සන්ධානය බහුතරය ඇති බව කියයි… රනිල් ඉවත් නොවුනොත් නිමල් සිරිපාල අගමැති කරන්න යෝජනා කෙරේ..

February 19, 2018 at 12:06 am | lanka C news
සන්ධානය බහුතරය ඇති බව කියයි… රනිල් ඉවත් නොවුනොත් නිමල් සිරිපාල අගමැති කරන්න යෝජනා කෙරේ..

පාර්ලිමේන්තුව තුල බහුතර මන්ත‍්‍රී පිරිසක් තමන් සතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

ජනාධිපති නිල නිවසේදී ඊයේ රාත‍්‍රියේ පැවති හමුවේදී මෙම දැනුම් දීම කර තිබේ.

මේ තත්වය මත අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් නොවුවහොත් සන්ධානයේ අගමැතිවරයෙකු පත් කිරීමටද ජනාධිපතිවරයාට යෝජනා කර ඇති අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට යෝජනා වී ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අදහස් වී ඇත්තේ විශ්වාස භංගයක් මගින් අගමැතිවරයා ඉවත් කිරීම සිදු කරන ලෙසන් එසේ නොවන්නේ නම් නීතිපතිගේ මතය විමසිය යුතු බවත්ය.

11 views

9 Comments to “සන්ධානය බහුතරය ඇති බව කියයි… රනිල් ඉවත් නොවුනොත් නිමල් සිරිපාල අගමැති කරන්න යෝජනා කෙරේ..”

  1. Love nature says:

    මේකත් සිරිසේනගේ රුකඩ නැටුමක් වගේ පේන්නේ

  2. Gadol says:

    කිරි බත් කන්න ලෑස්ති වෙමු

  3. sayumi says:

    Sirisena මේ හදන්නේ සන්ධාන ආන්ඩු හැදිල්ලෙන් කර අරින්නයි.විශ්වාස භන්ගෙන් පැරදුනොත්- මට කරන්න දෙයක් නෑ දැන් රනිල් දිගටම අගමැති කියන්නයි. අනික නීතිපතිගෙන් එක පරාකුත් ඇහුවනෙ. ආයි මොනව අහන්නද. ඊට හොඳයි හොරාගෙ අම්මගෙන් පේන අහනවා.

  4. menu says:

    මෛත්‍රී ජනාධිපතිට තව නිදහස් උත්සව 01යි….මේ අන්තිම මොහොතේ ගිලෙන නැන බේරාගන්න පොහොට්ටුව බිල්ලට ගැනීමට සැරසේ…ඒකාබද්ධ විපක්ෂය සියදිවි නසා ගන්නේ මෙදා සැරේ මෛත්‍රීගේ ලණුව කාපු වෙලාවටය…..

  5. Gayan says:

    Nimal Siripala Dakina Sihina!

  6. Asaranaya says:

    ආප්ප කා මාරුවූ ආප්පයා දැන් ඉඳිආප්ප කන්න පටන් අරන් ,ඉඳිආප්පේ උගුරේ හිරවූනාම වතුර ටිකක් වත් දෙන්න ඉඳිආප්පායට කවුරුත් නැතිවීම හරිම දුකයි හිටන්

  7. Open mind says:

    අයියෝ සිරිසේන…..අයියෝ සිරිපාල……..

  8. අය්යෝ ඕවත් වැඩද? says:

    .අයියෝ සිරිසේන….අය්යෝ මොයි පාල …..……අය්යෝ කයි පාල .අයියෝ සිරිපාල

  9. සිරිකොත ද our නීතිපති.ඉන්නේ. says:

    අනේ මුන්දෑගේ මලකෝලං. සිරිකොත ද our නීතිපති.ඉන්නේ. රැටද හුටන් එහෙ යන්නේ.

Main News