සදුදා සිට විරෝධතා මාලාවක් අරඹනවා..

October 24, 2021 at 8:02 am | lanka C news
සදුදා සිට විරෝධතා මාලාවක් අරඹනවා..

සදුදා දිනයේ සිට පාරට බැස විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ජීවන බරෙන් මිරිකී ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත් එනිසා රාජ්‍ය පෞද්ගලික හා වතු ශ්‍රේෂ්ඨ සියල්ලම නියෝජනය කරමින් මෙම විරෝධතාවය ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

ජනතාව ඉතා අසීරු තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක ජනතාවගෙන් අරගල කිරීමේ වගකීම තම වෘත්තීය සමිති මධ්‍යස්ථානය භාර ගන්නා බව ද ඔහු පවසයි.

ඉදිරියේ ඉදිරි කාල සීමාවේ ඒකාබද්ධ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවත් ඒ සඳහා එක් වන්නට කැමැති සියල්ලන්ටම ආරාධනා කරන බවත් ඔහු පැවසුවේය.

11,229 views

13 Comments to “සදුදා සිට විරෝධතා මාලාවක් අරඹනවා..”

  1. කෙලවල්ලා says:

    හැබයි ලක්ෂ පහ හයක් රජයේ රැකියා වලින් එලවල දුන්නොත් රටට කරන ලොකු සේවයක් වෙලාවෙ හැටියට.

  2. Saradiel says:

    ඇයි මුන් රනිල් ඉන්න කාලේ මේවා කෙරුවේ නැත්තේ මුන් ගැන ලැජ්ජයි.

  3. විරෝධතා ගුටිමාලා says:

    තමුන්ට ගුටි මාලාවක් ලැහැස්ති වී ඇති බව දන්නේ නැතිව වගෙයි …

Main News