සන්ධාන ආධාරකරුවෙකුට පොහොට්ටු අපේක්‍ෂක පිස්තෝල පෙන්වා තර්ජනය කරයි..

January 29, 2018 at 5:30 pm | lanka C news
සන්ධාන ආධාරකරුවෙකුට පොහොට්ටු අපේක්‍ෂක පිස්තෝල පෙන්වා තර්ජනය කරයි..

මෙවර පළාත් පාලන මැතිවරණයට ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට ඊයේ (28) රාත්‍රියේ පහරදීමක් සිදු කර තිබේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබු ආධාරකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එජනිස අපේක්ෂකයාගේ ආධාරකරු ඊයේ රාත්‍රි 11.30ට පමණ අපේක්ෂකයාගේ නිවසේ සිට සිය නිවස කරා යමින් සිටියදී මෙම පහරකෑමට ලක්ව තිබේ.

අදාළ ආධාරකරුට පිස්තෝලයක් පෙන්වා බියවද්දා බරපතල ලෙස පහරදී ඇති අතර එම පුද්ගලයාගේ කෑගැසිමත් සමග අසල්වාසීන් පැමිණ මෙම පුද්ගලයා බේරාගෙන තිබේ.

මෙසේ පහර දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල කොට්ඨාශයට තරග වදින් අපේක්ෂක රත්නපාල සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙ‍නෙකු විසින් බව මේ වනවිට හෙළි වී තිබේ.

පහරකෑමට සිදුකළ අපේක්ෂකයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍ර‍චාරණ කටයුතු වල නිරත වන්නෙකු බවත් පහරදීම සිදුකළ ආධාරකරුවන් දෙදෙනා එම ප්‍රදේශයේ නොවන බාහිර පුද්ගලයන් බවත් හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

– උදයංග සුරියආරච්චි

11 views

2 Comments to “සන්ධාන ආධාරකරුවෙකුට පොහොට්ටු අපේක්‍ෂක පිස්තෝල පෙන්වා තර්ජනය කරයි..”

  1. ranjith fernando says:

    මෙය නම් අසත්‍ය ප්‍රවෘතියක් විය හැකියි. හේතු දෙකක් නිසා. පලවෙන් එක පහරදුන් අය පිට පලාතකින් ආ අය බව, අනික රත්නපාල මහතා එවැනි පුද්ගලයෙක් නොවන බව. පස්සෙ එලියට එයි.

    • Asaranaya says:

      ඔව් ඔව් පොහොට්ටුවෙ නිසා අසත්‍ය ප්‍රවෘත්තියක්

Main News