සන්ධානය යලිත් ජාතික ආණ්ඩුවකටද… මහ ලේකම් අමරවීර හෙලි කරයි..

March 25, 2019 at 2:10 pm | lanka C news
සන්ධානය යලිත් ජාතික ආණ්ඩුවකටද… මහ ලේකම් අමරවීර හෙලි කරයි..

එක්සත් ජාතික පක්‍ෂය සමගින් නැවතත් ජාතික ආණ්ඩුවක් ඇතිකිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු තීරණයක් ගෙන නැති බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූයේ නැවතත් ජාතික ආණ්ඩුවකට එක්වීමට නොවන බවද ඒ මහතා සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍ය යයිද මහ ලේකම්වරයා කියා සිටී.

නමුත් විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු පුද්ගලිකව ආණ්ඩුවට එක්වුවහොත් එය පුද්ගලික තීන්දුවක් බවත් නමුත් එය පක්‍ෂය විසින් අනුමත නොකරන බවත් ඔහු තව දුරටත් කියයි.

55 views

2 Comments to “සන්ධානය යලිත් ජාතික ආණ්ඩුවකටද… මහ ලේකම් අමරවීර හෙලි කරයි..”

  1. උබල මාර ආන්ඩු විරෝදීන් කියල අපි දන්නව…බජට් එකේදිත් ආන්ඩුව පැරැද්දුවනෙ…හාල්පාරුවො…

  2. Love nature says:

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නහී…. බල තණ්හාවේ යක්ෂයා දැන් ආවේශ වෙන්නට ඔන්න මෙන්න

Main News