සදුදා විවෘත කරන්න එපා.. රට තව දුරටත් වසා දමන්න.. Sinopharm එන්නතේ මරණ අනුපාතය වැඩියි..- විශේෂඥ වෛද්‍යවරුන් දන්වති..

September 16, 2021 at 5:30 pm | lanka C news
සදුදා විවෘත කරන්න එපා.. රට තව දුරටත් වසා දමන්න.. Sinopharm එන්නතේ මරණ අනුපාතය වැඩියි..- විශේෂඥ වෛද්‍යවරුන් දන්වති..

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොරෝනා වසංගතය- දුර දිග බලා ගතයුතු අවැසි පියවර

අප සියලු දෙනා දන්නා පරිදි කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අප රට තවමත් අධි අවදානම් කලාපයේ (එනම් red list) සිටින රටකි. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම මගින් රෝගීන් සංඛ්‍යාව අඩුවීම, ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අඩුවීම සහ මරණ සංඛ්‍යාව අඩු වීම යන කරුණු තුනම මේ මොහොතේදී අපි දැන් යන්තමින් හෝ අත්දකිමින් සිටිමු .

මෙම දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික වශයෙන් ඉතාම දැඩි බලපෑමකට පත්වී ඇත්තේ සමාජයේ ඉතාම දිළිඳු පුද්ගල කණ්ඩායම් බව මනාව පැහැදිලිය. ඔවුන්ට මුහුණ පෑමට සිදු වී ඇති මෙම අති දුශ්කර තත්ත්වය අප හොඳාකාරව දන්නා නමුදු අප විසින් අමතක නොකළ යුතු දෙය නම් දැනට අප රෝගය පැතිරීම පාලනය සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක් ලබා ඇත්නම් එය තවදුරටත් රැකගැනීම සඳහා මෙම සංචාරණ සීමා දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බව ය. අප මෙහිදී අදහස් කරන්නේ සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීරණ ගැනීමේදී දිගුකාලීන ජයග්‍රහණයක් ලැබීමට නම් කෙටි කාලීන විසදුම් සඳහා නොයා යුතු බවයි.

රටක් වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ අප දැනට සිටින දැඩි අවදානම් තත්ත්වය(රතු කලාපය) යන ලේබලයෙන් මිදී දිගුකාලිනව අඩු අවදානම් සහිත තත්ත්වයක් (කොළ කලාපයට) කරා අප රට රැගෙන යාම ය. මෙහිදී තීරණ ගැනීමේ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සඳහා අවශ්‍ය කරන විශේෂඥ උපදෙස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ අප රටේ විශේෂඥයන් මීට කලකට පෙර දුන් උපදෙස් මාලා පිළි ගෙන තවදුරටත් සංචරණ සීමා දිගු කිරීම- එනම් අඩුම වශයෙන් ලබන මස මුල දක්වා එය දීර්ඝ කරන ලෙසයි. මෙය අප විසින් අනුමත කරන්නේ මෙම තීරණය මීට ප්‍රථම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ අපගේ විශේෂඥයන් විසින් විද්‍යාත්මක ලෙස දත්ත විශ්ලේෂණය කිරීමෙන් කරන ලද නිර්දේශයක් බැවිනි. තවද දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා එක්වරම අහෝසි කළහොත් අප රට පුරා දැනට විශාල වශයෙන් පැතිරෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මගින් රටේ නැවතත් රෝගීන් වැඩි වීම සහ එමගින් මරණ සංඛ්‍යාව ඉහළ යාම තුළින් අප දැනට සති කිහිපයකට පෙර ලැබූ අත්දැකීම නැවත අත්විඳීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි.

පාසල් ළමුන්ගේ එන්නත්කරණය සහ නැවත පාසල් විවෘත කිරීම ඉතා දැඩි සංයමයකින් යුතුව කළ යුතු දෙයකි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය විසින් යෝජනා කර ඇති “දැඩි අවදානම් සහිත” ළමුන්ගේ එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව අප විසින් අනුමත කරන නමුදු සියලු පාසැල් ළමුන් එන්නත්කරණය සඳහා සුදුසු දැයි තීරණය කිරීම සඳහා දැනට අන්තර්ජාතිකව ඇති දත්ත ප්‍රමාණවත් නොවේ. එසේම දැනට ඇති දත්ත මගින් අපට තීරණය කළ හැකි වන්නේ පාසැල් ළමුන් එන්නත්කරණය කිරීම අවශ්‍ය නම්, විශේෂයෙන්ම වයස අවුරුදු 12 සහ 18 අතර කණ්ඩායම සැලකීමේදී, Pfizer එන්නත මේ සඳහා ඉතාම සුදුසු එන්නත බව දැනට යෝජනා වී ඇති බවයි. තවද, ඒ සඳහා අවසන් තීරණය ගැනීමේදී තවදුරටත් විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයකින් පසුව මෙම තීරණය ගැනීම වැදගත් බව අපි අවධාරණය කරමු.

