‘සනත් ගුණතිලක හා අරවින්ද පෙරේරා’ ධම්මික පෙරේරාගේ වීඩියෝවක් සමාජ ජාලවල ඉගිල්ලේ…

June 10, 2022 at 10:02 pm | lanka C news
‘සනත් ගුණතිලක හා අරවින්ද පෙරේරා’ ධම්මික පෙරේරාගේ වීඩියෝවක් සමාජ ජාලවල ඉගිල්ලේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා දැනට දින කිහිපයකට පෙර සිදු කරන ලද රූපවාහිනි සාකච්ඡාවක කොටසක් මේ වන විට සමාජ ජාල වල සංසරණය වෙයි.

හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන එක්වෙමින් අදහස් පළ කරද්දී මෙරට ජනප‍්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වාගේ නම් ඔහුට අමතක වී තිබිණි.

ඔහු ඒ වෙනුවට සඳහන් කරන ලද්දේ සනත් ගුණතිලක සහ අරවින්ද පෙරේරා ලෙසයි.

208,728 views

57 Comments to “‘සනත් ගුණතිලක හා අරවින්ද පෙරේරා’ ධම්මික පෙරේරාගේ වීඩියෝවක් සමාජ ජාලවල ඉගිල්ලේ…”

  1. kuvera says:

    මෙතන වැදගත්ම දේ ධම්මික මොනවද කරන්නෙ කියන එකයි. ලංකාවේ පොහොසත්ම පුද්ගලයා උනේ දෙමව්පියන්ගෙ ලැබුන දේපලින් නෙවේ. සූදු කෙලල කොමිස් ගහල නෑ.. මෙයා පටන් ගත්තෙ වට්ටක්කා ගෙඩියෙන්, වික්කා කැසිනෝ මැෂින්, කොටස් වෙළඳ පොල… ෆිනෑන්ස් කොම්පැනි,සම්පත් බැංකුව, රොසෙල් සහ ලංකා ටයිල්ස් වගේ ආයතන එහෙමනම් මේ වෙනකොට කඩා වැටෙන්න ඕනෙ මෙයාගෙ හොරකම් අසමත්කම් නිසා. ඒ හැම ආයතනයක්ම තව තවත් ඉදිරියට ගියා ධම්මික නිසා. මේකෙන් පෙන්නනෙ ක්‍රිකට් වගේ දවසම කාලෙ කන ක්‍රීඩාවක් කිසිම දවසක බලල නෑ කියන එකයි. අපේ එවුන් කන්න නෑ බොන්න නෑ ඉන්ධන නෑ කියල දවස ගානෙ ටීවී එකේ අඬනවා.. ඒත් මැච් එකට ටිකට් ඔක්කොම විකිණෙනවා. දම්මික කියන්නෙ කාලෙ කන එකෙක් නෙවි.. කාලෙන් වැඩ අරගන්න එකෙක්. ධම්මිකට ඕනෙ වැඩ දන්න මිනිස්සු. ඩිග්‍රී එහෙම ගහල වැඩ දන්නෑ, නිර්මාණෂීලී නෑ, වෙනස් විදියට හිතන්නෙ නෑ, සරල වැඩේ වටේ යන අය ධම්මික එක්ක වැඩ කරන්න අකමැතියි. ලොකු පඩි ගන්න වැඩ්ඩො කවදාවක්වත් හොරකම් කරන්නෙ නෑ.. මොකද ඒ අය කරන වැඩේ අත්විඳිමින් කරන අය. ඒත් ලොකු පඩි ගන්න වැඩ බැරි දාසලා හොරකම් කරනවා. මේ දෙක පටලවාගන්න එපා. මේක හොඳ ආරම්භයක්. මෙතෙක් කල් නූගත් කපටි දූෂිත පොරවල් ඇමතිල කරල අපි අත පුච්චගත්තා. ඒත් ධම්මික උගත් වගේම තමන්ගේ ව්‍යාපාරික උපක්‍රම වලින් ලාභ ලබන කෙනෙක්. අපේ කුහකයෝ හැම දේම ඇදයක්මයි දකින්නෙ. ධම්මික ආව කියන්නෙ ඉදිරියට ධම්මික වගේ රටට වැඩක් කරල සල්ලි ගේන මිනිස්සු දේශපාලනේට එන්න හොඳ ප්‍රවනතාවයක්.

  2. Nalin says:

    Its a mistake , but thinking paton strategies ara eexcellent …i hope can do something for country other than 225..

  3. ලංසියා says:

    ධම්මික වෙනුවෙන් ගොඩක් ලියලා….. ධම්මික කියලා ලියලා වගෙයි…..

    • gansiya says:

      ලංසියාට ගොඩක් රිදිලා වගෙයි. ඒත් කියන්න තරම් තර්කයක් කෙටෙන්නෙත් නැති එකේ අධෝවාතයක් ඇරලාවත් යන්න එපැයි. ඔය නම දාගන්නෙ හිතුනේ පරබීජ ප්‍රශ්නයක් නිසාද?

    • Dinesh says:

      ලංකාවට කුණු ගෙනාපු හැටිත් ඔහොන්මම කොටාගෙන පලයං. හොරකං කරන දේශපාළුවන් ගෙයි සල්ලි වලට ඕනෑම දෙයක් කරන දම්මික යගෙයි අතර වෙනසක් මම දකිනිනෙ නෑ.
      රාජපක්ෂල බලයට එන්න කලින් මුගේ වත්කම් සහ බලයට ආපසු වත්කම් ප්‍රකායක් අරන් බලපං.

    • Alapaluwa says:

      අම්මෝ වට්ටක්කා ලෝරි ගණන් විකුණන එවුන් කොහොම පෝහොසත් වෙන්න ඕනේද? දැන් බලයි එක ගෙඩියකින් මෙතරම් විශාල දෙයක් බවට පරිවර්ථනය කළේ තමාගේ දක්ෂ කම නිසා කියා.නැහැ ආන්න එතනයි වැරදුන තැන.මෙතනින් එහාටත් ගිය කථාවක් තිබෙනවා අපි කවුරුත් නොදන්නා.බලමු ආවාට පසු නැතිව රාජපක්ෂලාවගේ කෙළින්න ගියහොත් එයාවත් යවන හැටි ජනතාව හොඳටම දන්නවා.Alapaluwa

  4. රටවැසියා says:

    මම දන්නෙ නෑ මේ මනුස්සය මොනව කරයිද කියල. හැබැයි වැඩක් කරයි කියල හිතන කවුරු හරි මනුස්සයෙක් බලයට එනව දකින කොට පොහොට්ටු, යූඇම්පී, ජේවීපී, ටෙලෆෝන් දේසපාලන ඉහඳ පනුවො පිස්සුවෙන් වගේ ඳගලනව උන්ගෙ අනාගතයට කෙල වෙයි කියල බයේ.

Main News