සන්ඩේ ලීඩර් වසා දමයි.. දොට්ට දැම්ම ඇමති සල්ලි නොදෙයි..

October 14, 2017 at 2:10 pm | lanka C news
සන්ඩේ ලීඩර් වසා දමයි.. දොට්ට දැම්ම ඇමති සල්ලි නොදෙයි..

සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක් වන සන්ඩේ ලීඩර් පුවත්පතේ මුද‍්‍රණ කටයුතු නවදා දමා ඇති බවට අන්තර්ජාල මාද්‍ය ගණනාවක් වාර්තා කර ඇත.

මෙම පුවත්පත මුද‍්‍රණය කරන්නේ ලීඩර් පබ්ලිකේෂන් ආයතනය විසින් වන අතර බලපා ඇති දැඩි මූල්‍ය අර්බුදයක් හේතුවෙන් මුද‍්‍රණ කටයුත්ත නවත්වා ඇතැයිද සදහන්ය.

මෑතකදී ආන්දෝනලනයකට ලක් වූ හිටපු ඇමති වරයෙක් මෙම පුවත්පතට මුදල් යොදවන බවටද පැවසෙයි.

මෙම ආයතනය විසින්ස ප්‍රකාශයට පත්කරන ඉරුදින පුවත්පද මුද‍්‍රණ කටයුතු අත්හැර දමා ඇත්තේ දැනට කලකට පෙරදීය. කෙසේ වෙතත් සන්ඩේ ලීඩර් කර්තෘ ඊශ්වරන් රත්නම් මහතා පවසන්නේ පුවත්පතේ මුද‍්‍රණ කටයුතු මේ සතියේ පමණක් නවතා දැමුවත් දිගටම නැවතීමේ තීරණයක් නැති බවත්ය.

52 views

4 Comments to “සන්ඩේ ලීඩර් වසා දමයි.. දොට්ට දැම්ම ඇමති සල්ලි නොදෙයි..”

  1. DT says:

    හරි වැරදි කතා නොකර අනුන්ට මඩ ගහන එවුන්ට මෙහෙම වෙනවා

  2. සේරසිංහ says:

    අපරාදෙ මහාරාජා ට කඩේ යන්න ගිහින් ඔය මඩ පත්තරේ නිසා අර හොඳට හිටපු ලසන්ත වික්‍රමතුංග මළා,

  3. Wijaya says:

    තවත් වාතයක් ද්‍රමාර් වෙයි!

Main News