පාසල් නැවත විවෘත කිරීමේදී සිදුවිය හැකි ප්‍රධාන අවදානම නම් ලමයින්ගේ කෙළිලොල් හැසිරීම නිසා ඔවුන් අතර “ළමුන්ගෙ කොරෝනා” කණ්ඩායමක් බිහිවීමට ඇති හැකියාවයි. මෙමගින් නැවතත් පාසල් ළමුන් හරහා, වැඩි ප්‍රමාණයකට රෝගය බෝ වීම සිදුවිය හැකි වීම තවත් අවදානමකි.

සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට ගෙන ඒම මෙම අවස්ථාවේදී ආර්ථික වශයෙන් ඉතා වැදගත් වන නමුත් මෙහිදී අප විසින් ඉතා විධිමත් මෙන්ම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මගින් තෝරාගත් රටවල් කිහිපයකට වඩා ලෝකයේ ඕනෑම රටකින් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි විශ්වාසයක් ඇතිකළ යුතු අතර ඔවුන්ට මෙහිදී රෝගය බෝවීමේ හැකියාව ඉතා අවම බව ප්‍රත්‍යක්ෂ වීමේ ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.

අපගේ අවධානයට ලක් වී ඇති අනිත් කරුණ නම් තෙවැනි මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳව මේ දිනවල ඇති සංවාදයයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප දැඩි ලෙස විශ්වාස කරන්නේ සමාජ සාධාරණයට මුල්තැන දෙමින් රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති වයස අවුරුදු 60ට වැඩි අය සහ අනෙකුත් අතුරු ආබාධ ඇති පුද්ගලයින්ට මාත්‍රාවන් දෙකම ලබා දීමට පෙර තරුණ සෞඛ්‍ය සම්පන්න අයට තෙවැනි මාත්‍රාවක් ලබා දීම විද්‍යාත්මක සහ සමාජයීය මූලධර්මයන් ට පටහැනි වන බවයි. අප විසින් අවධාරණය කළ යුතු තව කරුණක් නම් වයස අවුරුදු 60 ට වැඩි සහ අනෙකුත් පිළිකා වැනි අතුරු ආබාධ ඇති , sinopharm දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇති අයට Pfizer හෝ වෙනත් වර්ගයක එන්නත තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි.

Sinopharm මාත්‍රා දෙකම ලබා වුවද මරණයට පත් වූ සංඛ්‍යාව අනිකුත් වර්ගවල එන්නත් මාත්‍රා දෙකම ලබා මරණයට පත්වූ සංඛ්‍යාවට වඩා සුළු වශයෙන් හෝ වැඩි වීම අපගේ මෙම යෝජනාවට හේතුවක් ලෙස දක්වමු.

අවසාන වශයෙන් , සමාජයේ වයස 20 සහ 30 අතර තරුණ කණ්ඩායම් සඳහා sinopharm එන්නත ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බව සෞඛ්‍ය ඉගැන්වීම් මඟින් මනාව පැහැදිලි කර දී ඔවුන්ට sinopharm එන්නත ලබාදීම මගින් ලංකාවට අවශ්‍ය කරන එන්නත්කරණ ඉලක්ක ඉතා ඉක්මනින් සපුරා ගැනීම මේ මොහොතේ දී අත්‍යවශ්‍යම කාරණයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

120,848 views

54 Comments to “සදුදා විවෘත කරන්න එපා.. රට තව දුරටත් වසා දමන්න.. Sinopharm එන්නතේ මරණ අනුපාතය වැඩියි..- විශේෂඥ වෛද්‍යවරුන් දන්වති..”

  1. NAK says:

    Either these so called specialists are mad or we the public are mad to listen to them.

    • Geetha says:

      These doctors are one track-minded and shortsighted technocrats who can recommend only one solution ,lockdown, as the panacea for all the problems in the country.

      Doctors are medical professionals but they have forgotten that there are other professionals of different disciplines who can make better decisions about economic management of the country.

      Do doctors take the responsibility for economic fallout of the country resulting from their recommendations?

  2. rakitha says:

    Lankawe wadipura gahanne sinopharm. Ethakaota marana wadi wenne puluwan anith. injection 100,00 kata 5 k marena ekada 1000 kata ekak marena ekada kiyal pahadili naha. Meka anupathayak widihata hadala ratata pennanna.

