ එජාප මන්ත‍්‍රී පිරිසක් සමග වු සාකච්චාවකදීය.

නායකකමකුත් තියාගෙන එජාප ආණ්ඩුවක්ද තිබියදී තම ආසනද දිගින් දිගටම පරාජය වන පුද්ගලයන්ට රටම දිනා ගන්න එලියට එන්නැයි කීම මහා විහිළුවක් යයිද ඔහු එහිදී කීය.

මේ ආකාරයේ වැඩ කලොත් මහා නුග ගසක් සේ තිබූ එක්සත් ජාතික පක්‍ෂයට සිදු වන්නේ වාමාංශික පක්‍ෂවලට සිදුව ඇති දේම යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

හම්බන්තොටින් එලියට ඇවිත් රට පුරා යන්න සූදානම් වෙන්නැයි අගමැතිවරයා විසින් මෑතකදී ආරාධනා කරන ලද්දේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාටයි.

11 views

10 Comments to “සදුදා වන තෙක්ම එජාපය මල ගෙයක්.. එය මගුල් ගෙයක් කලේ අපයි.. සජිත්ට චෝදනා කරමින් රවී කියයි..”

  1. Saman Madampe says:

    නියෝජ්‍ය නායකකමකුත් තියාගෙන එජාප ආණ්ඩුවක්ද තිබියදී තම ආසනද දිගින් දිගටම පරාජය වන හම්බන්තොට සජිත් ට රටම දිනා ගන්න එලියට එන්නැයි කීම මහා විහිළුවක් යයිද රවී කරුණානායක කීය.

    • නිදහස් says:

      එතකොට නායක කම කාටද දෙන්නෙ. මහබැංකුව හොරාකාපු එකෙකුටද ? නැත්තම් සමනළයෙක්ටද?

  2. Joseph Fernando says:

    Send Ravi to Hambantota. Can he win the Hambantota electorate? Just think the situation in Hambantota without Sajith. If Sajith comes to central Colombo, he will mark a record win without doing anything. He will get more votes than Ravi. UNP has to allow Sajith to come forward and do some work for the nation. Ranil should mentor him and not to destroy him. Create another giant leader for the party.

    • sarath says:

      Ask Ravi to contest any seat out of Colombo even in Colombo district. He will loose Hands down.

  3. palle says:

    “සදුදා වන තුරුම මල ගෙයක් සේ තිබුණු එක්සත් ජාතික පක්‍ෂය මගුල් ගෙයක් බවට පත් කලේ තමන් ඇතුළු පිරිස බව හිටපු ඇමති රවි කරුණානායක මහතා සදහන් කරයි…”
    Yes, he is right. What he mean is, he and his gang spent bond-scam money to buy votes.

  4. David Milli-banda says:

    Joseph F’do, Ranil to mentor Sajith in what way ??

  5. Asaranaya says:

    පේඩි මාමා ( රදා මාමා ) ගෙ කල්ලතෝනි කරුපයියාගෙ ද්වන්ද සටන, ජය කාටද

  6. Love nature says:

    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

    වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේය
    ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ කාය
    අතකින් කරවැලකි අතකින් දඬුවැල් බෑය
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

  7. Jaan Pereira says:

    ඔව් ඉතින් රවිලා වගේ පට්ට හොරුන්ට උන්ගේ මඩිය තරකරගන්න රනිල් වගේ කොන්ද පන නැති ඇමීබාවෙක් අවශ්‍යයි. සජිත් වගේ කෙනෙක් ආවොත් ඔය සෙල්ලම් ඔක්කෝම ඉවරයි. රවීට තව බැංකුවක් සුද්ද කරන්න දැඩි අවශ්‍යතාවයක් තියෙන බව නම් කාටත් පේනවා

    • නිදහස් says:

      ඔබ හරි. සජිත් නිදන් කැඩුවට මිනිස්සුන්ගෙ සල්ලි හොරාකැවෙ නෑ. පොළොව යට තියෙන දෙයක් හරි හැංගිලා තියෙන සදයක්හරි අරගෙන සල්ලි කරල මිනිස්සුන්ට දුන්නට ඒකෙ වරදක් නෑ.