සදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..
June 18, 2021 at 1:41 pm | lanka C news
ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම නැවත ක්‍රියාත්මක කෙරේ.
ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.
කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය. දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ගෙන්වා තිබේ. ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
දැන් එතකොට කොරෝනා ආසාදිතයන් ගණන අඩුවෙලාද? කොරෝනා ආසාදිතයන් ගණන අඩුවෙන්න පෙර සංචරන සීමා ඉවත්කොලොත් මේවෙනකං දාපු සංචරන සීමාවේ ප්‍රතිපල නැතිවෙනවා. ඒපැත්තටත් නෑ, මේපැත්තටත් නෑ වගේ.
අනේ නිකං ඉඳපං බොරු කයිය නැතුව, ජනගහනයෙන් 60%කටවත් ප්‍රතිශක්තිය ඇති වෙනකම් වසංගතේ නවතින් නෑ. උඹ කියන විදිහට එන්නත් ගහලා ඉවර වෙනකම් මුලු අවුරුද්දම රට වහලා තියන්න තමා වෙන්නෙ..
ආසාධිතයන් වැඩි නං, ආසාධිතයන්ට ප්‍රතිකාර කරන්න වෙනවා
ඒකට බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමය අසමත් නිසා වෙනත් වෛද්යක්රමයකට ඉඩ දෙන්න වෙනවා
එන එන හෙම්බිරිස්සා ප්‍රභේද වලට ,
වැක්සීන් එනකං ඉන්න එක හෝ
රට වහං ඉන්න එක්ක ප්රායෝහික නැති මෝඩ ක්‍රියාවක්
ඉඩ දෙයි බලන් හිටපන් අපේ ජනපති ඔය මිත්‍යා විශ්වාස කරනෙ නෑ..
ඔව් ඔව්. එතුමා ඔය මිත්‍යා විස්වාස වලට නෑ. අනුරාදෙපුරේ නානක්කා මෑනියා ගෙ කිම්බ සිබින්ඩ ගියෙත් නෑ කවදාවත්. හරි කෙලින් මිනිහෙක්.
good
ona pathi witarak full lock karanna
anith pathi walata denna shanayak busssiness karanna
It’s not good decision. Country in very very bad situation. Majority of Sri Lanka people are carleess. no discipline. Need close until mid of July. Can’t do anything Avery body must sacrifices. Government cannot do all. People must take & concern own protection.
Open for three days and then close for one day ??? Not sure of this logic… Hopefully people will behave better this time…..
ඔන්න අපි කලින්ම කිව්වා මේක තමයි දවසේ ලොකුම ඇන්දිල්ල. අනිවාර්යෙන් 20 රෑ වෙනකොට ඔය තීරණේ වෙනස් වෙලා එළියට බහින්න ලෑස්ති වෙලා ඉන්න ඔක්කොගෙම හුලං යනවා චු.. ස්.. ස් ගාල. එහෙම නැති උනොත් 21 හවස් වෙනකොට අනිවා ආයේ සංචරණ සීමා දානවා. දාස් ගාණක් මිනිස්සු නැති වෙලා ඉන්නේ. පන්දාහේ කතා මේ පාර ටීවි එකේ නිවුස් වල විතරයි. මිනිස්සු ඒ තරම්ම පීඩනයකින් සහ වෛරයකින් ඉන්නේ මේ රජය ගැන.
හරි කට්ටිය ලැහැස්ති වෙන්න බුබුල ක්‍රමයට දෙමටගොඩ ඉඳන් ලංකාවේ අනිත් පෙදෙස් වලට සංචාරය කරලා ඇල්ෆා ආදී ණෑයින් මුණ ගැහෙන්න.
ඉතාම හොඳ ක්‍රියාවක්
රට ඇරීම
දැන් ප්‍රතිකාර කරන්න පුලුවන් වෛඳ්‍ය ක්‍රමයකට ඉඩදීමත් කල යුතුය.
නැත්තං බටහිර ඇලොපති අඩෝඇඩියා කාරයන් ගේ කියවිලි මැසිවිලි අහ අහ රට වහං ඉන්න එක ඇර වෙන විකල්පයක් නෑ ගගා ඉන්න මෝඩ වැඩේ තමා කරන්න වෙන්නෙ.
ආයෙමත් අසාර්ථක වෙනවා. මේ විදිහට කොවිඩ් පැතිරෙන එක නවතින්නේ නැහැ . සති දෙකක් ඇදිරි නීතිය තදින් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි .
කොහොමත් එතුමා ෆේල්නෙ බන්.
@ ගොන් ගමයෝ, රට වහගෙන කොච්චර කාල් ඉන්න ද ? එතකොට මේකේ කන්න බොන්න නැතුව ලිස් ලොන් කුලී ගෙවා ගන්න බැරුව මිනිස්සු සියදිවි හානි කරන් ඉඳියි.
ගොනෙක් වගේ ආන්ඩුවේ පිං පඩි අරන් රටට බරක් නොවී පුළුවන් නම් පඩි නොගෙන හිටින්. අන්න එතකොට තේරෙයි දවසේ ගානේ හම්ම්බූ කරන මිනිස්සුන්ගේ වටිනාකම.
Oya arinawa kiyanne mokadda
අරිනවා කියන්නෙද ? පුළුවන් නම් අර 69 ලස්සේට කතිරෙ ගහපු දාර වස්සෙක් හොයාගෙන අහන්න බලන්න
හොඳට පැහැදිලි කරලා දෙයි ආයේ ජීවිතේට ම මතක හිටින්න.
රට අරින එක නම් හොඳ යි නැත්නම් මිනිස්සු කන්න නැතිව මැරෙනවා