  3. tommy says:

    දැනටමත් රට වහන්හිටිය වැඩියි.ලෙඩේට විසදුමක් හොයන්න පරීක්ෂණ කරන එක නෙමෙයි මුන්බලන්නේ ගුල් අස්සට වෙලා හැංගිලා ඉන්න එක . ඔයවගේ විසදුම් දෙන්න විශේෂඥ වෛද්‍යවරුන් ඕනෙ නෑ ගමේ අප්පුහමිගෙන් ඇහුවත් ඊටවඩා හොද විසදුමක් දෙයි.

  4. Nethmi De silva says:

    සයිනොෆාම් තමයි අපිත් ගැව්වේ. සයිනොෆාම් තමයි අපේ රටට ලේසියෙන්ම ගොඩක් ආව එන්නත. ඒ නිසා ඒ එන්නත තුලින් මෙහෙම මරණ වැඩි කියා කියා මේ වෙලාවේ නැති එන්නත් පස්සේ මිනිස්සුන්ව යවන්න හදන්න එපා ..

  5. සමන්ත says:

    මුන්ට පිස්සු දැඩ් සංචරණ සීමා කොහේද තිබ්බේ. වෙනදට 25000 කට වැඩියෙන් PCR කරලා රෝගින්ක 3000 ක් හෝ ඊට වැඩියෙන් හොයා ගත්තා. දැන් PCR 10000 අඩුවෙන් කරලා රෝගින් 2000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් සොයා ගන්නවා. PCR අඩු කර රෝගින් අඩු කරන එකම රට ලංකාවයි. මේ අයට පිස්සු ඇත්තටම.

  6. shaman says:

    we should open the country now , doctors have to give a proper solution rather given statements to media always, doctors are not actors they have to find a proper solution, other countries already get normal now, these some doctors and health people most of the time in media.they can easily say go for a lockdown then wt happened to daily income people,wt about people are stuck in houses there mental health .no body talks about those, easy word is LOCKDOWN .,,,if doctors do there work & find a solution no need to go for lockdown .also people have to responsible more and support them,i think this lockdown was not the solution now its time to open ,

    • Jubee says:

      Lock down niyama akaren kriyathmakath na.Athayawasya sewa laba diya යුතුයි game num siyalu athwada කරුවන් රැකියා wala නියුතු wenawa.

      විදේශ රටවලට යාමට sitina 20 -40 අතර අයට නොමිලේ hoda පිළිගත් එන්නත ලබාදිය යුතුයි .කිසිවෙක් ee gana balanna.pfizer ennath tika political wela.දුප්පතුන් ලියාපදිංචි ගාස්තු 16000 ගෙව්වම vaccine eka denawa.දුප්පතුන් ta අමාරුයි .kohomath me boru වැඩපිළිවෙළ.

  7. NuwanJ says:

    අවසාන වශයෙන් , සමාජයේ වයස 20 සහ 30 අතර තරුණ කණ්ඩායම් සඳහා sinopharm එන්නත ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බව සෞඛ්‍ය ඉගැන්වීම් මඟින් මනාව පැහැදිලි කර දී ඔවුන්ට sinopharm එන්නත ලබාදීම මගින් ලංකාවට අවශ්‍ය කරන එන්නත්කරණ ඉලක්ක ඉතා ඉක්මනින් සපුරා ගැනීම මේ මොහොතේ දී අත්‍යවශ්‍යම කාරණයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.

    – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

    ඉහත Title එක නිසා වැරදි මත ඇතිවෙන්න පුලුවන් කියවල බලන්න කියල තියෙන්නෙ සුලු වශයෙන් අනිත් ඒවට සාපේක්ෂව වැඩිය කියල. එක වැඩි එනනත් ගානක් sinopharm නිසා වෙනත් පුලුවන් අනික තරැන අයට හොදම එක ලෙස sinopharm නිර්දේස කරල තියනව

  8. වංචාවට වහාම තිත තබා මාත්‍රෘභුමිය වංචනිකයන්ගෙන් මුදාගැනීමට කාළය පැමිණ තිබේ,.! says:

    ”මහාචාර්ය නලින් ද සිල්වා මහතානෙනි” වහාම මාත්‍රෘභුමියට පැමිණිය යුතුයි,.!

