සනත් නිශාන්තගේ මල්ලී පසුපස පොලිසිය පන්නයි.. ඔහු සැගවෙයි..

April 3, 2022 at 4:40 pm | lanka C news
සනත් නිශාන්තගේ මල්ලී පසුපස පොලිසිය පන්නයි.. ඔහු සැගවෙයි..

පුද්ගලයන් තුන් දෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ පුද්ගලයන් තුන් දෙනෙකු ට පහර දී තුවාල සිදු කිරීමේ සිදුවීමක් පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙමින් ඇති බවයි.

හලාවත ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංවිධායක සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුගේ නිවසටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුගේ ද නිවසටත්ය.

එම පහරදීම් වලින් ලොරි රථ දෙකකට වෑන් රථයකට හා යතුරු පැදියට අලාබ හානි සිදුව ඇත.

තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

43,739 views

17 Comments to “සනත් නිශාන්තගේ මල්ලී පසුපස පොලිසිය පන්නයි.. ඔහු සැගවෙයි..”

  1. saman says:

    බොරුවට හොයනවා දැක්කේ නෑ වගේ යනවා

  2. 69 ලකෂයේ පොරොන්දු වහ වහා ඉටුකිරීමට පියවර ගනු,.! says:

    රට නිවැරදි මාවතට ගැනීමට බළයට පැමිනි ඡනාධිපති වහාම 69 ලකෂයේ පොරොන්දු වහ වහා ඉටුකිරීමට පියවර ගනු,.!

    බෑ සිල වංචනිකයා වහා ඉවත්කර,.
    වංචනිකලෙස රාඡ්‍යභාන්ඩාගාරයේ මුදල් අවභාවිතා කරනා සියළු පිරිස්වෙත නීතිය ඉටුකිරීමට පියවර ගනු,.!
    අක්සා සෝෆා ඵම් සී සී සියළු ඇතුළුව සවෙෙරීතවය පාවාදුන් නීතිවිරෝධී විදේශික ගිවිසුම් වහාම ඉරා දමා සවාධිපත්‍ය ආරකෂා කිරීමට වහාම පියවර ගනු,.!
    ”විගනන පනත වහා බළාත්මක කර දේශපාළුවන් නීතියට යටත්කර , 69 ලකෂයේ පොරොන්දු වහ වහා ඉටුකිරීමට පියවර ගනු,.!

  3. ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

    දුටුවොත් නෙලා නෙලා
    ගල්කැට අහුලලා…
    ගෙන යමු පොලිස්සියට
    උගෙ ඇට දෙක තලා…

    (කුල්ලෙං පොලා පොලා…..)

    • මැදමුලනෙ මුත්තා says:

      උඹනම් පට්ට ආතල්බම් දෙන්නෙ.

  4. Prasanna says:

    විමලා කොහෙද

  5. කොනක පාල says:

    මෙවැනි ජඩ දෙශපාලන හාල්පාරැවො මෙ අරගලයේන් ම අතුගා දැමිය යුතුයි

    මුන් රටටත් මුඑ මහත් සසමාජයටත් පිළිල මුන්ව මුලින් උපුටා දැමිය යුතුයි

  6. TNA says:

    He is protected by jara police

  7. 0.0069 Biyyo says:

    දුටුවොත් නෙලා නෙලා
    ගල්කැට අහුලලා…
    ගෙන යමු පොලිස්සියට
    උගෙ ඇට දෙක තලා…

    (කුල්ලෙං පොලා පොලා…..)

  8. Kapila says:

    ඔට්ටුයි මෙය පොලිසියෙන් අල්ලන්නේ නෑ. එයාම ඇවිත් බාර වෙනවා. ඊට පස්සේ ඒ වෙලාවේම ඇප දෙනවා. උසාවි දාන්නේ නෑ. අපි නොදන්නා පොලිසිය!!!!!

  9. Dp says:

    හොයනවා කියලා බොරුවට වට දෙකක් කරකිලා ආපහු යයි. අපි නොදන්න පොලිස්

  10. LalithM says:

    වෙන අයට කරන විදිහට අයිය අම්ම තාත්ත පවුලේ එවුන් අල්ලල ඇට කුඩුවෙන්න දුන්නම අදාළ එකා උන්ට ආදරයක් තියේනම් භාරවෙයි.

Main News