සනත් නිශාන්තගේ මල්ලී පසුපස පොලිසිය පන්නයි.. ඔහු සැගවෙයි..

April 3, 2022 at 4:40 pm | lanka C news
සනත් නිශාන්තගේ මල්ලී පසුපස පොලිසිය පන්නයි.. ඔහු සැගවෙයි..

පුද්ගලයන් තුන් දෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ පුද්ගලයන් තුන් දෙනෙකු ට පහර දී තුවාල සිදු කිරීමේ සිදුවීමක් පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙමින් ඇති බවයි.

හලාවත ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංවිධායක සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුගේ නිවසටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුගේ ද නිවසටත්ය.

එම පහරදීම් වලින් ලොරි රථ දෙකකට වෑන් රථයකට හා යතුරු පැදියට අලාබ හානි සිදුව ඇත.

තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

43,739 views

17 Comments to “සනත් නිශාන්තගේ මල්ලී පසුපස පොලිසිය පන්නයි.. ඔහු සැගවෙයි..”

  1. SLA says:

    මේ කාලකන්නින්ට නාම යෝජනා දෙන්න බැරි වෙන්න නීති හදන්න ඕනේ.

  2. Jude perera says:

    Mr oxygen

  3. lolla says:

    කන දවස වැඩි ඈතක් නෑ

  4. Wimal says:

    අයියා allan ගිහින් මල්ලිට bara වෙන්න කියන්න

  5. Upul says:

    Get these thug families to understand people do not tolerate these nonsense anymore.

  6. CHAMINDA - SADA STF says:

    ME PARA HUKAWALAMA GANNAM PODDAK INNA ….

Main News