    වංචනික ඇලෝපාතික වෙෙද්‍යවරැන් යැයි කියාගනිමින් , මහාචාර්‍යයන් යැයි කියාගනිමින් බටහිර ගැති වහල් පාහරයන්, වෙෙද්‍යනාට්ටාමිලා නොහොත් මිනිකාක්කන්ගෙන් රට ඡාතිය බේරාගතයුතුයි,.!
    , කුමන්ත්‍රණකාරී ලෙස බරපතල වංචාවක යෙදෙමින් ඵන්නත් ආනයනය කරමීන් ”පී සී ආර්”නැමැති තනිකර වංචනික ක්‍රියාදාමයකින් ඡනතාව බියගන්වමින් ඡනාධිපතිතුමා බුරැවෙකුට සමාණ කරමින් සෞඛ්‍ය පාහරයන්ගෙන් බටහිරයන් සමග ඵකතුව අමුතුම තාලයේ ත්‍රස්ථවාදයක් රටතුළ ක්‍රීයාත්මක කරනු ලබයි,.!

    ”මහාචාර්ය නලින් ද සිල්වා මහතා රටතුළට වහාම පැමිණ මාරාන්තික යැයි පවසන ”වෙෙරසය ශ්‍රීලංකාව තුළ පවතින බවට පැහැදිලි සාකෂි ස්‍රෘඡුවම ඉල්ලා සිටිය යුතුයි,.! පි සී ආර් වංචාව සමාඡ මාද්‍ය ඔස්සේ නිරාවරණය කළ යුතුයී,.!

    ”කිසියම්ම වෙෙරසයකට කිසිම ලෙසකින් අදාලත්වයක් නොමැති ප්‍රෝඩාකාරී ”ඉතිහාසගත ඵනනත් කුමන්ත්‍රණය” සහ ”පී සී ආර් වංචාව” , වහාම රටට නිරාවරණය කිරීමට කටයුතු කළ යුතුයි,.!

    ඡනතාවගේ ඡනඡීවිත අඩාළකරමින් නිදහස සමපූරණයන් අහෝසිකරමින් නානාවිධ මාෆියාවන්ට ඡනතාව සුරාකැමට ඉඩ හැරීම සහ, කුමන්ත්‍රණකාරීලෙස බටහිර බලවේගයන්ට සහ බෙහෙත් යැයි කියාගන්නා වස විස ඡාවාරංක මෙහෙයවනා ”අලොපාතික සුණඛයන්ට” විරැද්ධවව වහාම ක්‍රියාතමක විය යුතුයි,.!

    ඉතිහාසගත දැවැන්ත කූඨ මාෆියාව නොහොත් කුමන්ත්‍රණකාරී ඵන්නත් ත්‍රස්ථවාදය රට තුලම නිරාවරණය කළ යුතුයි!

    “මේ මොහොතේ යම්කිසි මාරාන්තික වෙෙරසයක් රටතුළ වේනම් වහාම වෙන්කොට හදුනාගතහැකි දත්ත විවෘතව සමාඡයට නිරාවරනය කළ යුතු බවටත් , ”පී සී ආර්” වංචාවේ වංචනික ප්‍රෝඩාව සමග රටට ලෝකයට හෙළිකළයුත කාළය බැවින් මූළිකත්වය ගෙන හෙළ වෙෙද්‍යවරැන් සමග සෘඡුව සටනට පැමිණිය යුතුයි,.! රඡයේ සෞඛ්‍ය අංශ වලට වහාම බලපෑම් සිදුකර අරැමපුදුම සුවිශේෂ වෙෙරසය පවතින බවට දත්ත සාකෂී සහ අලොපාතික පාහරයන් ඡනතාව බියගන්වනා සුවිශේෂී වෙෙරසය වෙන්කොට හදුනා ගැනීමට පැහැදිළිවම වෙෙරසයේ සංයුතිය සහිතව ඔප්පු කරන ලෙසට බලපෑම් කළ යුතුයි,.!

    හිරැ,දෙරණ,සියත,සිරස, ද ඇතුළුම සියළු වංචනික ‘ඡඩ මාද්‍යන්’ බටහිර ඵ්නත් මාෆියාවේ වංචනික ඩොලර්වලට යටවී ඡන සමාඡයක් භීතියට පත්කරමින් ඡන සංහාරයකට සහයෝගය දක්වන්නේ සුණකයන් මළපහ බුදින්නාසේ මුදලට දක්වනා පහත් ගුඡුප්සාඡනක කෑදර කමනිසාවෙනි,.!

    බටහිරයන් සමග අලෝපාතික පාහරයන් සිදුකරන කුමන්ත්‍රණයට ,වංචාවට වහාම තිත තබා මාත්‍රෘභුමිය වංචනිකයන්ගෙන් මුදාගැනීමට කාළය පැමිණ තිබේ,.!

Main News